IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


තොරතුරු තාක්ෂණ සමාගම් රැසක් වැහෙන ලකුණු

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විදුලි කප්පාදුව හේතුවෙන් කුඩා පරිමාණයේ තොරතුරු තාක්ෂණ සමාගම් රැසක් පවත්වාගෙන යෑමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව  කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන්වූ ජාතික සභා අනු කාරක සභාවේදී  තොරතුරු අනාවරණයවිය.

මහා පරිමාණ ව්‍යාපාරවල බලශක්ති පිරිවැය ඉහළ යෑම සම්බන්ධයෙන්ද  මෙහිදි  සාකච්ඡාවට ලක්කෙරිණ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා යම් බදු සහන වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ඉදිරිපත් කෙරුණු යෝජනාවක් ගැන  ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාවේ අවධානය යොමුවිය.

එසේම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අනිවාර්ය  විෂයයක් බවට පත් කිරීමේ හැකියාව සොයා බලන ලෙසටද  මෙහිදී යෝජනාවක් ඉදිරිපත් විය.

ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  පසුගියදා පැවැත්විණ. මේ යෝජනා ඉදිරිපත් කෙරුණේ එම රැස්වීමේදීය.

ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක  සිටින බවද එම කමිටුවේ දී තොරතුරු අනාවරණය විය.

මෙම රැස්වීමටතොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ගැටළු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්, රාජ්‍ය සහ පෞද්ගලික  ආයතන ප්‍රධානීන් හා  ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගැටළු ගණනාවකට මුහුණදෙමින් සිටින බවත්  වසර ගණනාවක පළපුරුද්ද සහ අත්දැකීම් සහිත වෘත්තීකයන්ගේ ශ්‍රමය රටින් පිටතට ගලා යෑම ප්‍රධාන අභියෝගය බවත් එහිදී සඳහන් විය.

රාජ්‍ය විශ්ව විද්‍යාලවල තොරතුරු තාක්ෂණ විෂයයට අදාළ ආචාර්යවරුන්ගේ හිඟය අවම කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවටද යෝජනා ඉදිරිපත් විය.

ආසන්න වශයෙන් ඩොලර් මිලියන 3.47 ක් වන ශ්‍රී ලංකාවේ 'ඩිජිටල් ආර්ථිකය' සමස්ත ආර්ථිකයෙන් සියයට 4.37 ක් පමණ වන  අතර ලෝකයේ අන් රටවල් හා සලකා බැලීමේදී එය සියයට 15 ක පමණ මට්ටමක පවතින බවටද කමිටුවේදී  සාකච්ඡා කෙරිණ.

මෙම රැස්වීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්  පෞද්ගලික සමාගම් ප්‍රධානීන්, වෘත්තිකයන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.



අදහස් (1)

තොරතුරු තාක්ෂණ සමාගම් රැසක් වැහෙන ලකුණු

Perera Thursday, 15 December 2022 09:23 AM

දවසට පැය 2ක් විදුලිය කැපුවා කියලා මේවා වහනවා නම් පැය 13ක් විදුලිය කපපු කාලේ පවත්වන්න ගියේ කොහොමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 796 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1391 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 537 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1501 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 807 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3281 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site