(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අතර හමුවක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට අඛණ්ඩ සහාය ලබා දෙන බව මෙහිදී තුර්කි තානාපතිවරයා සඳහන් කළේය.
රජය විසින් ක්‍රියාවට නංවා ඇති “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පිළිබඳ තුර්කි ජනරජයේ ප්‍රශංසාව පළ කළ තානාපති සෙමි ලුට්ෆු ටර්ගට් මහතා ක්ලීන් ශ්‍රී ලංකා, ඩිජිටල්කරණ සහ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය අවම කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දෙන බවද පැවසීය.
එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික යන අංශවල ප්‍රවර්ධනය සඳහා වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් වෙනුවෙන් තුර්කියේ සහාය තවදුරටත් ලබාදෙන බවත්, ඒ වෙනුවෙන් වූ ගිවිසුම් කිහිපයකට ඉදිරියේදී එළඹීමට නියමිත බවත් තානාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය හැදෑරීම සඳහා දැනට පිරිනමනු ලබන ශිෂ්‍යත්ව 15ක කෝටාව ශිෂ්‍යත්ව 25 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර මෙම වසරේ අප්‍රේල් මාසයේදී තුර්කියේ සංචාරයක් සඳහා එක්වන ලෙසද මෙහිදී තානාපති සෙමි ලුට්ෆු ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනයක්ද සිදු කළේය.
තුර්කි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මර්වේ ගොඩ්සේ ඔට්ලු (Merve Gözde Otlu) මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තුර්කි ශිෂ්‍යත්ව කෝටාව වැඩි කරයි