IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


තෙල් නැවෙන් ඉන්දීය සාගරයට තෙල් කාන්දුවීම් අවදානමක්

ශ්‍රී ලංකාවේ මුහුදට ඔබ්බෙන් ඉන්දීය සාගරයේ ගිනිගෙන දැවෙමින් තිබෙන තෙල් නෞකාවෙන්, ඉන්දීය සාගරයට තෙල් කාන්දුවීමේ අවදානමක් ඇතැයි ද ගින්න තවමත් පාලනය කරගත නොහැකි තත්ත්වයක පවතින බවත් විදෙස් මාධ්‍ය අද (4) වාර්තා කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය එක්ව ජලය ඉහිමින් ගින්න නිවීමට පාලනය කරන අතර ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ගින්න නිවීමට එක්ව තිබුණේ යැයි ප්‍රංශ පුවත් සේවය ඊයේ වාර්තා කර තිබිණි.

‘නිව් ඩයමන්ඩ්’ යනුවෙන් හැඳින්වෙන මෙම නෞකාව පැනමාවේ ලියාපදිංචි කරන ලද නෞකාවකි.

කුවේට් රාජ්‍යයේ මිනා අල් අහ්මිදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත ගමන් කරමින් තිබූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. මෙම නෞකාව ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) සමාගම කුලියට ගත් නෞකාවක් බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉල්ලීම මත ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා තුනක් සහ ගුවන් යානයක් පිටත් කළ බව එන්.ඩී.ටීවී. පුවත් සේවය පෙරේදා වාර්තා කළේය. ඊට අමතරව තවත් ඉන්දීය නාවික යාත්‍රා කිහිපයක් ගින්න නිවීමට සහාය වීම සඳහා පැමිණ ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

මෙම නෞකාව බොරතෙල් ටොන් 270,000ක් සහ ඩීසල් ටොන් 1,700ක් රැගෙන ගමන් කරමින් තිබී ඇත.

නෞකාවේ එන්ජින් කාමරයේ ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් පිලිපීන ජාතිකයකු මරණයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය. මෙම ගින්න ඇතිවූයේ බ්‍රහස්පතින්දා, එනම් පෙරේදා ය.

කාර්ය මණ්ඩලයේ ඉතිරි 22 දෙදෙනා (ග්‍රීක ජාතිකයන් පස්දෙනකු-පිලිපීන ජාතිකයන් 17 දෙනකු) මුදා ගැනීමට හැකි වූ බව ද නිලධාරීහු කීහ.

මීටර 330ක් දිගැති මෙම නෞකාවේ භාණ්ඩ ඇති කොටස ගින්න ව්‍යාප්ත වී නැතැයි නිලධාරීහු ඊයේ (4) පෙරවරුවේ කීහ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට කිලෝමීටර 60ක් දුරින් ගමන් කරමින් තිබියදී නෞකාව තුළ මෙම ගින්න ඇති වී තිබේ.

ගින්න වර්ධනය වීමත් සමඟ නෞකාව ශ්‍රී ලංකාවේ වෙරළ තීරය දෙසට ඇදගෙන පැමිණි බවත් එය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට කිලෝමීටර 10ක් දුරින් ඇති බවත් නිලධාරීහු කීහ.

මුහුදු මට්ටමේ මීටර 10ක් ඉහළින් නෞකාවේ බඳ කොටසේ මීටර දෙකක පැල්මක් ඇති වී ඇතැයි ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සඳහන් කළේය.

නෞකාව අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගුවන් යානාද යොදවා ඇත. නෞඛාවෙන් තෙල් කාන්දුවීමේ අවදානමක් නැතැයි ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

‘‘මේක පේන තරම් නරක නැහැ. ගින්න භාණ්ඩ තිබෙන කොටසට පැතිරිලා නැහැ. ගින්න පාලනය කළ පසු ගැඹුරු මුහුද දෙසට නෞකාව තල්ලු කරගෙන යනවා’’ යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී සුදන්ත රණසිංහ මහතා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

නෞකාව මුදා ගැනීමට පෙර එහි තිබෙන බොරතෙල් තොගය වෙනත් නෞකාවකට මාරු කිරීම කෙරෙහි සලකා බලන බව ද හෙතෙම කීය.


ඒ.එෆ්.පී./එන්.ඩී.ටීවී.
055 



අදහස් (4)

තෙල් නැවෙන් ඉන්දීය සාගරයට තෙල් කාන්දුවීම් අවදානමක්

thissa Friday, 04 September 2020 12:45 PM

මුලුලෝකෙම බලාගෙන ඉන්නේ අපිට වරදිනකම් නේද?

:       0       345

Prabha Friday, 04 September 2020 01:37 PM

ඔක්කොම දේවල් එකම කණ්ණාඩිය දාගෙන බලනකොට එහෙම පේනවා.

:       268       0

Nimal Friday, 04 September 2020 02:13 PM

තිස්ස ඔබ හරියටම හරි.. කණගාටුවට කරුණ නම් මුලු ලෝකය පමණක් නොවේ... අපේ සමහරුන්ටත් අපිට වැරැදි අංකෙන් බලාගෙන සිටීමයි.

:       0       82

chandima Friday, 04 September 2020 06:29 PM

වටේ ගිහින් ප්‍රවෘත්තිවලට රැවටෙන්න එපා. ඒ අය කවදත් කියන්නේ අපට වැඩේ වරදින්න යනවා කියලා. නැව ගිනිගන්නේ අපේ රටේ ඉඳලා හැතැප්ම 40ක් 50ක් දුරින්. එතැනට මුලින්ම ගියෙත් අපේ හමුදාව... හෙළිකොප්ටර්වලින් ගින්න නිමන්නෙත් අපේ එවුන්... ඔයා පණ යනකල් තියෙන්නේ අපේ පත්තර ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා... යාලු ප්‍රජාව කියන එකම පිළිගත්තු කාලේ ගියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 454 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 834 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 451 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1216 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 685 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3001 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1888 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site