IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තරුණියකට අරක්කු පොවා අමුතු මෝස්තරයක් කියා දුන් මෝස්තර ශිල්පියාට මාංචු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මාවතගම නගරයේ  ගොඩනැගිල්ලක කාමරයක් තුළදී අවුරුදු 19ක් වයස තරුණියක අරක්කු පොවා වෙරි වූ පසු දූෂණය කළේ යැයි කියන විලාසිතා නිර්මාණ ශිල්පියකු මාවතගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මාවතගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් වයස දෙදරුපියෙකි.

දූෂණයට ලක් වූයේ යැයි කියන මෙම 19 හැවිරිදි තරුණිය සැකකරුගේ ඥාති සහෝදරියක් බව මාවතගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම තරුණිය ද සිය ඥාතියා ගෙන් විලාසිතා නිර්මාණය පිළිබඳව හැදෑරීම සඳහා මෙම උපකාරක පන්තියට සහභාගී වෙන බව පොලිසිය කියයි.

උපකාරක පන්තිය  අවසන් වීමෙන් පසු ඇය උපකාරක පන්තියට පැමිණ සිටි තවත් තරුණියක් සමග පන්තියෙන් පිටව යෑමට ගිය අවස්ථාවේ වර්ෂාවක් ඇද හැලී ඇත. 

ඒ අවස්ථාවේ මඳක් පන්තියේ ම රැඳිසිටි මෙම තරුණියන් දෙදෙනාට මොනවා හරි බොමු යැයි  කියා සැකකරු බීම බෝතලයක් බව හඟවා ඉස්තරම්ම වර්ගයේ අරක්කු බෝතලයක් රැගෙන තරුණියන් දෙදෙනාටම එය පානය කිරීමට ලබාදී ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.

හිස් බීම බෝතලයකට මොහු අරක්කු දමා තිබී ඇත.

තරුණියන් දෙදෙනාම අරක්කු බව නොදැන ඒවා පානය කර ඇති පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

එක් වීදුරුවක් පමණක් පානය කිරීමෙන් පසු එක් තරුණියක පිටවී ගිය අතර සැකකරු සිය ඥාති තරුණියට තමා සමඟ නිවසට යෑමට යෝජනා කර ඇති අතර ඒ ගැන කිසිදු සැකයක් ඇති නොකරගෙන ඔහුත් සමග යාමට නතර වී ඇතැයි කියති.

සැකකරු ද මෙම අරක්කු පානය කර ඇතැයි පොලිසිය කියයි

මෙම 19 හැවිරිදි තරුණිය බීම යැයි සිතා එම අරක්කු වැඩිපුර පානය කිරීම නිසා වෙරි වීමෙන් පසු ඇය දූෂණය කර තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

ගොඩනැගිල්ලේ සී.සී.ටී.වී .කැමරා සවිකිරීමට පැමිණ සිටි කිහිප දෙනකුට පන්ති කාමරය තුළින් ඩෙස් බංකු පෙරලන ශබ්දයක් ඇසී විපරම් කරන අවස්ථාවේ සිද්ධිය දැක නිරුවතින් සිටි තරුණිය බේරා ගැනීමට ඔවුන් උත්සහ කර ඇතත් සැකකරු තරුණියව මුදා නොහැර ඇයව බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිට ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

තරුණිය මරා දමනු ඇතැයි ඇතිවූ සැකයක් මත එම අය විසින් ඔහුට පොල්ලකින් පහරදී බලවත් පරිශ්‍රමයක් යොදා තරුණිය මුදා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (7)

තරුණියකට අරක්කු පොවා අමුතු මෝස්තරයක් කියා දුන් මෝස්තර ශිල්පියාට මාංචු

asoka Wednesday, 15 May 2024 08:43 AM

හැම සිද්ධියම මාට්ටු උනාම දූෂනයක් නැත්තං කෙල්ල කැමැත්තෙන් ඉදපු සිද්ධි සේරම

:       10       20

යටත් වැසියා Wednesday, 15 May 2024 09:12 AM

තරුණිය ඇත්තටම දූෂණය කීරීමක් හො එයට තැත් කීරීමක් තිබෙ නම් වරද කරුට සම්පුර්ණ දඩුවම් ලබා දිය යුතුයි. එය අවිවාදිතයි. හැබැයි අව්‍රඩුදු 19 ක කෙනෙක් අරක්කු වලයි වෙන බීම බොතලයක වෙනස, අඩු ගානෙ උගුරක් දෙකක් බොනකොටත් අදුර ගන්න බැරි බව කියන එකනම් සැහෙන්න අව්ල් නෙ? අරක්කු කෙසෙ වෙතත් ඉස්තරම්ම වර්ගයෙ සින්ගල් මොල්ට් විස්කි කාලවම් කරපු දෙයක් උනත් උගුරක් දෙකක් බොනකොටත් අදුර ගන්න බැරි නම් කටෙ ඉන්දල උගුර වෙනකම් වත් හරියට වැඩ කරන්නෙ නති වෙන්න ඔනෙ. නැත්තම් සැහෙන්න විජලනය තත්වයෙන් හිටිය කෙනෙක් වෙන්න ඔනෙ, මොනවද කියල බලන්නෙ නැතුව ඔක්කොම ඔහෙ බොන්න.

:       3       39

Nimal Wednesday, 15 May 2024 09:47 AM

ගොඩක් නිළියන්ගේ කතා ඔය වගේ තමයි .හැබැයි කාලෙකට පස්සේ යූ ටියුබ් නාලිකා වලට ඇවිත් මුළු ලෝකෙට උපදෙස් දෙනවා .අනික් මිනිසුන් හදා ගන්න වගේ

:       1       27

පිටිගල මිලානෝ Wednesday, 15 May 2024 10:51 AM

ශ්‍රේෂඨ ගතිපැවතුම් ඇති, බෞද්ධාගමින් පෝෂිත වූ උසස් සංස්කෘතියක් ඇති, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති, ඇති වීර රජවරු සිටි, පිං ඇති අය පමණක්ම උප්පත්තිය ලබන මේ රටේ ගෑණු ළමයෙක්ට වැස්සකට වහලක් යටට රිංගන්න බැහැ දූෂණය වෙනවා...!

:       11       7

Prabha Wednesday, 15 May 2024 11:24 AM

අරක්කු උගුරෙන් පහළට යනකොට කොච්චර අමාරුද? එක උගුරක් බොනකොට තේරුනේ නැද්ද මේක පැණිබීමක් නොවේ කියලා...

:       0       26

නන්දන පනා-මිලානෝ Wednesday, 15 May 2024 05:12 PM

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගැහැණියක් අරක්කු බීම නෙවෙයි... ඇයගේ අනුබලයක් නොමැතිව ඇය හා ලිංගිකව හැසිරීමයි...

:       0       8

යටත් වැසියා Thursday, 16 May 2024 03:11 AM

තරුණිය ඇත්තටම දූෂණය කීරීමක් හො එයට තැත් කීරීමක් තිබෙ නම් වරද කරුට සම්පුර්ණ දඩුවම් ලබා දිය යුතුයි. එය අවිවාදිතයි. අරක්කු බොන එකෙ කිසි අව්ලක් නැහැ බලෙන් පෙව්වෙ නැත්තම්. ලින්ගිකව හසිරීම අව්ලක් නැහැ දෙන්නාගෙම කැමත්ත ඇත්තම් හා වයස හරිනම්. වැඩෙ කරපු තැන නම් අව්ලක් තියෙනවා. අව්ල තියෙන්නෙ කැමැත්තෙන් අරක්කු බීලා (ආදීනව දැනගෙන ) ඩොප් උනාට පස්සෙ වැඩෙට කැමැත්ත දීලා, වඩෙ උනාට පස්සෙ හරි සිහිය ආවහම, සිහි නැති අරක්කු පොවල බලෙන් වැඩෙ කරගත්තා කිව්වොත්. ලින්ගික අද්‍යාපනය ඔනෙ කියන්නෙ ඔවට තමා. වැඩෙ කරන්න කලින් හරි තීරනයක් ගන්න උදව් ගන්න. ලින්ගිකව හැසිර්‍රමට අවසර දීම නීතිය බලපාන හැටි හා අවසර ගැනීම එ අද්‍යාපනයෙ කොටසක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 5 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 216 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 749 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 508 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3182 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site