(රන්ජන් කටුගම්පොල)
සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය පොලිසියට අවශ්‍ය ආකාරයට ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කර රිමාන්ඞ් ගත කිරීම තුළින් අනුරාධපුර පොලිස් නිලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සිද්ධියට සම්බන්ධයෙන් සැරයන්වරුන් දෙදෙනකුට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි සහ රුපියල් 25000 බැගින් නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කළේය.
අනුරාධපුර, මීගොඩවැව ප‍්‍රදේශයේ පදිංචි සචිත්ත ප‍්‍රභාත් විජේරත්න නමැති තරුණයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප‍්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ප‍්‍රකාශයට පත් කළහ.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අනුරාධපුර පොලිසියේ පොලිස් පරීක්ෂක බී.එස්. චන්ද්‍රසිරි, පොලිස් සැරයන් සම්පත් සහ පොලිස් සැරයන් නිශාන්ත යන නිලධාරින් නම් කරනු ලැබ ඇත.
අදාල වන්දි මුදල් මසක් ඇතුළත ගෙවන ලෙසද විනිසුරු මඩුල්ල නියෝගය කළහ.
ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්
ටී 56 ගිනි අවියක් රැගෙන ගොස් ඩුබායි රාජ්‍යයට පලා ගිය පොලිස් කොස්තාපල් වරයාගේ පෙම්වතිය බව කියන නැටුම් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ගල්කිස්ස
රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තම
සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප
අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.
වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තරුණයකුට බොරු චෝදනා එල්ල කළ පොලිසියේ තුනකට වන්දි ගෙවන්න වෙයි