IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


’’තෙල් නැව් හතක් එනවා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තෙල්  නැව් හතක් පමණ  මෙරටට ඉදිරි සති කිහිපයේදි පැමිණීමට නියමිතව ඇතැයි  සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී  අද (5) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

හරින් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

මේවා කැබිනට් මණ්ඩලයේ මණ්ඩලයේ කතා වුණු දේවල්. ඩීසල්  හතළිස් දාහක තොගයක්  ලබන 8-9 අතර එනවා. දැවි තෙල් නැවක් 10-11 අතර එනවා. තවත්  ඩීසල්  නැවක් දාහතර වෙනිදා එනවා.
13-15 අතර විටොල් එකෙන්  පැට්‍රෝල්  එකක් එනවා. පහළොස් වැනිදා බොර තෙල් නැවක් එනවා. එදිනම ඉන්දීය තෙල් සමාගමෙන් වෙනම ඩීසල්  එකක් එනවා. විසි දෙවෙනිදාත්  තොගයක් එනවා.

අද විපක්ෂය කලබල වෙලා තියෙන්නේ මේ  වැඩේ  කරාවි කියලයි. මොකද මේක කළොත් ඒ ගොල්ලන් ඉවර වෙනවා. අපි කොහොම හරි මේක කරනවා.

මේ වෙලාවේ කවුරු හරි හොරකම් කරන එකෙක් ඉන්නවනම් ඌට වැහි නැති හෙණ ගහන්න ඕන. හැබැයි අද කෝප් එක  තියෙනවා. 70 ට තියනවනම් එකසිය විස්සට ගන්නෙ මොන පිස්සාද. අරගලයට ව්‍යසනය ගෙනැවිත් වෛරය වපුරන්න හදනවා. එහෙම කරන අයට හරි යන්නේ නෑ මේක වට්ටලා කිසිම අයෙකුට කිසිම බම්බුවක් කරන්න බැහැ.  මේ වෙලාවේ අපි කවුරුත් එකතු වෙන්න ඕන. නැත්නම් මේ රට ගොඩ දාන්න අමාරුයි.



අදහස් (32)

’’තෙල් නැව් හතක් එනවා’’

pakeer Tuesday, 05 July 2022 02:02 PM

බොලාමනේ වලට දැම්මේ? අපි කවදාවත් මේ රට වලට දාන්න වැඩකරපු අය නෙවෙයි. නුඹලාම තමයි බයිලා කිය කියා බලේම රැඳෙන්න හදන්නේ..!

:       0       0

kasun Tuesday, 05 July 2022 02:17 PM

ඔව්, රැවුල් කට්ටියටයි, පුතාණෝටයි ඕනෑ තව මේක වට්ටලා හරි කමක් නෑ බලයට එන්න.

:       0       0

Janaya Tuesday, 05 July 2022 02:24 PM

ආවෙ නැත්නම් අපි ඔබට දෙන්ඩ ඔන වේදනාකරි දඩුවම ඔබම කියන්ඩ ,කොන්දක් තියනවනුම්

:       12       55

Sam Tuesday, 05 July 2022 02:25 PM

හැම ඒකාම දැන් තෙල් ගේනව. අරාබියටත් තෙල් දෙන්න පුලුවන්. තෙල් පිරිල ඉතිරිලා.

:       9       52

duplicate Ralahami Tuesday, 05 July 2022 02:33 PM

ඉන්දන නැව ඒන්නෙ හීනෙන්ද හරීන්?

:       9       45

kamal Tuesday, 05 July 2022 02:38 PM

මොල හතාට නැව් හතයි. මෙ නැව් හතේ තෙල් පුච්චලා ඉවර වුනාම තව හතක් එනවද?

:       11       38

Himali Tuesday, 05 July 2022 02:56 PM

වයි පයිත් ඔයවගේම ආවනේ

:       0       0

Perera Tuesday, 05 July 2022 03:08 PM

මොල 7ක් තියෙනවයි කියපු කෙනෙකුත් ආවා... හැබැයි එක මොලයක්වත් තිබුණේ නැහැ.

:       0       0

Ruhunu Tuesday, 05 July 2022 03:35 PM

කරුණාකරලා අර ලයිට් බිල ගෙවලා දාන්න. තෙල් ගන්න සල්ලි ඕනෑ.

:       0       0

අහිංසක Tuesday, 05 July 2022 03:40 PM

නැව් හතක් නොවෙයි 70 ක් ආවත් ත්‍රීවීලර් කාරයො නිසා මදියි කියලයි කියන්න වෙන්නෙ .උදාහරණය අද එක පිරවුම් හලකට ඉන්ධන ගේනවා හැම තැනම තියෙන ත්‍රීවීලර් හා මෝටර් සයිකල් කල්ලි සෑදී එනවා දවස් දෙකක් යනවිට තමා නැවතත් ඉන්ධන ලැබෙන්නේ .එතකොට මුලින් ගත් ඉන්ධන අවසන් වෙලා ඉවරයි .ගන්න එකා හැමදාම ගන්නවා කොහේද එකෙක් ඉන්ධන ලීටර් 6400 ගබඩාකර තිබුනා කියලා අහන්න ලැබුනා පොරකෑමට බැරි එවුන්ට වයසක එවුන්ට දෙයියන්ගේම පිහිටයි .ඉන්ධන ගන්න එකාලා රටේම යමින් ගන්නවා .පාලකයන්ට ඇවැසි දේ ලැබෙනවා ඉතින් උන්ට මේ ප්‍රශ්න තේරුම් ගන්න බැහැ . පාලකයිනි හැමටම සාධාරණයක් කරපල්ලා

:       7       34

anaTuesday, 05 July 2022 09:34 PM

ඔව් ජූලි 1 සිට එනවා කිවු වැඩ පිළිවෙල කෝ. ආණ්ඩුවට හිතවත් මැරයින් පමණයි තෙල් ගන්නේ.

:       0       0

Tharindu Wednesday, 06 July 2022 06:43 AM

ඒ්ක ඇත්ත ත්‍රී වීලර් අය තමා මෙක අවුල් කරල තියෙන්නෙ

:       0       0

Three wheelThursday, 07 July 2022 05:41 PM

ඇයි ඔයා කාර් කාරයෙක්ද?

:       0       0

Sunil Tuesday, 05 July 2022 03:42 PM

කළින් කිව්වේ එකක් එනවා, දෙකක් එනවා කියලා. දැන් එය ක්ෂණයකින් හතක් වෙලා. මේ බොරු කා උදෙසාද? නමුත් තෙල් කඳුළක් දකින්නට නැත. නැති තෙල්වල මිල වැඩිවී ඇත. බෝනස් වශයෙන් දැන් භූමිතෙල් මිලත් වැඩි කරන්නයි සූදානම...

:       0       0

fairoos Tuesday, 05 July 2022 03:49 PM

හා හා... මේවට කොහෙන් හිනාවෙන්නද? හරීන්ගෙ තාත්තද කිවුවෙ?

:       3       32

BamunuarachchiTuesday, 05 July 2022 07:31 PM

මොනවා කට හැරෙන්න ඔබට හිනාවෙන්න වෙනතැනක් තිබෙනවාද? අනේ එතනින් හිනාවෙලා පත්තරේ පොටෝ එකක් දාන්නකෝ.

:       0       0

de silva Tuesday, 05 July 2022 03:50 PM

අර 10 වැනිදාට ඒනව කිවුව නැව ඒනවද?

:       1       24

de silva Tuesday, 05 July 2022 04:10 PM

කරුණාකර එක වාහනයකට මාසයකට යම් සීමිත ප්‍රමාණයක් ලැබෙන ආකාරයට කූපන්පත් නිකුත් කරන්න. අපේ ගෙදර ළඟ ඉන්ධන හලට ඉස්සර මාසෙකට ඉන්ධන බවුසර 4ක් පමණ එනවා, දැන් 7-8 ඇවිල්ලත් මදි, ගෙවල්වල තිබෙන පරණ ත්‍රිරෝද රථ පරණ කාර් අරන් ඇවිත් පෝලිමේ තබාගෙන තෙල් ජාවාරම් කරන කල්ලි ඉන්නවා...

:       0       0

surain Tuesday, 05 July 2022 04:20 PM

කවුද අනෙ විස්තර දුන්නෙ හරියටම දැන් තාත්තත් නැහෙනෙ හරි පනිවිඩ දෙන්න

:       1       27

රනේ Tuesday, 05 July 2022 04:32 PM

හා.. හා.. පරිස්සමනේ හොඳේ..

:       0       0

mp Tuesday, 05 July 2022 04:37 PM

දැන් මෙයාද තෙල් ඇමති?

:       0       0

විජේ Tuesday, 05 July 2022 04:40 PM

ඇයි මේ නරින්ගෙ වැඩකට නැති දේවල් වලින් පත්තර පුරවන්නෙ

:       0       0

ravin Tuesday, 05 July 2022 04:57 PM

මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැහැ නේද? හතක් නෙවෙයි, හත්සීයක් ලංකාව පහුකරගෙන ගියාට වැඩක් නැහැ. මෙහාට ගොඩබාන්න තෙල් නැව් කීයක් එනවද? කවදද එන්නේ කියන්නකෝ...?

:       0       0

ranjith Tuesday, 05 July 2022 05:10 PM

කටින්ද? මොකෙන්ද මේ කතා කරන්නේ...? පොරක් වෙන්න හදනවා හැමදාම ලොකු ටෝක් දීලා...

:       0       0

Warnasinghe Tuesday, 05 July 2022 05:58 PM

බලශක්ති ඇමැති දන්නවාද?

:       0       0

chandima Tuesday, 05 July 2022 06:04 PM

ඒ කියන්නේ අපට තෙල් අරන් එන නැවද? නැතිනම් වෙන රටවල් වලට තෙල් අරන් යන ගමන් කෑම බීම ගන්න කොළඹ වරායේ නතර වෙන නැවද?

:       0       0

Sampath Tuesday, 05 July 2022 06:35 PM

මූටත් මොළ 7 ක් තියෙනවා වගේ. හැබැයි තියෙන තැන වැරදියි.

:       0       0

Bamunuarachchi Tuesday, 05 July 2022 07:29 PM

බලශක්ති ඇමති කියන්න ඕනේ දෙයක්නේද මේ හාදය කියන්නේ.

:       0       0

wifi Tuesday, 05 July 2022 07:31 PM

හුළගට නැව ඉන්දියාව පැත්තට හැරිලා

:       0       0

විපරමා Tuesday, 05 July 2022 10:19 PM

තමුන් කියන දේවල් දැන් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ. .දෙපිටකාට්ටුවා .

:       0       0

Kumara Tuesday, 05 July 2022 10:56 PM

තෙල් නැව් ගාණත් කියනවා. මෙයාට මොන මොනවා කියයිද දන්නේ නැහැ..?

:       0       0

Mendis Wednesday, 06 July 2022 05:31 PM

ගොඩබාන්න කලින් ඒවා නිසි පරිදි බෙදා හැරීමේ ක්‍රමයක් හා සැලැස්මක් හදන්න වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක් වෙලා. අද කාලෙ bike එකක් හෝ වාහනයක් තියෙන සෑම කෙනෙක් ගාවම තියෙනව Smartphone ekak....app එකක් භාවිතයෙන් පුලුවන් වාහනයේ ලියාපදිංචි අංකය වෙනුවෙන්ම තෙල් යම් ප්‍රමාණයකට ලබාදෙන්න යම්කිසි කාල සීමාවකට...ඒ වගේ දේවල් ඔබතුමාලට කරන්න කොන්දක් , හැකියාවක් තියෙයිද කියල බලමු.... නැත්නම් එකම විසදුම මේ කාලකන්නි කරපු අපේ රට අත් හැර යාම විතරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1080 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 277 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2139 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 256 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 610 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2520 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site