IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සොයාගත් පරිගණක ඇතුළු උපාංග සීඅයිඩීයට

(ඉන්දිකා රාමනායක)
 
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු  මේ දක්වා කළ විමර්ශනවලදී පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ සහ උපාංග රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ අනුව සැක කටයුතු   ලිපි ලේඛන සහ  ඡායාරූප  අඩංගු   ලැප්ටොප් පරිගණක 23 ක්, සාමාන්‍ය පරිගණක 3 ක්,   ජංගම දුරකතන සහ ටැබ් පරිගණක 138 ක්, පරිගණක දෘඩ තැටි 30 ක්, පරිගණක දත්ත ගඩාකිරීමේ උපාංග (පෙන්ඩ‍්‍රයිව්) 12 ක්,  සිම්පත් 142 ක්,  සීඩී/ ඩීවීඩී/ ඩීවීආර් ආදී තැටි වර්ග 67 ක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.

මෙම සියලු භාණ්ඩ සම්බන්ධයෙන් විශ්ලේෂණ කටයුතු කරමින් පවතින බවද, මෙම පරිගණකවල  ගබඩා කර ඇති දත්ත අනුව ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු  හෙළිකර ගත හැකි බවද රුවන් ගුණසේකර මහතා  සඳහන් කළේය.

මෙම ප‍්‍රහාරයෙන් පසු  අත්අඩංගුවට ගත්   සැකකරුවන් 96 දෙනෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ  ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේ සිටින බවත්  ඉන් 9 ක්  සැකකාරියන් බවත් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සොයාගත් පරිගණක ඇතුළු උපාංග සීඅයිඩීයට

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 402 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 182 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 701 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3429 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1821 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1034 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site