IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්)  තොරතුරු අනාවරණය විය.

ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා  සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සන ඇතුව මෙම චෙක් පත්  නිකුත් කර තිබූ බවද  එහිදී හෙළිවිය.

සභාපතිවරයා බලපෑම් කළ නිසා වියදම් සහතික කළ බවත් එසේ  නොකළේ නම් මාරු කරාවි යැයි සිතූ බවත් තරුණ සේවා සභාවේ  නිලධාරීහු කමිටුව හමුවේ පැවසුහ.

තමන්ට පැවරුණු කාර්යභාරය නිවැරදිව ඉටුකරන ලෙස කෝප් කමිටුවේ  සභාපති  ෙෙවද්‍ය නිශාන්ත සමරවීර මහතා   නිලධාරීන්ට දැනුම් දුන්නේය.

එවකට මුදල් අධ්‍යක්ෂවරයා කාරක සභාවට පැමිණ සිටියද පහළ නිලධාරින් අදහස් ඉදිරිපත් කරද්දී නිහඬව සැඟවී සිටීමට උත්සාහ කිරීම කාරක සභාව නොමඟ යැවීමක් බව එහිදී ප්‍රකාශ විය. 

මේ අනුව ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවට කැඳවා මේ  සම්බන්ධයෙන්  ප්‍රශ්න කිරීමට  තීරණය කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි දහයක් ලැබුණු බවයි. සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික නිකුත් කර චෙක්පත් නිකුත් කිරීමට සිදුවූ බවද  ඔවුහු සඳහන් කළහ.

මෙහිදී අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත  සමරවීර මහතා පෙන්වා දුන්නේ මෙය ඉතා සංවේදී කාරණයක් බවයි.

රජයේ නිලධාරින් බිල්ලටදී ජාතික තරුණ සේවා  සභාවේ හිටපු සභාපතිවරයා මුදල් අවභාවිත කර ඇති බවද ඔහු සඳහන් කළේය.



අදහස් (9)

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන්

ගව පාලක Friday, 21 February 2025 11:28 PM

කෝ මේ රටකාපු තක්කඩි හැත්තට කඩේ යන හරක් ටික...?

:       0       0

ජිල්බු Friday, 21 February 2025 11:30 PM

ජොලි සීයාගේ මේ ආර්ථික සංවර්ධනය තව ටික කාලයක් තිබුණා නම් රට ගොඩම ගන්නවා. අවුරුදු තිහ හතලිහක් දේශපාලනේ කරලා ගත්තු අත්දැකීම් වලින් ඉතින් ගොඩම තමයි...!

:       0       0

Hafiz Saturday, 22 February 2025 12:51 AM

මිස්ටර් ක්ලීන්...!

:       0       0

ranjith Saturday, 22 February 2025 04:15 AM

මේවා අනාවරණය කරගැනීමෙන් පමණක් වැඩක් නැහැ. වගකිව යුතු සැමට උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       0

Asela Saturday, 22 February 2025 06:32 AM

රජයේ මූල්‍ය රෙගුලාසි ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අදහසක් නොමැතිව, සෑම කෙනෙකුම පවසන්නේ සභාපතිවරයාට, දේශපාලනඥයාට රජයේ මූල්‍ය රෙගුලාසි හැසිරවිය හැකි බවයි. මෙය සම්පූර්ණයෙන්ම වැරැදියි. රජයේ මූල්‍ය රෙගුලාසියට අනුව, ඕනෑම තනි සමාලෝචනයක් නිකුත් කිරීම සඳහා, සෑහීමකට පත්විය යුතු කරුණු 3ක් තිබේ. සත්‍යාපනය, නිර්දේශය සහ අවසාන සහතික කිරීම්. සභාපතිවරයාට මේවා කළ හැකි යැයි ඔබ සිතනවාද? නැතහොත් ඕනෑම දේශපාලනඥයෙකුට මේ සියල්ල කළ හැකි යැයි ඔබ සිතනවාද? නැත. මූල්‍ය පාලකයා හෝ ගණකාධිකාරීවරයා දැන සිටිය යුත්තේ කුමක් වියදම් කළ යුතුද, එවැනි වියදම් අවශ්‍ය වන්නේ ඇයි? කිසිඳු දේශපාලනඥයෙකුට හෝ සභාපතිවරයෙකුට තනි අත්සන අධිකාරියක් නොමැත. ඒ නිසා මම කියන්නේ රජයේ සේවකයාගේ සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය නොමැතිව කිසිඳු මූල්‍ය වංචාවක් කළ නොහැකි බවයි. සමහර දේශපාලන වහලුන් හෝ වෘත්තීය සමිති මෙය මෙය සහ එම සභාපතිවරයා විසින් සිදු කරන බව පැවසිය හැකියි, නමුත් අවසාන විශ්ලේෂණයේ දී, ගණකාධිකාරීවරයා සහ විගණකවරයා වගකිව යුතුයි... නැතහොත් සමස්ත කළමනාකරණ මණ්ඩලය වගකිව යුතුයි. විකාර කතා නොකරන්න. ජනාධිපතිවරයාට මේවා උපදෙස් දිය නොහැකිය.. ඔහු පවා මේවා ප්‍රතික්ෂේප කළ යුතුයි.

:       0       0

Rohana Saturday, 22 February 2025 07:23 AM

ජනතා බදුමුදල් මේ විදියට නාස්තිකාර වැඩවලට වියදම් කරන්නේ නම් ජනතාව රජයට බදු ගෙවීමට අකමැතිවීම පුදුමයක් නොවේ. රජය යම්යම් ව්‍යාපෘති සඳහා කරන වියදම්වල විනිවිද භාවයක් අවශ්‍යයි. ඒ සඳහා තනි මතයකට නොව පිළිගත් ක්‍රියාපටිපාටි අනුගමනය කළ යුතුයි.

:       0       0

Nilantha Saturday, 22 February 2025 10:16 AM

ජනාධිපතිවරණයට පෙරදින වියදම් සහතික කළා වුණත් එයට පෙර බලයදීම අනුමත කිරීම කර තියෙන්න ඕනෑනේ සහතික කිරීම තෙවැනි පියවරනේ... මුදල් අධ්‍යක්ෂ කියන්නේ අවසාන අදියර එනම් ගෙවීම් කරන නිලධාරි තැනනේ.. සාමාන්‍යයෙන් ස්ථාන මාරුවලට බයේ රාජකාරි කරන කිසිවෙකුට ජනතා මුදලිත් වැටුප් ගෙවීම නම් සුදුසුම නැහැ.

:       0       0

සෙනෙවිරත්න Saturday, 22 February 2025 10:22 AM

මේ අයට එරෙහිව වංචාව යටතේ නඩු පවරන්න. කෝප් නිර්දේශ උසාවි දක්වා යාමට හැකිවන සේ නීති හදන්න. සජබෙ බුරන අය මෙතැනදී නිහඬ ඒ අයගේ අනාගත නායකයා රනිල් නිසාද?

:       0       0

Rata Perata Saturday, 22 February 2025 02:07 PM

ඔන්න පලපුරුදු රනිල්ගේ වැඩ. ආයෙත් එන්න හදන්නේ අපේ බදු සල්ලි ටිකට කෙළින්න තමයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කතරගම දෙවොලෙන් මොණරාගලට හෘද රෝග ඒකකයක්
2025 පෙබරවාරි මස 22 202 1

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.


සංජීව ඝාතනයට සැක තවත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 22 754 0

අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්ත


මීනගයා දුම්රියේ ගැටී තුවාල ලැබූ අලි පැටවාද මිය යයි
2025 පෙබරවාරි මස 22 196 1

මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.


සෞඛ්‍ය ‍ඇමති -ලෝක බැංකු නියෝජිත හමුවක්
2025 පෙබරවාරි මස 22 215 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත


මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2025 පෙබරවාරි මස 22 696 0

මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ


සංජීවට ගම්පහ උසාවියේදී වෙඩි තබන බවට තොරතුරක් ලැබී තිබුණා
2025 පෙබරවාරි මස 22 3129 4

සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසී


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 130 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 397 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site