IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


තරුණ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන හිටපු කතානායක කනගාටුව පළකරයි

 (නිමල කොඩිතුවක්කු)

පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයකු විසින් එක්සත්  ජාතික පක්ෂයේ රුපියල් 1000 සාමාජිකත්වය යාවජීව  සාමාජිකත්වයක් නොවන බවට කර ඇති ප්‍රකාශය පිලිබඳ කනගාටුව පළ කරන බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙය එම සාමාජිකත්වය ලබාගත් සියලු පාක්ෂිකයන්ට කරන ලද බලවත් අසාධාරණයක් බවත් සිය නිවේදනය මගින් ජයසූරිය මහතා වැඩිදුරටත් සදහන් කරයි.

එම නිවේදනයේ තවදුරටත් මෙසේද වේ.

හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට පක්ෂයේ වර්තමාන විනාශයට වගකිවයුතු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ අපගේ අවධානයට ලක්ව තිබේ.

එබැවින් කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික පතෙහි පිටපතක් මේ සමඟ මාධ්‍ය වෙත නිකුත් කරමු.

  • (2020 වසර සඳහා නව සාමාජික පතක් පක්ෂය විසින් මුද්‍රණය නොකරන ලද අතර 2019 වසර සඳහා මුද්‍රණය කළ සාමාජික පත් පක්ෂයේ මහලේකම්වරයා විසින් ස්වකීය නිල මුද්‍රාව තබා අත්සන යෙදීමෙන් පසු 2020 වසර සඳහා වලංගු සාමාජික කාඩ්පත් ලෙස පිළිගන්නා ලදි.)

මේ අතර පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයෙකු විසින් එක්සත් ජාතික පක්ෂයේ 1000M සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වයක් නොවන බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව අප කණගාටු වන්නෙමු. එය 1000M  වැඩසටහන පිළිබදව විශ්වාසය තබා පක්ෂ සාමාජිකත්වය ලබා ගත් සියළු පාක්ෂිකයන්ට කරන ලද බලවත් අසාධාරණයකි.

2000 වසරෙන් පසු ඇරඹි 1000M සාමාජිකත්වය පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් නොකරන ලද නමුත්, යාවජීව සාමාජිකත්වයක් ලෙස පිළිගතයුතු බවට ඒ සඳහා පුරෝගාමී වූ සියලු පක්ෂ නිලධාරින් එකඟත්වයකට පැමිණියහ. පක්ෂයේ වාර්ෂික සාමාජික මුදල රුපියල් 20 ක් වන අතර එහි පනස් ගුණයක් වන රුපියල් 1000 ක සාමාජික මුදල් එකවර ගෙවීමෙන් ලැබෙන 1000M  සාමාජිකත්වය (20 X 50) ලෙස සළකා වසර 50 ක් වලංගු සාමාජිකත්වයක් ලෙස සැළකිය යුතු බව සියලු නිලධාරීන් එකඟ වූ පදනමයි. එලෙස 1000M සාමාජිකත්වය ලබන සාමාජිකයෙකු එම වසර තුළ තවත් රුපියල් 11000 ක මුදලක් පක්ෂ අරමුදල වෙත පරිත්‍යාග කර 1000M යාවජීව සාමාජිකත්වය තහවුරු කගනු ලබයි.

හිටපු පක්ෂ සභාපතිවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා 1000M සංකල්පය ක්‍රියාත්මක කරලීමෙහි ලා සක්‍රිය කාර්යභාරයක් ඉටුකළ අතර,  වර්තමානයේදී ද පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න මැතිතුමා 1000M ව්‍යාපෘතියේ වගකීම් රැසක් උසුලන ලදි.‍

යාවජීව සාමාජිකත්වය පිළිබඳව වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා එම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් ඇමතීම වඩාත් යෝග්‍ය වන අතර පක්ෂයේ ගමන් මග පිළිබඳව අවබෝධයෙන් තොර දේශපාලන ළදරුවන්ගේ අදහස් අදාල නොවනු ඇත.



අදහස් (7)

තරුණ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන හිටපු කතානායක කනගාටුව පළකරයි

banda Friday, 28 August 2020 09:59 AM

කරූව දේශපාලනයෙන් යවමු...

:       124       309

de silva Friday, 28 August 2020 10:38 AM

මිනිස්සු වයසට ගියාම විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා ජීවිතයේ ඉතිරි දින කිහිපය විවේක සුවයෙන් ගතකරන්නේ නැතිව විකාර දොඩවනවා.

:       100       216

indika Friday, 28 August 2020 01:45 PM

කරු ජයසූරිය මහත්තයෝ, ඡන්ද පදනමක් නැතිවුණු එජාපය දැන් නමට සහ බෝඩ් කෑල්ලට පමණක් සීමා වී ඇත. ඔබතුමා ඔය ගිලෙන බෝට්ටුවට නගින්නේ නැතිව නව පක්ෂයක් හදාගෙන හෝ වෙනත් පක්ෂයක් සමග එකතු වී ආණ්ඩුවට විරුද්ධ ගමනක් යන්න පටන් ගන්න.

:       55       3

bandaFriday, 28 August 2020 03:45 PM

ඉන්දික මහත්තයෝ දැන් කරූගේ වයස එක්ක කනත්තට තමයි යන්න වෙන්නේ.

:       61       212

Rata PerataSaturday, 29 August 2020 07:40 AM

ඒක ඇත්ත.. කරූට 79යි. මහින්දට 75යි, චමල්ට 77යි. දැන්මම යන්න ලෑස්ති වුණා නම් හොඳයි.

:       26       322

Bandara Saturday, 29 August 2020 02:08 AM

සීයේ දැන් වයස හරි... බඳිමු කසාදේ...

:       0       0

Saththaya Saturday, 29 August 2020 03:32 AM

නායකත්වය මේ වයසේදී අරගෙන, ඡන්ද දිනන්න දූෂිතයන් එකතු කරගෙන, ඒ වැදගත්කමක්, ලැජ්ජාවක් නැති දේශපාලුවන්ට අනාගතයේදී නායකත්වයත් බාරදෙනවා කියන්නේ.... රටම බල්ලට යන එකයි. සිරිකොතේ තියෙන වටිනා දේවල් වලට මොනා වෙයිද? කාලය අරගෙන හොඳතරුණ වැදගත් නායකත්වයකට පක්ෂය යන එක හැමෝම අගය කරන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 56 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 321 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 228 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 3889 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 332 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 766 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1903 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site