(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී යතුරුපැදියකින් පැමින පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්දීයේ මහ මොලකරු ඇතුලු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
ඩුබායි රටේ සැඟවී සිටින ගඩ්ඩා නොහොත් මාකස් ජෝස්ප්ගේ කල්ලිය සහ විදේශගතව සිටින බත්තරමුල්ල බන්ටිගේ පාතාල කන්ඩායම් අතර ගැටුමේ ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව තලංගම පොලීසියේ නිලධාරින් අනාවරනය කරගෙන ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙම ඝාතන සැලසුම් කළ බව කියන අතුරුගිරියේ 34 තරුණයෙකි.
සැකකරු මෙය සැලසුම් කර ඇත්තේ ඩුබායි රටේ සැඟවී සිටින ගඩ්ඩා නොහොත් මාකස් ජෝස්ප්ගේ උපදෙස් මත බව මූලික පරීක්ෂණවලින් හෙලි වූ බව ද පොලීසිය පවසයි .
මෙම සැකකරුට හා ගඩ්ඩාහට අතුරුගිරියේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනාවක්ද ඇති බවත් මැසෙන්ජර් හරහා ඩුබායි සිටින ගඩ්ඩා නැමැත්තා සමග තොරතුරු කතාබහ කර ඇති බවද අනාවරණය වී ඇත.
සැකකරු සමග ඝාතනය සදහා භාවිතා කළ යතුරු පැදියට යොදාගත් ව්‍යාජ අංකතහඩුව සකසන ලද අතුරුගිරියේ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තවත් ඝාතනයකට දෙකක් මාට්ටු