
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාව හරහා ස්ථාපිත කෙරෙන බහුවිධ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ එක් මධ්‍යස්ථානයක් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මහතා පැවසීය.
ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණයකට සහභාගී වීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ පවතින ගැටලු විසඳා ගැනීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස උපරිම මැදිහත්වීම කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ නිලධාරීන් හමුවේ පැවසීය.
සේවක හිඟය, ගොඩනැගිලි නවීකරණය සහ මධ්‍යස්ථාන පිවිසුම් මාර්ග ආශ්‍රිත ගැටලු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් අවධානය යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික යොවුන් සේනාංකයේ ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය හා ජාතික තරුණ සේවා සභාවේ ඇඹිලිපිටිය පුහුණු මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කළේය.
මෙම අවස්ථාවට ජාතික නායකත්ව සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චන්දිමා මනම්පේරි මහත්මිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරුණ අමාත්‍යාංශයෙන් ඇඹිලිපිටියට තෑග්ගක්