IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තෛලෝක විජය පත්‍ර වවන්න කැබිනට් අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ )

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා  ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (5) හිමිවිය.

එම කැබිනට් පත්‍රිකාව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාය.

දේශීය නගා සිටුවීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානයෙන් ඉදිරිපත් කළ එම  පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ගැන තමා ඉමහත් සතුටට පත්වන බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

විදේශ විනිමය ගෙනෙන ඩොලර් මැෂිම මෙම කැබිනට් අනුමැතිය සමග තමා ලංකාවේ සවි කරන බව පැවසූ ගමගේ මහත්මිය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවාදී තීරණ ගැනීමේදී කිසිම බලවේගයකට යටත් නොවන රොබින් හුඩ් වැනි වීරයකු බවද   සඳහන් කළාය.

ඖෂධීය ශාකයක් ලෙස ආයුර්වේද පනතින් 1964 දී ශ්‍රී ලංකාව ඇතුළු ආයුර්වේද  ක්ෂේත්‍රයට ප්‍රමාණවත් ලෙස වගා කිරීමට ආයුර්වේද කොමසාරිස්වරයාට නෛතික බලය  දී තිබුණද එමගින්  විදේශීය ආයෝජන ලබා ගැනීමට සහ ඩොලර් ඉපයීමට කිසිම උපක්‍රමයක් නොතිබූ බව  ගමගේ මහත්මිය පැවසුවාය.

ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ එම කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



අදහස් (4)

තෛලෝක විජය පත්‍ර වවන්න කැබිනට් අනුමැතිය

jayasundara Monday, 05 February 2024 07:14 PM

මමත් රොබින් හුඩ් බලලා තියෙනවා... ඒත් කොතැනකවත් ලෝක හොරු රකිනවා දැකලා නෑ...

:       0       0

නිර්මාල් Monday, 05 February 2024 07:38 PM

කංසා වවන්න ඔය ඇමැතිලාගේ පවුල්වල අයටයි, යාලුවන්ටයි තමයි අනුමැතිය ලැබෙන්නේ... වෙන කාටවත් අනුමැතිය දෙන්නේ නෑ. කංසා ඒකාධිකාරය තමන් ළඟ තියාගෙන උපරිම ලාබගන්න දේශපාලකයින්ගේ තවත් උප්පර වැට්ටියක් ඕක....!

:       0       0

Dasa P Tuesday, 06 February 2024 12:47 AM

ගණිකා වෘර්තියත් අනුමැතිය ගත්තානම් මැෂිම අංග සම්පූර්ණයි

:       0       1

Pubudu Tuesday, 06 February 2024 08:52 AM

සල්ලි හොයන්න අපේ කැලෑ ටික විකුනන්න තමයි වෙන්නේ

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 144 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 797 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 636 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 343 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2595 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 955 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site