(ඩී.ජී.සුගතපාල)
අ.පො.ස විභාගයට පෙනි සිටිමෙන් පසු සංචාරයක් සඳහා පැමිණ හබරාදුව තල්පෙ කහවැන්නගම මුහුදු වෙරලේ දිය නාමින් සිටි සිසුවකු අද සවස දියේ ගිලි අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ දියේ ගිලි අතුරුහන්ව ඇත්තේ කුරුණෑගල නයිලිය පහලගම බොයගනේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.
මෙම සිසුවා ඇතුලු 41 දෙනකුගෙන් යුත් සිසුන් සහ මව්පිය කණ්ඩායමක් කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පංති පවත්වන ගුරුවරයකු සමග සංචාරයක් සඳහා ගාල්ලට පැමිණ ඇත.
එසේ පැමිණ අද සවස තල්පේ ප්‍රදේශයට පැමිණ මුහුදේ නාමින් සිටියදි මෙම සිසුවා දියේ ගිලි අතුරුදහන්ව ඇත.
නාවික හමුදාව සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් දිය් කර ඇතත් මේ වනතුරු සිරුර සොයා ගැනිමට නොහැකිවි ඇත. නාවික හමුදා නිලධාරියකු පැවසුවේ මුහුදේ ප්‍රචණ්ඩත්වය නිසා කිමිදිමට අපහසුවක් ඇති බවය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහපරිමාන ව්‍යාපාරික ආයතන රැසක හිමකරුවකු වු ප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ දේහයේ අවසන් කටයුතු අද 04 දින සවස ජාඇල වැවල
දුම්කොල ලයිටර සහ පිහි තලයක් අඩංගු පාර්සලයක් ගාල්ල බන්ධනාගාරය තුලට දමා තිබිය දී අද(04)වන දා සවස සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය ප
යාපනය දිස්ත්‍රික්කයේ දී ද අද(04)වන දා ජාතික නිදහස් දින සමරු උත්සවයක් පැවැත්විණි.
කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක
සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක්(AH ලියාපදිංචි කිරීම)අරඹා ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සාපෙළ අවසානයේ චාරිකාව මළගමක් වේ
ගමේ එකාලා Saturday, 10 June 2023 07:12 PM
අවදානම් බව දැන දැනත් පීනන්න යනවනනේ. හැමදාම පීනන්න ගිහින් සිදුවෙන අනතුරු ගැන කොතෙකුත් අහන්න ලැබෙනවා. විනෝද චාරිකාව සංවිධානේ කරපු අය ඔක්කෝටම හපන්...?
Piyal weerasinghe Saturday, 10 June 2023 08:20 PM
මොනතරම් මාධ්‍යවලින් උගුර ලේ රහ වෙනකම් කියනවා මේ දවස් වල අනතුරු ඇති තැන්වල නාන්න එපා කියලා. මේවාට වග කියන්න ඕනෑ සංවිධානය කරපු වැඩිහිටියෝ...