(පාලිත ආරියවංශ)
ඌව පළාත් බදුල්ල මහාධිකරණයේ දී විභාග වූ ඌවපරණගම ගලහගම මිනීමැරුම් නඩුවේ විත්තිකරුවන් 11 දෙනෙකුට මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය.
2004 මැයි 29 වන දින ගලහගමදී වාද්දුව ෆොන්සුගේ බන්දුල ජයවර්ධන තිසේරා නමැති එවකට 23 වියේ පසුවූ අවිවාහක තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා 11ක් යටතේ විත්තිකරුවන් 13ට විරුද්ධව මෙම නඩුව පවරා තිබිණි.
පළමුවැනි විත්තිකරු වූ සේනක රංජිත් ප්‍රේමරත්න නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
7 වැනි විත්තිකරු වූ ආර්.පී.කේ පතිරණ නමැත්තා නඩු විභාගය අතර තුර මියගොස් ඇති බවද 12 වැනි විත්තිකරු වූ රුක්මන් ඉන්දික නමැත්තා විදේශගතවී සිටින බවද නඩු විභාගයේ දී අනාවරණය විය.
මරණ දඩුවම හිමිවූ වදරකරුවන් 11 දෙනා මෙසේය.
රෝහන ජගත්, ගයාන් චමින්ද, පී.ඒ.නන්දකුමාර, අසංක සෙනෙවිරත්න, සුනෙත් සජීව රූපසිංහ, ඩව්ලිව්. සමන්ත, ඩබ්ලිව්. ඒ.පී.බණ්ඩාර, පී.හේමන්ත කමලසිරි, දිනේෂ් මංජුල, රුක්මන් ඉන්දික(විදේශගතව,) මංජුල රත්නායක යන අයයි.
ඒ අනුව ක්‍රියත්මක වූ පොලිසිය විසින් එදිනම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.
මරණකරුගේ හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රියලාල් විජේරත්න මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.
වසර 20 කට අධික කාලයක් විභාග වූ මෙම නඩුවේ ගොනු පිටු 75කින් සමන්විත වීමද විශේෂත්වයකි.
රජයේ අධිනීතිඥ චිරස්ති සෙනෙවිරත්න මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා ප්‍රධාන ලේකම්වරු පත් කර ඇත.
කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය සාර්ථකව පැවැත්වීමට ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන වල දායකත්වය ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බව ජනාධිපති ලේකම්
බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්ෂණ සහ දඬුව
පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිරතාවකට ලක්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය
රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක්, සිය ගුද මාර්ගයේ සගවා ගෙන, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන
අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාට ජනාධිපති අනුර කුමර දිසානායක මහතා විසින් අවසන් ග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තරුණයාගේ ඝාතනයට 11 ක් පෝරකයට