(කේ. බුද්ධික කුමාරසිරි)
තමන් සමග තිබෙන අනියම් සම්බන්ධතාවය ගුරැවරියක වූ බිරිදට පවසන බවට තර්ජනය කර රැපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා එහි අවසන් මුදල් කොටස ලබා ගැනීමට ගිය කාන්තාවක සහ ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයකු අද (04) දින ගොඩගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි
පාදුක්ක වටරැක සෝමරත්න මාවත ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව ඇයගේ දරැවෙකු අමතර පංතියක් සදහා හෝමාගම ගොඩගමවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික ගුරැවරියකගේ නිවසකට යැවීමට කටයුතු කර ඇති බවත් ඒ අතරතුර එම ගුරැවරියරිගේ විශ්‍රාමික ගුරැවරයෙකු වන සැමියා සමග කතා බහ කර ඔහුගේ දුරකතන අංකය සැකකාර කාන්තාව විසින් ලබා ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
පසුව ගුරැවරියට හොර රහසේ සැකකාර කාන්තාව විසින් එම ගුරැවරියගේ සැමියා සමග කතා බහ කර දෙදෙනා අතර අනියම් සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇති බවත් පසුව ඇයගේ අනියම් සැමියාගේ උපදෙස් මත එම දුරකතන සංවාද තුලදී කතා බහ කරන සියලු දේ සැකකාර කාන්තාව විසින් පට්ගත කර තබාගෙන තිබූ බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
පසුව සැකකාර කාන්තාව විසින් විශ්‍රාමික ගුරැවරයාගෙන් මුදල් ලබාගෙන ඇති බවත් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කල අවස්ථාවේදී තමන්ට මුදල් ලබා නොදුනහොත් තමා සමග කතාබහ කල සියලු හඩපට ගුරැවරයාගේ බිරිදට ලබා දෙන පවසා ලක්ෂ දහයක මුදලක් ලබා දෙන ලෙස තර්ජනය කර ඇති බවද පොලිසිය පවසයි.
මේ හේතුවෙන් බියට පත් ගුරැවරයා කප්පම් මුදල ලෙස ඉල්ලූ ලක්ෂ දහයක මුදලින් කොටසක් ලබා දී තිබූ බවත් පසුව මෙම තර්ජන වලින් ගැලවීමක් නොවන තැන මීගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවත් ඒ අනුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට විශේෂ සැළසුමක් සකස් කල බවත් මීගොඩ පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
ඒ අනුව අදාල කප්පම් මුදලෙහි තවත් කොටසක් ලබා ගැනීම දීම සදහා පැමිණෙන ලෙස සැකකාර කාන්තාවට දැනුම් දී ඇත.
ඒ අනුව සැකකාර කාන්තාව සහ ඇයගේ අනියම් පුරැෂයා බව කියන පුද්ගලයා ගොඩගම ප්‍රදේශයට පැමිණ අදාල ඉතිරි මුදල ලබා ගැනීමට කටයුතු කල අවස්ථාවේදී දෙනොවම අත් අඩංගුවට ගෙන ඇත.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි
සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
මදුරන්කුලිය කන්දතොඩුවාව ගම්මානයෙ පදිංචිව සිටි එකම පවුලේ සොහොයුරීයන් තිදෙනකු හදිසියෙ සතියක් වැනි කෙටි කාලයකින් මරණයට පත්විමත් සමග දරුවන් හා ඥාතින්
නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගමේ ගොස් නැවත පැමිණියේ යැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිපත
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව ඇතැයි කියන වාර්තාව දින තුනක් ඇතුළත ලබා දෙන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තර්ජනය කර ලක්ෂ 10 ක කප්පම් ඉල්ලු කාන්තාවට වැඩ වරදී
ravin Friday, 04 August 2023 03:03 PM
නාකිවිසේ ගෙටත් උසේ... මනමාලකම් පෙන්නන්න ගිහිල්ලා වැඩේ කොට උඩට ගියා එහෙනම්...