IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තුවක්කු ආඥා පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

1969 අංක 33 දරණ තුවක්කු ආඥා පනත සහ 1996 අංක 22 දරණ තුවක්කු සංශෝධන පනත මගින් නියම කර ඇති බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කර සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම පනතේ ප්‍රතිපාදන අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බලපත්‍ර මත ගිනි අවි නිකුත් කිරීම සිදුකරනු ලබන අතර ඒ සඳහා වාර්ෂික බද්දක් අය කරනු ලබයි.

මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ගිනි අවි ප්‍රමාණය 34318 ක් වන අතර බලපත්‍ර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 45ක පමණ මුදලක් වාර්ෂිකව මහා භාණ්ඩාගාරය වෙත බැර කරනු ලැබේ.

කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි  1816 අංක 33 දරණ තුවක්කු ආඥා පනත හා 1996 අංක 22 දරණ තුවක්කු පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගෙන ඇති නමුත් එකී සංශෝධන සිදු කරනු ලබන තෙක් අදාල බලපත්‍ර ගාස්තු වත්මන් අවශ්‍යතා අනුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි රජය කියයි.

ඒ අනුව කටයුතු කිරීමට හැකිවන පරිදි තුවක්කු ආඥා පනතේ 24 වගන්තිය හා 34 වගන්තියේ (1) උප වගන්තිය කඩිනමින් සංශෝධනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

 



අදහස් (0)

තුවක්කු ආඥා පනත සංශෝධනයට

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 402 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 4 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 438 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 725 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 560 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 395 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site