(අමදෝරු අමරජීව )
ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනය සමරමින් අද (30) කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කරමින් පැවැත්වීමට සංවිධානය කළ පෙළපාළියක් තහනම් කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ. පායාස් රසාක් මහතා එය සංවිධානය කළ ත්‍රිකුණාමලය පදවිය භාර රදගුරු ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල් හිමිපාණන් ඇතුළු අට දෙනෙකුට එය සංවිධානය කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය .
ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය ඒ වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ මෙම පෙළපාලිය පැවැත්වීමත් තුළින් ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන බවත් මහජනතාවට හා දේපල වලට හානි සිදුවිය හැකි බවත්ය .
එ අනුව මේ සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් සලකා මහේස්ත්‍රාත්වරයා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.
මෙහි වග උත්තරකරුවන් ලෙස ත්‍රිකුණාමලය රදගුරු ක්‍රිස්ටියෙන් නොයෙල් මානුවෙල් හිමිපාණන් ත්‍රිකුණාමලය කාන්තා ජාලයේ සභාපති නීතිඥ මයුරන් ප්‍රශාන්තිනී,ත්‍රිකුණාමලය බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි සෙබස්තියන් දේවි මඩකලපුව බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනී අමිල නායගි,අම්පාර බලහත්කාරයෙන් අතුරුදහන් කර වූවන්ගේ සංගමයේ සභාපතිනි ජී.සෙල්වරාණි ,අහම් මානුසීය සම්පත් මධ්‍යස්ථානයේ සභාපති කණ්ඩුමනී ලවකුස රාජා මාධ්‍යවේදී කාර්තික් හයදීපන් හා රාමනාදන් ශ්‍රී ඥානේස්වරන් නොහොත් කන්නන් පොලිසිය විසින් නම් කර තිබුණි .
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රිකුණාමලයේ පෙළපාලියකට අතුරු තහනමක්