(අංජුල මහික වීරරත්න)
නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.
ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියේ ය.
විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන නීතිඥ සුපුන් විජේරත්න මහතා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. එමෙන් ම සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වූ ඔහු, යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කර ඇත.
යෞවන සමාජ ව්‍යාපාරයත් , යොවුන් පාර්ලිමේන්තුවත් නියෝජනය කළ අයෙක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ පළමු අවස්ථාව මෙය වේ.
මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරු එක්ව සිටියහ.
77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 285 ක් හෙට (4) නිදහස් ලබන බවත් එම රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 279ක් සහ කාන්තා රැඳවි
කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස
ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැත
නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.
රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙ
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යව
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තරුණ සේවා අලුත් සභාපති වැඩ බාර ගනී
Aruna Monday, 03 February 2025 05:15 PM
දවස් කීයකටද?