(ගයාන් සූරියආරච්චි, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, අකුරැස්ස ප්‍රියන්ත දසනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා, මාලිම්බඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 4 දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා 2020 වසරේ මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කරමින් සිට ඇති අතර අත්අඩංගුවට ගත් අනෙක් නිලධාරීන් තිදෙනා ඔහු යටතේ මාලිම්බඩ පොලිසියේ එවකට රාජකාරී කර තිබූ බව මනතුංග මහතා කීය.
2020 වසරේදී මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් සිවු දෙනකු අනීතිකව පුද්ගලයකු රදවාගෙන පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව එම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කර මාතර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් සිවුදෙනාට මහාධිකරණ විනිසුරුවරයා විසින් මුදල් සහ ශරීර ඇප ලබාදීමට නියෝග කර තිබුණි.
සැකකාර නිලධාරීන් විසින් සිදුකළ එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
සමන්ත Wednesday, 05 February 2025 05:49 PM
වැඩ තහනම් කියන්නේ තාවකාලිකව වැඩට නෑවිත් ඉන්න එකද නැත්නම් රස්සාවෙන් අස් කරන එකද? ගොඩක් වෙලාවට වෙන්නේ ජනතා විරෝධය යටපත් කරන්න වැඩ තහනම් කියන වචනය අවභාවිතා වෙන එකයි.
දිසානායක Wednesday, 05 February 2025 09:15 PM
කේක් කෑල්ලක් එක්ක තේ ටිකක් බොන්න දීලා කරපු වැරදි ටික කියන්න මහත්තයෝ. කිව්වම වැරදි කරන අය කරපු වැරදි කියනවා නම් ගහන්න බනින්න උවමනාවක් නෑ ඉතින්. වැඩේ කියන්නේ වැරදිකාරයෝ එහෙම කරන්නේ නෑ නේ.
sakra Thursday, 06 February 2025 01:04 AM
දිසානායක ඔයා ඔය ම්ලේච්ඡ නිලධාරීන්ට කඩේ යන බව පැහැදිලිලියි. වද දිදී තොරතුරු සෙවීමට වඩා ශිෂ්ඨසම්පන්න ක්‍රම ඕනතරම් මේ දොයුනු ලෝකයේ තියෙනවා . මේවගේ තිරිසනුන්ට හැරු උසාවියෙන් නිසි දඬුවම් ලැබේවි . ඒ වගේම නව පොලිස්පති තුමා මේ වගේ උන්ට නිසි විනය පියවර ගනීවි . නැතිව කිසිදා අපේ පොලිසිය හදන්න බැහැ . පොලිසිය නොහදා සමාජය හදන්නත් බැහැ . නව රජය එය නිසිලෙස කළමනාකරණය කරාවි .
kahawita Thursday, 06 February 2025 06:27 AM
ඔයාකියන එවුන්ට කියන්න ඔනේ, හොරු අල්ලන්න කියලා කටින් කියන්න ලේසියි, කරන්නයි බැරි. හොරු අල්ලගන්න බැරි උනාමත් කියන්නේ පොලිසිය දුර්වලයි කියලා. හැම පැත්තෙන්ම තැලෙන්නේ මිනිස්සු