(තරංග ගුණරත්න)
වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් හතරදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි.
අද දහවල් මාතර සිට මහනුවර බලා ධාවනය වූ 8039 දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් ගැටි තිබේ.
එම ත්‍රිරෝද රථයේ මව සහ එකම පවුලේ දරුවන් 3 දෙනකු සහ තවත් ඥාති අයකු ගමන් කොට තිබේ
ත්‍රිරෝද රථයේ රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තුවාල ලැබූ වයස 9 දරුවකු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් දෙදෙනකු සහ මව හා තවත් ඥාතියකු ප්‍රතිකාර සඳහා මාතර මහා රෝහලට යවා ඇතැයි පොලිසිය කියයි
මෙම පිරිස වැලිගම පැලෑන මෝදර වත්ත ප්‍රදේශයේ පදිංචි අය බවද පොල්වතුමෝදර මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් තිදෙනා මව විසින් රැගෙන ත්‍රිරෝද රථයෙන් නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ත්‍රිරෝදය දුම්රියේ ගැටී දෙකක් මරුට:හතරක් රෝහලට