(මනෝප්‍රිය ගුණසේකර)
තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් අද (28) නියම කළේය.
මේ වන විට වයස අවුරුදු 27 හා 29 වැනි වයස්වල පසුවුවත් අපරාධය සිදුවන අවස්ථාව වන විට බාලවයස්කරුවන් ලෙස අවුරුදු 15 සහ 17 වැනි වයස්වල පසුවීම නිසා විත්තිකරුවන දෙදෙනාට මෙලෙස ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කෙරිණී.
වසර 13කට පෙර 21 වැනි පසුවු ෆැන්සිස් සුරංජන් නමැති තරුණයාට කළ මෙම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔවුන් වරදකරුවන් කරමින් විනිසුරුවරයා එලෙස දඬුවම් නියම කළේය.
2012 සැප්තැම්බර් 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මෝදරදී ෆැන්සිස් සුරංජන් නමැත්තාට ක්‍රිකට් පොලු ඇතු`ථ පොලු වලින් පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් නවදෙනකුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.
නඩු විභාගය අතරතුරදී විත්තිකරුවන් දෙදෙනෙකු මිය යෑම හේතූවෙන් විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව නඩුව විභාග කෙරිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීරඝ නඩු විභාගයේදී කෝවිල් දෙකක් අතර ඇති නිවසකදී පහරකෑමට ලක්වු මියගිය තරුණයා රෝහලට ගෙන යන අතරතුරදී මියගොස් ඇති බව සාක්කි වලින් අනාවරණය විය.
ඉදිරිපත්වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි විනිසුරුවරයා තීන්දු කළේය.
විත්තිකරුවන්ට දඬුවම් ලිහිල් කිරීම සඳහා හේතූ ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී විත්ති කූඩුවේ සිට ද්‍රවිඩ සහ සිංහල භාෂා වලින් අධිකරණය ඇමතූ විත්තිකරුවෝ තමන් මෙම අපරාධයට කිසිඳු සම්බන්ධයක් නැතැයිද එහෙයින් තමන්ට ලිහිල් දඩුවම් දෙන්නැයි ඉල්ලා සිටියහ.
සිය`ථ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විත්තිකරුවන් 07 දෙනාගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම