IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ත්‍රී‘මලේ තෙල් ටැංකි මැති සබේ උණුසුම් කරයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඇමැති උදය ගම්මන්පිල මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්  අතර ඇතිවූ   දිගු සංවාදයක් නිසා මැතිසබයේ  උණුසුම් තත්වයක් අද (6) ඇතිවිය.

මෙම තෙල් ටැංකි රජයට  නැවත  පවරා  ගන්නවාදැයි ස්ථිර ප්‍රකාශයක් කරන්නැයි  විපක්ෂයේ මන්ත්‍රීවරු ගම්මන්පිල මහතාගෙන් මෙහිදී ඉල්ලා සිටියහ.

මෙම කාරණය සම්බන්ධයෙන් මැතිසබයේදී  ඇතිවූ සංවාදය මෙසේය:

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ත්‍රිකුණාමලයේ  තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට දුන්න කියලා ඔබතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. මම ඒක දැකලා පුදුම වුණා. ගරු කතානායකතුමනි, මේක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්.මෙතන තෙල් ටැංකි සීයක් තියෙනවා.ඒකෙන් පහළොවක් අයි.ඕ.සී එකට දුන්නා. ඉතිරි පහළොව තියෙන්නේ  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකතු වෙලා  දියුණු කරන්නයි.

නමුත් ඒක වුණේ නැහැ. අපි තෙල්  ටැංකි ඉන්දියාවට පවරලා නැහැ. ඒක  වැරැදි  ප්‍රකාශයක්.  මම ඒ ගැන කනගාටු වෙනවා. 

ඒක නිවැරදි කරන්න.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා :

ලක්ෂ්මන් කිරිඇල්ල පරිණත දේශපාලඥයෙක්. නමුත් වයස නිසා  එතුමාට  ඇත්ත අමතක වෙන්න ඇති.

2003දී අත්සන් කරපු ගිවිසුම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔබතුමාට හොඳට ඉංග්‍රීසි භාෂාව තේරෙනවා.

(විපක්ෂයෙන් බාධා )

ගම්මන්පිල මහතා :

මට මේක කියන්න දෙන්න.

කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:

මෙතුමා බොරුවක් කරන්නේ. මාස හයකින් ගිවිසුමකට යනවා කියලා එම්. ඕ. යූ එකක් අස්සන් කළා.හැබැයි   ගම්මන්පිල ඇමතිතුමා මාස හයකින් ඒ වගේ ගිවිසුමකට ගියේ නැහැ. එල් .ඕ.සී එක තියාගෙන ඉන්නේ නීතිවිරෝධීවයි.

ඔබතුමාල බලයට ඇවිත් මේක පවර ගන්නවා කියලා  පොරොන්දු වුණා.දැන් මේක පවරා ගන්නවද නැද්ද. මේකට උත්තරයක් දෙන්න.

ගම්මන්පිල මහතා:

මම හිතනවා කබීර් හෂීම් මන්ත්‍රීතුමාට සරල ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන දෙයක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියලා. මම කියවන මේ පිටපත වැරදි නම් හරි පිටපත සභාගත කරන්න කියලා මම අභියෝග කරනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ඔය වැල් වටාරන් අවශ්‍ය නැහැ. ඉතිරි අසූ පහ අපි ඉන්දියාවට දීලා නැහැ. මෙතන තියෙන්නෙ ඒකාබද්ධ සංවර්ධනය. ඒකයි මම අහන්නේ.ඒකට උත්තරයක් දෙන්න ඕවා වැඩක් නැහැ.

(සභාවේ ඝෝෂා )

ගම්මන්පිල මහතා :

ගරු කතානායකතුමනි, මට මේක කියන්න ඉඩ දෙන්න.

කබීර් හෂීම් මහතා:

ඔබතුමා කියනවානේ ගිවිසුමක්  තියෙනවා කියලා . එහෙනම් ඒ ගිවිසුම සභාගත කරන්න . එතකොට අපි පිළිගන්නම්.

මේක නැවත ගන්නවද නැද්ද කියලත් කියන්න ඕන.

ගම්මන්පිල මහතා :

අද මම මේ ගිවිසුම සභාගත කරනවා(ගම්මන්පිල මහතා ගිවිසුම සභාගත කරයි) ඔබලා කියන ඔය ගිවිසුම
අද සභාගත කළ යුතුමයි.

(සභාවේ ඝෝෂා)

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:

මේක ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳට දන්නවා. කිරිඇල්ලට එයාගෙන් ඒක අහන්න කියන්න.

(යළිත් ඝෝෂා)

රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා:

අපි මේ ප්‍රශ්නය විසඳාගමු.මාස 6 කින් පසුව  ස්ථිර ගිවිසුමකට එළඹෙනවා කියලා  ඔය ලියවිල්ලේ තියෙනවද. කොන්දේසියක් ඕකෙ දාලා තියෙනවද.

ගම්මන්පිල මහතා:

ස්ථිර ගිවිසුමක් නොවෙයි. මෙයට අදාළ කල්බදු ගිවිසුම. නිල ගිවිසුම මම  දැන්  සභාගත කරනවා.  ඔය කියන ගිවිසුම ඉදිරිපත් කරන්න බැරි වුණොත් ඔබලා ජාතියෙන් සමාව ගත යුතුයි. 



අදහස් (1)

ත්‍රී‘මලේ තෙල් ටැංකි මැති සබේ උණුසුම් කරයි

SL Wednesday, 06 October 2021 01:59 PM

කිසිම බේතක් නෑ. ගිනිමැල ගහන්න. එහෙම නොවේ. ඕවාට තියනවා නේද කෘමි උගුල්. අර සීනි, දොඩම් යුෂ දියකර ලිපේ තබා තම්බාගත් මිශ්‍රණය වගේ ඒවා. නැතිද ඒ වගේ පිහිටක්. ගිනිමැල ගහන්න කිව්වට ප්‍රායෝගික නෑ වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2421 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 587 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1168 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 6085 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 828 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5113 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site