(ඩයනා උදයංගනී)
ආර්ථිකය ශක්තිමත් නොකර තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකි බව නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
පසුගිය දිනවල රුපියල ශක්තිමත් වූ බව පෙනුණත් දැන් යළිත් එහි අගය පහළ යමින් ඇතැයි කී මන්ත්‍රීවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරනවිට රුපියලේ අගය වර්තමානයේ තරමටවත් පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය පවැත්වීමට නොහැකි නම් පාර්ලිමේන්තු මැතිවරණය හෝ පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි කී නාලක ගොඩහේවා මහතා ජනාධිපතිවරයාට මෙම මාසයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන බව ද කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනතාවට තමන්ගේ මහජන නියෝජිතයන් තෝරාගැනීමට අවස්ථාව දිය යුතු බවත්, ජනාධිපතිවරයාට 2025 පමණ වන තුරු එම ධුරයේ කටයුතු කළ හැකි නිසා අවශ්‍ය නම් නව පාර්ලිමේන්තුවකින් සර්වපාක්‍ෂික ආණ්ඩුවකට ද ආරාධනා කළ හැක බව ගොඩහේවා මහතා කීවේය.
දිගින් දිගටම වැඩවර්ජන පැවතුණොත් එය රටේ ආර්ථිකයට දැඩිව බලපානු ඇතැයි කී ගොඩහේවා මහතා රජය ආදායම් වැඩිකරගැනීම සම්බන්ධයෙන් මෙන්ම ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් ද සංවේදී විය යුතු බව පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකියි
de silva Thursday, 16 March 2023 04:20 PM
රුපියල දුර්වල විම සතුටට කාරනයක් නොවෙ, නමුත් රුපියල කෘතිමව ඉහල තබාගැනිම නිසා බරපතල ප්‍රතිවිපාක විදින්න සිදු වෙන්න පුලුවන් , රුපියල ශක්තිමත් කරගන්න ඔනෙ නම් දීර්ගකලින් සැලසුම් සකස් කරගන්න ඔනෙ , ලංකාවෙ භාන්ඩ නිශ්පාදනය සහ සේවා අංශ පුලු කරගන්න වෙනව , මෙව කරන සුලු සහ මද්‍යම ව්‍යාපාරිකයන්ට අවශ්ය අමුද්‍රව්‍යය පිටරටින් ගෙන එන්න සහ ඔවුන්ගෙ එදිනෙදා ප්‍රශ්න විසදීම අනිවාර්ය වෙනව , විදේශ ශ්‍රමිකය ගනත් සොයා බලන්න ඔනෙ , කොටසකට ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වන්න දුන්න කියල ඔවුන්ගෙ ප්‍රශ්න සියල්ල විසදෙන්නෙ නැහැ , යුරෝ සන්චාරකයන්ට විසා දෙනකොට කලාපෙ තාඉලන්තය සහ මාලදිවඉන කරන ආකාරයට සහන දීම අත්‍යවශ්‍යය වෙනව, රුපියල යම්කිසි විදිහකින් ලබන මස 2-3 තුල 400 පැන්නොත් , අපි විශාල ආර්තික අගාදයක වැටෙනව.
de silva Thursday, 16 March 2023 04:29 PM
ඔබ අතුලු පරන පොහොට්ටු පිලට පර්ලිමෙන්තුවෙ විශල බහුතරයක් තිබෙන නිස අර්තිකය ගොඩ ගන්න අවශ්ය ඔනෙම පනතක් පර්ලිමෙන්තුවෙ සම්මත කරගන්න පුලුවන් , එකට විපක්ශයක් අවශ්ය වෙන්නෙ නැැ , ඔබල සතුව විසඩුම් නොමතිනම් හො එව ක්‍රියත්මක කරන්න ශක්තියක් නොමති නම්, පර්ලිමෙන්තුව විසුරුව අලුත් මතිවරනෙකට යන්න ඔනෙ , සර්වපක්ශික අන්ඩු වලට ජනතවගෙ කමට්තක් නොමති අතර විශල ජනත විරොදයක් එල්ල වෙන්න පුලුවන්, පර්ලිමෙන්තුවෙ 225 න් 85% පමන විශල ජනත විරොදයක් අති අතර , බොහො දෙනෙකු උගත්කමක් නැති, දූශිත වයෝවෘද දේශපාලකයන් පර්ලිමෙන්තුවෙන් ඉවත් කර තරුන, අවංක උගත් දේශපාලකයන් පර්ලිමෙන්තු යවන්න බලපොරොට්තු වෙනව,
පිටිගල මිලානෝ Thursday, 16 March 2023 04:35 PM
මොකෝ මේ මූකලං බස්සා වගේ හෙමීට එළිබැස්සේ….? ආයෙත් ස’ ප්‍රසංගය පවත්වන්නද..?
චාන්දනී ෆ්‍රැන්සිස්කා Friday, 17 March 2023 05:17 AM
අනේ .උඹේ නායකත්වය ඇතුව හදපු කියත්මගේ නගින්න බැරිද ගොඩයො රටේ ඇතිවූ සියලු ප්‍රශ්න වලින් සියයට හැටක් තරමට නුඹ වගකිවයුතුය කියලා තමයි ජනතාව හිතන්නේ .ඉස්සර අපි කිව්වෙ බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට කියලා තමයි ඒ නිසා උඹට පුළුවන් වැඩක් පැත්තකට වෙලා කරපං රට කන්න එපා
Sobana Friday, 17 March 2023 05:42 AM
ගෝටාභය ගෙනල්ලා රටම ඉවරකරපු මහාචාරිය
BamunuarachchiSaturday, 18 March 2023 12:03 PM
ඝෝඨාභය ගෙනැල්ලා රටට මුතුත් වුනේ නැහැ. පාහර ජෙප්පන් නිසා රට අගාධයට ගියා. බලපල්ලා ජෙප්පන්ට මොකද වෙන්නේ කියා. කන් ඇහෙනවා නම් ජෙප්පන්ගේ කතා නොවෙයි මහා බැංකු අධිපතිගේ කතා අහන්න. අනුර දන්නා ආර්ථිකයක් නැහැ. එයා පෙන්වන්නේ ඔක්කෝම දන්නවා වගෙයි. ඒත් ඉංග්‍රීසි බෑ...