(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර ත්‍රීරෝද රථ සංගමයේ ලේකම්වරයා බව කියන ත්‍රිරොද රථ රියැදුරකු රථවාහන රාජකාරියේ යෙදි සිටි පානදුර උතුර පොලිසියේ කොස්තාපල්වරයකුගේ නිල ඇඳුම ඉරා පරුෂ වචනයෙන් බැණ වැදී පහර දී පළා යාමට උත්සාහ කිරීමේදී දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මූලික රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමේදී මත්පැන් පානය කර ඇති බව වෛද්‍ය වාර්තාවේ සටහන් යොදා ඇති බව පොලීසිය සඳහන් කරයි.
එම පහර දීමෙන් කොස්තාපල්වරයාගේ නිල ඇඳුම ඉරී යකඩ බොත්තම් කීපයක් ද කැඩි ඉවතට විසි වී ඇත.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත දෙකක කාලයක් අන්තර් මුර සංචාරයේ යෙදී සිටි කොස්තාපල්වරුන් දෙදෙනා පානදුර පරණ පාරේ ජුබිලි හන්දියේ රාජකාරියේ නිරතව සිටියදී අතුරු මාර්ගයක සිට පානදුර දෙසට ආ ත්‍රීරෝද රථයක් එකවරම ආපස්සට හරවා ගෙන ධාවනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඒ පසුපස හඹා ගොස් නවතා පරික්ෂා කිරීමට යාමේදී සැකකාර ත්‍රිරොද රථ රියදුරු එලෙස හැසිරී තිබූ බව පොලිසිය කියයි.
සැකකාර රියදුරු බලපත්‍රය ඉල්ලා ප්‍රතික්ෂේප කිරීමත් සමගම තී රෝද රථයේ යතුර ලබාගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ කිරීමේදී ඔහු පොලිස් කොස්තාපල්වරයාගේ නිල ඇඳුමෙන් අල්ලා තල්ලු කිරීමේදී බිම වැටී ඇති අතර අනෙක් කොස්තාපල් ෙ ක්ෂණික ඔහු නැගිට්ටුවා තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව මේ පිළිබඳ ස්ථානාධිපතිවරයා මෙන්ම රාත්‍රි රාජකාරියේ නිරත සැරයන්වරයා දැනුවත් කර අමතර පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගෙන්වාගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබූ බව උසස් නිලධාරියෙක් කීය.
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රිරෝද සංගම් ලේකම් පොලිසියට තගත් දමලා
අගුපිලගේ Saturday, 08 July 2023 07:09 AM
ත්‍රී වීලර් කාරයින් නලවන සමහරක් පොලිස් නිලධාරින් ඉන්නවා. ත්‍රීවීලර්වලට ධාවනය කරන්න වෙන්නේ 40ක වේගයෙන් වුණත් සමහරක් ත්‍රීවීලර් කාරයෝ හිතාගෙන ඉන්නේ පාරවල් ඔවුන්ගේ අම්මගේ අප්පාගේ බූදලයක් කියලා එහෙම එවුන්ට පොලිසිය උදව් කරනවා මෙයට පෙර කිසිම දවසක පොලිසිය ත්‍රීවීලර් කාරයෝ ඇල්ලුවා කියලා අහලා නැහැ... කොහොම වුණත් මේ හුචක්කු ලංකාවට ගැලපෙන්නේ නැහැ...