IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


තරිඳු

(නිමන්ති රණසිංහ)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මුහුණු පොතින් මාධ්‍යවේදියකුගේ ජීවිතයට තර්ජනයක් වන අයුරින් ප‍්‍රතිචාර දක්වා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණීලි දෙකක් විමර්ශනයට අදාළව ඉදිරියේදී පොලිස්පතිවරයා විසින් තීරණයක් ගනු ලබනු ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය සංවිධාන හයකින් යුක්තව එක් පැමිණීල්ලක් ද, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් තවත් පැමිණීල්ලක් ද වශයෙන් පැමිණීලි දෙකක් ලැබී ඇති බව අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

තමන් ලියූ ප‍්‍රවෘත්ති අසත්‍ය බව කියමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මුහුණු පොත ඔස්සේ තමාගේ ජීවිතයට තර්ජනයක් වන අයුරින් ප‍්‍රතිචාර දක්වා ඇතැයි සඳහන් කරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 03 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසත් ඊට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදුකොට මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලමින් මාධ්‍ය සංවිධාන හයක එකමුතුවක් පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න මහතා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 02 වැනිදාය.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම පැමිණීල්ල ඉදිරිපත් කර තිබිණී.

 



අදහස් (0)

තරිඳු

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 938 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 904 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 358 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 855 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 378 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


හෝටල්වල පාටි දැමූ අයගේ මන්ත්‍රී පට්ටම් අහෝසියි ?
2024 නොවැම්බර් මස 02 3636 3

ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site