IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


තරුණයෙකු පැහැරගෙන පහරදී මග දමාගිය සරසවි සිසුහු 4 ක් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුරුඳුවත්ත  තුරග තරග පිටිය අසල දී තරුණයකු  පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගොස් පහර දී රන් මාලයක් ද කොල්ල කා කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දමා ගිය රාජගිරිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි

පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත

පහර කෑ තරුණයා රෝහල් ගතව ඇත

පහර කෑ තරුණයා    නුගේගොඩ ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති උපන්දින සාදයකට සහභාගි වී මිතුරන් පිරිසක් සමඟ කුරුඳුවත්ත තුරඟ තරඟ පිටිය අසලට පැමිණ සිටියදී  මෝටර් රථයකින් පැමිණි තිබු සැකකරුවන්  තරුණයා පැහැරගෙන ගොස් තිබූ බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

පහර දුන් පිරිස අතර සිටින තරුණයෙකුගේ පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් උරණ වී  පහර කෑ තරුණයා ට දුරකථන ඇමතුමක් දී හමුවීමට අවශ්‍ය බව දන්වා පැමිණ මෙම පැහැර ගැනීම සිදුකර තිබූ බව පොලීසිය සඳහන් කරයි

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි 



අදහස් (0)

තරුණයෙකු පැහැරගෙන පහරදී මග දමාගිය සරසවි සිසුහු 4 ක් දැලේ

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1482 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 30 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 31 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 38 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 128 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 76 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39974 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25932 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 215 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1294 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site