(සුජිත් හේවාජුලිගේ)
පැන්ඩෝරා පත්‍රිකාවල තමාගේ සහ තම බිරිඳගේ නම සඳහන් වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ස්වාධීන විමර්ශන නිලධාරියකු පත්කරන ලෙස හිටපු ඇමැතිවරියකවන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.
ඒ සඳහා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයකු පත්කිරීම වඩාත් සුදුසු බවද ඔහු එම ලිපියෙන් පෙන්වාදී ඇත.
එසේම තමා සහ තම බිරිඳ කිසිදු වරදක් කර නැති බවත් ඉදිරිපත් වී ඇති මෙම චෝදනාවලට නිර්දෝෂී යැයි සහතික වන බවත් නඩේෂන් මහතා එම ලිපියෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
පැන්ඩෝරා වත්කම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති නිරූපමා රාජපක්ෂ මහත්මිය හිටපු ඇමැතිවරියකි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් රජයෙන් පාර්ලිමේන්තුවේදී පෙරේදා (6) ඉල්ලීමක් කළහ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මසක් ඇතුළත තමාට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දුන්නේය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තිරුකුමාර් නඩේෂන්ගෙන් ජනපතිට ලිපියක්
kamal Wednesday, 06 October 2021 02:18 PM
හොරාට කළින් කණා වැට පැන්නද? පවු අහිංසකයා. මේ නරුම පැන්ඩෝරා පත්‍රිකා කාරයෝ වැදගත් නෝනා මහත්වරුන්ට අපහාස කරන හැටි...?
විජිත් Wednesday, 06 October 2021 02:46 PM
" බඩුත් හොරුන්ගේ - නඩුත් හොරුන්ගේ " කියලා කතාවක් තියෙනවා.
Bamunuarachchi Wednesday, 06 October 2021 03:00 PM
මෙන්න මම දකින විදිහ. තිරුකුමාර් නඩේෂන්ගෙන් මහතාගේ වත්කමයි ඩොලර් මිලියන 180 කියන්නේ. වත්කම කීවාම ඔහුගේ වතුපිටි, හරකාබාන, ගේ දොර ඉඩකඩම්, යාන වාහන. වෙළඳ පොලේ ඇති කොටස්, මේ සියල්ලම අයිති. මුදල් වශයෙන් තිබෙනවා කියන්නේ මිලියන 18 යි. ඒවා තිබෙන්නේ ඒ රටවල අදාළ බැංකුවල. ඒ රටවලට බදු ගෙවීමෙන් පසු. එහෙමනම් ජෙප්පෝ කියන විදිහට ඒවා කළු සල්ලි වෙන්න බැහැ. නීත්‍යානුකූලව වෙන රටක උපයන මුදල් මෙරරට ගෙන ආ යුතුද? එසේ කලොත් එම රටේ සිට බිස්නස් කරගෙන යන්නේ කෙසේද?
Nuwan Wednesday, 06 October 2021 03:28 PM
මෙයා 2016 බේරගන්න කියලා ලිව්ව ලියුමකුත් ලීක් වෙලා...
Don Wednesday, 06 October 2021 04:02 PM
මරු වැඩේ කියන්නේ දැන් හොරුම පරීක්ෂණ ඉල්ලන තැනට රට පත්වෙලා. පරීක්ෂණ නිලධාරියාවත් නිර්දේශ කරන්නේ හොරු...
විපරමා Wednesday, 06 October 2021 04:54 PM
ඔක්කොම එකම වල්ලේ පොල්.
Tissa Wednesday, 06 October 2021 05:15 PM
ගෙදර ඇතුලෙ කතා කරගන්න ඕන දේවල්වලට ලියුම් ලියලා පත්තරේ දාන්නත් ඕනෙද සර්?
සෑම් Wednesday, 06 October 2021 06:05 PM
මරු වැඩේ. ලිඛි තවම කියනවා තමාව අල්ලන්න කියලා.