(සුජිත් හේවාජුලිගේ)
තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ ඇති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු රැසක් යාපනයට ගෙන ගොස් පුළුස්සා දැමීමේ සූදානමක් වාර්තාවීමෙන් පසු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිලධාරින් කණ්ඩායමක් වහාම එහි පැමිණ එම උත්සාහය වළක්වා ඇත.
පසුව එම ලියකියවිලි වගකිවයුතු නිලධාරියකු බාරයට පත්කර ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
දූෂණ වංචා සම්බන්ධ මෙම ලිපි ගොනු විනාශ කිරීමට සූදානම් වී ඇතැයි පැවසෙන්නේ මෙම සභාපතිවරයා විසින් එම මණ්ඩලයේ උසස් තනතුරකට මෑතකදී පත් කෙරුණු නිලධාරියක බව දැනගන්නට ඇත.එම නිලධාරිනියද විවිධ දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබූ තැනැත්තියක බව ආරංචි මාර්ග සඳහන් කළේය.
අමාත්‍යාංශයේ විගණන කළමනාකරණ කමිටුවේදී පසුගිය 8 වැනිදා ගත් තීරණයක් අනුව මෙම ලිපි ලේඛන පිටතට ගෙන යෑම මෙසේ වළක්වා ඇත.
මේ අතර තල් සංවර්ධන මණ්ඩලයේ මුල් පුටුවකට මූලික අධ්‍යාපන සුදුසුකම් හෝ සපුරා නැති මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති පුද්ගලයකු පත්කර ඇතැයි එහි සේවකයෝ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට ලිපියක් යවමින් දැනුම් දෙති.
එසේම මෙම ප්‍රධානියා කෝටි හතරකට ආසන්න මූල්‍ය වංචාවලට සම්බන්ධ අමාත්‍යාංශ පරීක්ෂණවලින් පසු ඉවත් ඉවත් කෙරුණු නිලධාරීන් පිරිසක් එම මණ්ඩලයට පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවටද ඔවුහු චෝදනා කරති.
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තල් ලොක්කාගේ ‘ගින්න’ අතේ පත්තු වෙයි
Premachandra Tuesday, 14 January 2025 08:11 AM
ඕවා 1988-89 භීෂණ කාලයේත් සමහරක් පළාත් පාලන ආයතනවලත් සිදුවෙලා තියෙනවා එක්තරා පළාත් පාලන ආයතනයක හිටපු ලිපිකරුවෙකුට විනයානුකූලව දඩුවමක් දීලා එම ලිපිය පුද්ගලික ලිපි ගොනුවෙ ගොනුකර තිබුනා ඉතින් එම පුද්ගලයා එම කාර්‍යාලය ගිනිතබා එම ලේඛන විනාශකලේ ජවිපෙ විසින් ඒවා කලා කියන්න තමයි අන්තිමේ අදාල පුද්ගලයා අතැතිව තිබූ ලිපිවල පිටපත් අරගෙන ගොනුව සකසා නිර්දෝශි කෙනෙක් වගේ ශ්‍ර්‍රිලංකා පරිපාලන සේවයේ විභාගයටත් ලියා සමත්වෙලා එක්තරා පළාත් සභාවක ඉහල තනතුරක් දරා විශ්‍රාම ගත්තා