(සුජිත් හේවාජුලිගේ )
තෙල් සංස්ථාව ආර්ථික දුෂ්කරතා මැද පවත්වාගෙන යන හෙයින් ඉන්ධන සඳහා අය කෙරෙන බදු මුදල් අඩුකර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.
මිල සංශෝධනයක් නැතිනම් ඉන්ධන සඳහා අය කෙරෙන බදු මුදල අඩු කර ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා ළඟදීම හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය මාසය මාස දහයක කාලයේදී පමණක් රුපියල් කෝටි 7000 ක පමණ පාඩුවක් ලබා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රධාන බැංකු දෙකට රුපියල් කෝටි හාරසියයකට ආසන්න ණය මුදලක් ගෙවීමට ඇති බවත් එම මුදලද කොටසින් කොටස ගෙවා ගෙන යන බවත් සංස්ථාවේ සභාපතිවරයා කීවේය.
සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 30 කට වැඩි පාඩුවක් ලබන බවද සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙල් බදු අඩුකරන්නැයි ඇමැති ඉල්ලයි
amara Saturday, 04 December 2021 10:05 AM
නොමිලේ තෙල්දෙන හැම තැනක්ම නවත්ත ගන්න දුෂ්කරතා නැතිවෙයි.. නැත්නම් නැත්තටම නැතිවෙයි...
de silva Saturday, 04 December 2021 11:44 AM
අර මිල සූත්‍රය දිගටම කරගෙන ආවානම් නිකන් බොරුවට කරදර වෙන්නේ නැහැනේ.. මංගලට බැනලා නිකන් ඉන්න තිබුණා...
yaka Saturday, 04 December 2021 11:47 AM
මේ අය කතා කරන්නේ අපි නිකන් තෙල් ගහනවා වගේනේ... නොදකින්.. ඉස්සෙල්ලා කියන්න කාටද පාඩුවට දෙන්නේ, නිකන් දෙන්නේ කාටද කියලා... ඕකේ ඉන්නේ හැත්තත් වැඩිපුරම නිකන්නේ ඉන්නේ...!!!
එච් එම් ගුණවර්ධන Saturday, 04 December 2021 02:02 PM
අපේ තෙල් සංස්ථාව පාඩු ලබනවා ඉන්දියන් සමාගම (අයිඕසී) ලාබ ලබනවා. එකම මිලට තෙල් විකුණලා එයාලා කොහොමද ලාභ ලබන්නේ සමහරවිට අපේ රටේ මිනිස්සු ගැන දුකහිතිලා අයිඕසී සමාගම පින්තකා පාඩුවට දෙනවා ඇති නේද? ආණ්ඩුව කෝටි 700ක් පාඩු ලබන කොට අයි.ඕ.සී. අඩුම කෝටි 300ක් වත් පාඩු ලබන්න ඇති නේද? රටේ හරක් ටිකක් අඩුවේගෙන යන බව සිහියට ගන්න..
asankaSaturday, 04 December 2021 06:30 PM
අපේ තෙල් සංස්ථාව පාඩු ලබන්නේ, ඉන්ධන මිලවත් ගෙවා ගත නොහැකි රජයේ ආයතන වලට තෙල් සැපයීම නිසයි. උදාහරණයක් නම ශ්‍රී ලන්කන් ගුවන් සේවය.