(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ විවේකාගාරයේ පෞද්ගලික බඩු බාහිර ආදිය තැනැපත් කරන ලාච්චුවක (ලෝකරයක) තිබී ටී 56 උණ්ඩ 26 ක් සිය බාරයට ගත් බව තලංගම පොලීසිය කියයි.
මෙම ජීව උණ්ඩ තිබූ කුඩා පෙට්ටියේ හිමිකරු බව කියන රියදුරුවරයා සේවය නිමාවීමෙන අනතුරුව නිවසට ගොස් ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලින් හෙළි වී ඇත.
අද උදෑසන සේවයට ආ රියදුරු මහතෙකු සේවක විවේකාගාරයට පැමිණි අවස්ථාවේ ජීව උන්ඩ දෙකක් කුඩා පෙට්ටිය අසල බිම වැටී තිබෙනු දැක ඒ බව ඩිපෝවේ ඩිපෝ අධිකාරීවරයාට දැනුවත් කිරීමෙන් පසු තලංගම පොලිස් ස්ථානය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරින් පැමිණ සිදුකළ පරීක්ෂාවේදී ඉටි උරයක අසුරා තිබූ මෙම ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
සැකකාර රියදුරුවරයා වයස අවුරුදු 40 හැවිරිදි වියේ පසුවන වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය පැවසීය.
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
තලංගම ඩිපෝවේ රියදුරු විවේකාගාරයෙන් උණ්ඩ 26ක් මතුවෙයි
කිරිපුතා Tuesday, 22 June 2021 06:56 PM
ඒ උණ්ඩ දාන ආයුධයත් හොයා ගන්න වේවි. මනුස්සයා රියදුරු වැඩේට අමතරව තව වැඩක් කරගෙන ගිහින් වගේ