IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


තරුණ සේවා සභාවෙන් නව වැඩසටහනක්

 

(හර්ෂණ තුෂාර සිල්වා)

නව නිර්මාණ තුළින් තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් ස්ටාර්ටප් ශ්‍රී ලංකා - යෞවනයේ ව්‍යවසායකත්වය යනුවෙන් ජාතික තරුණ සේවා සභාව නව වැඩසටහනක් ආරම්භ කර ඇත.

තරුණ ප්‍රජාව නව නිර්මාණ කෙරෙහි උනන්දු කරවීම, නව නිර්මාණකරුවන් සහ ආයෝජකයන් සම්බන්ධ කිරීම ඇතුළු ප්‍රධාන අරමුණු හතක් සහ ක්ෂේත්‍ර 10 ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ජාතික තරුණ සේවා සභාවේ විශේෂ ව්‍යාපෘති අංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

කෘෂි තාක්ෂණික උපකරණ, කෘෂිකර්මාන්තය මුල් කරගත් අගය එකතු කළ නිෂ්පාදන, විද්‍යුතමය උපකරණ, රොබෝ විද්‍යාව, කෘත්‍රීම බුද්ධිය සහ අන්තර්ජාලික කරුණු, ක්‍රීඩා, ඛනිජ රසායනික නිෂ්පාදන, තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ජනතා කේන්ද්‍රීය සේවා, වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ සහ ඇඟලුම් ක්ෂේත්‍රය මෙලෙස හඳුනාගෙන ඇති ක්ෂේත්‍රය.

දළ ජාතික නිෂ්පාදනයේ දී තරුණ දායකත්ව ප්‍රතිශතය ඉහළ නැංවීම, ජාතික ආර්ථිකයට තරුණ පරපුරේ දායක්තවය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණුවලට අයත් වේ.

තරුණ තරුණියන්ට නව නිර්මාණ ඵලදායී ලෙස අලෙවි කරගැනීමට අවස්ථාව සැලසීමෙන් විරැකියාව අවම කිරීම ඇතුළු අපේක්ෂිත ප්‍රතිලාභ පහකින් ද මෙම වැඩසටහන සමන්විත වේ.

මීට ඉදිරිපත් වන තරගකරුවන්ට තමන් පදිංචි දිස්ත්‍රික්කයේ ජාතික තරුණ සභාවේ දිස්ත්‍රික් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තරුණ සේවා නිලධාරීන් වෙතින් ලබාගත් ඉල්ලුම් පත්‍රයක් හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ අයඳුම්පත්‍රයක් යොමු කළ හැකිය. මේ මස 31 වැනිදා දක්වා ඉල්ලුම් පත්‍ර යොමු කළ හැකිය.

දිස්ත්‍රික් මට්ටමින් මෙම තරගය ක්‍රියාත්මක වන අතර ජාතික තරගය ඔක්තෝබර් මාසයේදී පැවැත්වේ. නව නිර්මාණකරුවන් සහ ආයෝජකයන් සම්බන්ධ කිරීම නොවැම්බර් මාසයේදී සිදු කෙරේ.

වයස අවුරුදු 15ත් 35ත් අතර තරගකරුවන්ට මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර තනි අයදුම්කරුවන් වශයෙන් පමණක් අයඳුම් පත් යොමු කළ හැකිය.

අයැඳුම්පත් සහ වැඩිදුර විස්තර www.nysc.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.



අදහස් (1)

තරුණ සේවා සභාවෙන් නව වැඩසටහනක්

dhamneth Wednesday, 26 August 2020 05:35 AM

දැන් දසක ගණනාවක සිටම අපේ රටේ තරුණයන්ගේ හොඳ තරුණ කාලය අපතේ යනවා. දැන් බලන්න 2019 අගෝස්තු මාසේ පවත්වපු උසස් පෙළ විභාගය කඩයිම් ලකුණු තවම දුන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 558 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1261 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1227 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1379 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2217 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1235 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site