IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘තරුණයෙක් හැටියට ආගම දහම ආරක්ෂා කිරීම වගකීමක්‘‘

(යොහාන් භාසුර)

මෙරට සංස්කෘතිය සහ ආගම දහම ආරක්ෂා කිරීමේ වගකීමක් තරුණ දේශපාලනඥයකු ලෙස තමන්ට තිබෙනවා.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබාගැනීමට මහනුවරට පැමිණියේ එම නිසා යැයි නාමල් රාජපක්ෂ මහතා අද (17) පැවසීය.

අප පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කළ ආගම දහමට සංස්කෘතියට මුල් තැන දීමේ ක්‍රියාපිළිවෙල තවදුරටත් අනුගමනය කරන බව කී නාමල් රාජපක්ෂ මහතා ඇතමුන් එය දේශපාලනීකරණයක් ලෙස හැඳින්විය හැකි බවද සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ අද (17) මහනුවර දළදා මාළිගාව මැදපුදා ගත්හ.

දළදා මාළිගාව වැද පුදා ගැනීමෙන් පසුව නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත එසේ පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා ඉන්පසුව මල්වතු මහා නායක ස්වාමීන්වහන්සේ, දිවුල් කුඹුරේ නායක ස්වාමීන්වහන්සේ, නියංගොඩ අනුනායක ස්වාමීන්වහන්සේ සහ අස්ගිරි මහනායක හිමියෝ මෙන්ම අනුනාහිමිවරු බැහැදැකීමට එම විහාරස්ථාන වෙත ගියේය.

ඉන්පසුව ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණ ආශීර්වාද ලබාගත් නාමල් රාජපක්ෂ මහතා කටුකැලේ හින්දු කොවිලට පැමිණීම ආශීර්වාද ලබාගත්තේය.

රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියට පැමිණ එහිදී ද ආශීර්වාද ලබා ගත්තේය.

 



අදහස් (21)

‘‘තරුණයෙක් හැටියට ආගම දහම ආරක්ෂා කිරීම වගකීමක්‘‘

ගමේ එකාලා Saturday, 17 August 2024 10:03 PM

ආගම, දහමට, සංස්කෘතියට කෙසේවෙතත් හොරකම්, වන්චා, දූෂණ, බොරු පොරොන්දු කපටි කෛරාටිකකම් වලට නම් මුල් තැන දෙයි. ඒවා ජානවලින්ම එන දේවල්...?

:       0       0

Pradeep Kumara Saturday, 17 August 2024 10:06 PM

ආගම ආරක්ෂා කරනවා කියලා අමුතුවෙන් දෙයක් කරන්න එපා. ඒ අදහන ආගමේ මූලික සිද්ධාන්තයන් පිළිපදින්න ඒ ඇති. එතකොට විරුද්ධවාදීන් ඝාතනය කරන්න ඕනෑ කියලා හිතෙන්නේ නැතිවෙයි. ආගම් වාදය, ජාතිවාදය පතුරුවන්නේත් ඔහෙලාමයි, පස්සේ ඒවාට විසඳුම් ගේනවා කියන්නේත් ඔහේලාමයි. අනේ මන්දා මඤ්ඤං වගේ....!

:       0       0

Bandara Saturday, 17 August 2024 10:11 PM

නාමල්, දැං කොහෙන්ද ‌අපි මේකට හිනාවෙන්න ඕනෑ...?

:       0       0

වජිර Saturday, 17 August 2024 11:00 PM

නුවර වැව රවුමේ රේස් පදිමු...!

:       0       0

සුනීත හිමි Sunday, 18 August 2024 01:25 AM

පුතේ ඔයා තාත්තා ජනාධිපති කාලේ ශ්‍රී දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් පැද්දානේ... ජනාධිපති වෙලා ඇවිත් ශ්‍රී දළදා මාළිගාව ඩෝසර් කරන්න...

:       0       0

පිටරැටියා Sunday, 18 August 2024 04:45 AM

ආගම ධර්මය හරියට දන්න අය නම් සුනාමියෙන් අවතැන් වූ අසරණයින්ට ලැබුණු පවුම් මිලියන ගානක ආධාරත් ගසා කයිද? ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ගුණමකුවන්...!

:       0       0

Samantha Sunday, 18 August 2024 05:02 AM

ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිට රේස් පැදපු කාලයේ ආගම දහමට මුල්තැන දීලා බලය ගන්න වෙනවා කියලා හිතුවේ නැහැ නේද? බෞද්ධයින්ගේ මුදුන් මලකඩක්වූ ශ්‍රී දළදා වහන්සේට අපහාස කරන්න පුළුවන් වූ ඔබ කිසිදාක ජනාධිපති තනතුර සඳහා නුසුදුස්සෙක් බව ඔප්පු කර අවසන් කියලා කියන්න පුළුවන්...

:       0       0

K.A.D.SINIDU SHANTHA Sunday, 18 August 2024 05:42 AM

තාත්තා කළ දේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා කියනවානේ. ඉතින් පුතත් තාත්තා කරපු දේම තමයි කරන්නේ. තාත්තාගේ අඩි පාරේම තමයි යන්නේ.

:       0       0

K.A.D.SINIDU SHANTHA Sunday, 18 August 2024 05:57 AM

ආගම දහම රකින්න වෙන්න ඇති දළදා මාලිගාව ඉස්සරහ තාත්තා රජ කරපු කාලේ කාර් රේස් පැද්දේ. රාජපක්ෂගේ රජ කාලේ දැන් ඉවරයි... දැන් තියෙන්නේ මහජන ආණ්ඩුවක් උදාවෙන කාලයයි...

:       0       0

Faizal Sunday, 18 August 2024 06:18 AM

මාලිගාව වටේ කාර් රේස් යන්න පාරවල් ටිකත් බලාගෙනම ගියා නම්, දිනුවොත් ඒවා සැලසුම් කරන්නත් ලේසි වෙයි...!

:       0       0

අසොක සොමතිලක Sunday, 18 August 2024 07:53 AM

ජය අනියත බව චෑන් දැන් ඉදිරිපත් වීම බොරුවකි...!

:       0       0

Oscar Sunday, 18 August 2024 08:10 AM

පොඩ් මයිනා බෙනෙං ඵලියට කොටන්න ඇවිත්

:       0       1

Lalla Sunday, 18 August 2024 09:57 AM

පලමුව ජාතික ධනය කොල්ලකෑම නවත්තන්න. ආගමට වඩා ඒක වැදගත්.....

:       0       1

Banda Sunday, 18 August 2024 11:50 AM

අපරාදේ. නාමල් බේබිට පටන් ගන්න තිබුනේ කැළණියෙන්.ඇයි කියන විදිහට, උපන් දා සිට කරපු පව් නැත වරක් වැන් දොත් කැළණියේ කියලා කියනවානේ. අනේද කියන්නේ. බණ්ඩා

:       0       1

ගෝනිබිල්ලා Sunday, 18 August 2024 12:49 PM

මෙයා විතරක් නෙමෙයි ගොඩක් අයගේ දේශපාලන අනාගතය රැඳිලා තියෙන්නේ රනිල්ගේ ගොඩ යාම මත. ඇත්ත කතාව එකයි. මේ පාර වත් වරද්දගන්න එපා මිනිසුනේ. පල් හොරු ටික අතුගාල දියවන්නාව පිරිසිදු කරගන්න හොඳ අවස්තාවක් සැප්තැම්බර් 21

:       0       1

Rata Perata Sunday, 18 August 2024 01:17 PM

ඒ වගේම දළඳා මාලිගාව වටේ මෝටර් රථ ධාවන තරංග තියන්නත් වගකීමක් තියනවා

:       0       1

m saman perera Sunday, 18 August 2024 01:33 PM

අප්පා කරපු දේ නොකලොත් ඌ නොට්ටිගේ පුතාලු .මෙයාට රට භාර දුන්නොත් ඉතිරි ටිකත් විකුණයි

:       0       1

fairoos Sunday, 18 August 2024 02:28 PM

එතකොට බාප්පා වගේ වැඩ එහෙම කරන්න දන්නවද ?ආගම් වාදය අවුස්සන්න එහෙම

:       0       1

නිරංජන Sunday, 18 August 2024 02:42 PM

වටේ ඉන්න උපදේශකලගෙන් පරෙස්සම් උනොත් හොඳයි. ගොටභයට කෙළවුණේ බුද්ධි බලකායේ උපදෙස් පිළිපැදපු නිසයි.... ගොඩක් අයට වෙන දෙයක් තමයි " මොළේ තියෙනකොට බලේ නෑ, බලේ තියෙනකොට මොළේ නෑ. " රටට, ආගමට, සංස්කෘතියට, ජාතියට මුල් තැන දීම ගැන සතුටුයි. මහින්දත් ඒක කලා. හැබැයි ඔබ දිනන එකනම් ෂුවර් නෑ...

:       0       0

ගමේ එකාලා Sunday, 18 August 2024 05:12 PM

ආගම දහම ආරාක්ෂා කිරීම කෙසේ වෙතත් හොරකම් වන්චා දූෂණ නාස්තිය බොරුව රැවටිලි කපටි කයිරාටික කම් ,හොර පෙරකදෝරුවා හරියටම කරයි.ඒවා පවුලේ ජානවලින් ම එන දේවල්?

:       0       1

නැහැමල් Sunday, 18 August 2024 07:56 PM

මම ජනාධිපති උනාම දලදා මාලිගාව වටේ රේසින් කාර් වලින් මුර සේවයක් දානව අපේ හාංදුරුවනේ.....!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 157 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 92 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 561 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 608 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4821 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21202 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20525 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 111 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site