IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


තෙල් ගේන්න ඉන්දියාවෙන් හදිසි ණයක් ගන්න යයි

(අජන්ත කුමාර අගලකඩ)

බරපතළ අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබාගැනීමට රජය තීරණය කර  ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .

ඒ සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් ඉන්දීය රජය සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි රජයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය .

ඩොලර් හිඟය හේතුවෙන් ඛණිජ  තෙල් සංස්ථාව බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති අතර, ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමේ දැඩි  අසීරුතාවකට ඔවුන් මුහුණ දී ඇත.

බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීමෙන් ගිය සතියේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දමනු ලැබූ අතර ,එය යළි විවෘත කෙරෙන දිනයක්ද  තවමත් ප්‍රකාශයට පත් වී නොමැත .

මේ අතර ,ඉකුත් සදුදා  පැවැති කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත්තේ, ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 350 ක් අවශ්‍ය වන බවය

එම මුදල සොයාගැනීම බරපතළ අර්බුදයක් වී  ඇතැයි ද ඔහු එහිදී සඳහන් කර ඇත .


මේ කරුණු සැලකිල්ලට ගැනීමෙන් ඉන්ධන ආනයනය සඳහා ඩොලර් කෝටි 50 ක හදිසි ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (30)

තෙල් ගේන්න ඉන්දියාවෙන් හදිසි ණයක් ගන්න යයි

damith Saturday, 20 November 2021 01:23 PM

ඩොලර් කෝටි 50 ක් කියන්නේ, ඩොලර් 1ක් රුපියල් 200ක් කියලා හිතුවොත් රුපියල් කෝටි 10000ක්...

:       55       40

GamunuSaturday, 20 November 2021 09:15 PM

බරපතළ අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඉන්දියාව සමහ සාකච්ඡා පැවැත්වුවද පළමුව IMF ආයතනයට ගොස් ණයක් ලබාගැනීමට උත්සාහ කරන ලෙස ලංකාවේ නායකයින් හට දැනුම් දෙනු ඇත...

:       1       8

අගුපිලගේ Sunday, 21 November 2021 10:27 AM

දමිත් නිවැරදියි .එය වැරදි කියලා ඩිස්ලයික් දාන්නෙ ඇයි. 50*200=10000 කියලා දන්නෙ නැද්ද

:       1       13

Hafeel Saturday, 20 November 2021 01:45 PM

මේවා ජනතාව මුලා කරන, කල්මරන කතා. දැන් මාසයට කලිනුත් මෙහෙම ඉන්දියාවෙන්, එක්සත් අරාබි රාජ්‍යයෙන්, ඉරානයෙන්, ඇමරිකාවෙන්, දෙවතාවක් ඕමානයෙන් තෙල් ගන්න ණය ගන්නවා කියලත්, තෙල් ණයට ඉල්ලුවා කියලත් කිව්වා. නමුත් වැඩක් වුනේ නැහැ. එ්කත් අපේ ගම්මන්පිලට ඉරානයට ගිහින් තෙල් ඉල්ලලත් වැඩක් වුනේ නැහැ.

:       63       55

Atul Rathnayake Saturday, 20 November 2021 03:01 PM

ඒ හිලව්වට මොකක්ද දෙන්න යන බිල්ල?

:       50       46

RuhunuSaturday, 20 November 2021 03:26 PM

ගන්න අයගේ බිරින්දෑවෝ තමයි දෙන්න වෙන්නේ...

:       40       55

Sunil Saturday, 20 November 2021 03:19 PM

සිඟමන් යදිමු සාගින්දර නිවන්නට... එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට...

:       43       65

jagath Saturday, 20 November 2021 04:24 PM

ලංකාවේ කියන්නත් ලැජ්ජයි.

:       1       15

විපරමා Saturday, 20 November 2021 04:27 PM

හෙල්පින්ග් හම්බන්තොට, සිරිලිය ඔය වගේ තව ඕනතරම් පවුලේ ගිණුම් තියෙන්නේ. දැනටමත් නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා හමාරයි...

:       1       17

Bishan Saturday, 20 November 2021 04:30 PM

මේ ටික කරගන්න කාපු කිරිබත් තොගය...

:       31       63

Rohana Saturday, 20 November 2021 04:33 PM

අයි.එම්.එෆ්. එකෙන් ණය ගත්තා නම් පොලිය අඩුයි. හැබැයි කොන්දේසි සහිතයි. අහළ පහළ අයගෙන් අත මාරුවට සල්ලි ණයට ගත්තාම වැඩිපොලියක් ගෙවන්න වෙනවා. දැන් රටේ ණයබර ඔරොත්තු නොදෙන ගානකට ඇවිත්. රටේ ආදායම වගේ 101% අවුරුද්දක ණය වාරිකය වුණාම රටට ඔරොත්තු දෙයිද? මේ ණය කන්දෙන් කවදා නිදහස ලබන්න පුළුවන් වෙයිද?

:       31       55

kalyaniSunday, 21 November 2021 10:35 AM

ඇයි මේ වගේ නුහුරට කතා අක්රන්නේ .කුරුනෑගල අධි වේගේ දැන් දුන්නා නේද ?දැන් සැපයිද ?

:       2       9

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 20 November 2021 05:02 PM

ණය ණය ණය... හැමදාම ණය. මේ තරම් ණය අරගන්න නම් ආණ්ඩු මොකටද? දේශපාලකයින් පැරදිලා යන්න යාවි. රට තමයි ණය කරන්නේ... අදක්ෂ බව වුවමනාවටත් වඩා ඔප්පුවී හමාරයි. පුළුවන් කෙනෙකුට කරන්න දීලා අකුලගෙන යාමට කාලය පැමිණ ඇත.

:       50       56

JayaweeraSaturday, 20 November 2021 09:47 PM

කවුද ඔය දැන් පුලුවන් කෙනා..? ඔබතුමා කඩේ යන පුතානෝද?

:       7       5

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 21 November 2021 12:16 PM

පුළුවන් නම් ඔබතුමා වුණත් කමක් නැහැ. මේ අයට වඩා ඔබතුමා හුඟක් හොඳයි කියා හිතෙනවා. පුතාණෝට විරුද්ධව මං මීට පෙර මෙහි ලියා තියෙනවා. කඩේ නොයන කෙනෙකු බව දැන් පැහැදිළි ඇතැයි සිතේ...

:       0       11

agadi Saturday, 20 November 2021 05:21 PM

විපක්ෂයේ හිටපු කාලේ ඉන්දියාවට පලුපැලෙන්න දොස්කියපු පොහොට්ටුවෝ නේද අද ඉන්දියාව පස්සෙන් යන්නේ...?

:       41       66

janabala asamagiSunday, 21 November 2021 09:22 AM

පොහොට්ටුවේ බහුතරය එජාප පාක්ෂිකයෝ. 69 ලක්ශේ හැදෙන්නේ කොහොමද නැති නම්. විපක්ෂේ හරියට කළා නම් අද පොහොට්ටු නැත .එජාපයට චන්දෙ දුන්න බහුතරය ද්‍රවිඩ සහ 100% මුස්ලිම් ජනතාව. සිංහල ජනතාව ඉතාමත් ස්වල්පයක් තමා හිටියේ . ඔබතුමාත් දෙන්න ඇත්තේ පොහොට්ටුවට අනිවාර්යයෙන්ම

:       0       9

Ajantha Saturday, 20 November 2021 08:15 PM

අනේ මගේ රට .අපිට කවදා සැනසීමෙන් ඉන්න ලැබෙයිද ?

:       0       10

Demuni Uduwara Saturday, 20 November 2021 09:19 PM

හිඟය මඟහරවා ගැනීමට රාජපක්ෂලා සොරකම් කළ දෑ නැවත ගෙවන්න ! පැන්ඩෝරා සල්ලි ගන්න .එය ප්‍රමාණවත්

:       0       10

ranjith Saturday, 20 November 2021 09:21 PM

රටේ සම්පත් විදේශිකයන්ට විකුනලා කනවා, අන්තිමට රට අනතුරේ

:       0       7

kapila Saturday, 20 November 2021 11:01 PM

වීරවංශ උන්නැහේ මොකද දන්නෑ කියන්නේ? උපවාසයක් වත් කරමුද?

:       0       9

Kumara Sunday, 21 November 2021 12:33 AM

අඩු පොලියට ණයට සෝමාලියාවෙනුත් ගන්න පුළුවන්

:       0       13

dasa Sunday, 21 November 2021 07:25 AM

මුන් කට ඇරියොත් කෙලින්නේ බොරු .ගෑස් ආවා කියනවා .හැබැයි තියෙන්නේ පත්තරේ විතරයි .අපේ රට හිඟන රටක් බවට පත් කලේ මේ දේශ පාලුවෝ .රටත් අපිත් හිඟන්නෝ උනාට දේශ පාලුවෝ කෙල කෝටි පතියෝ

:       0       13

Soma dubayi Sunday, 21 November 2021 08:25 AM

ඉතාම හොඳ තීරණයක්

:       4       4

Soma dubayi Sunday, 21 November 2021 08:25 AM

ඉතාම හොඳ තීරණයක්

:       4       4

janahitha Sunday, 21 November 2021 09:16 AM

සැමදාම ණය ගැනීමටත් සුභාසාදනයට සහ දුෂණ වංචා සඳහා මෙම ණය පරිහරණයත් නිසා රට කඩා වැටී ඇත .බහුතර ජනතාවද අලස කම්මැලි ජීවිත වලට හුරු වී ඇත

:       0       8

janabala Sunday, 21 November 2021 09:19 AM

පක්ෂ විපක්ෂ උන් වහාම ගසා කෑ 15% ණය මුදල් වහාම නැවත දියව්. නැති නම් නුඹලා රටින් පන්නනවා.පස්කරලිංගම්, රවී ඇතුළු නඩයටයි අපි කියන්නේ

:       3       5

kamal Sunday, 21 November 2021 11:54 AM

මතකද සුනිල් අයියා... සසර වසන තුරු කියනකොට දඟලපු දැඟලිල්ල..?

:       0       3

chandima Sunday, 21 November 2021 04:46 PM

බංගලි දේශෙන් දෙන්න බහ කියලා වගේ ?කෑම බීම ගන්න කවුද නය දෙන්නේ .ආපසු අයකර ගන්න පුළුවන් වැඩකට නම් දෙයි

:       0       2

sharm warn Monday, 22 November 2021 10:13 AM

මුල්‍ය අරමුදලෙන් ගන්නේ නැතුව රටවල් වලින් හිඟා කන්නේ මොකද දන්නවද.? දෙන ණය මුදලින් කරන්නේ මොනවද කියලා ඒ රටවල් හොයන්නේ නැති නිසා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 166 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 239 0

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 50 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 384 0

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


ජනපති වතිකාන තානාපති කාර්යාලයට ගොස් සොව පළ කරයි
2025 අප්‍රේල් මස 24 147 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි


ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 1184 1

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 719 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 503 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site