විනීතා එම් ගමගේ
මෙරට වරායන්ට එන නැව්වලින් ඉවත් කරන දැවිතෙල් වෙනුවෙන් නැව් සමාගම් මගින් රටට මුදල් ගෙවිය යුතුව තිබිය දී දේශීය ව්‍යාපාරිකයන් කිහිප දෙනකු එම තෙල් මුදල් ගෙවා නැව්වලින් මිල ගෙන එම තෙල් නීතිවිරෝධී ලෙස පරිසරයට මුදා හැරීමෙන් විශාල පරිසර දූෂණයක් සිදුවන බවට හෙළි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
මෙසේ රට තුළට ගන්නා දැවිතෙල් ප්‍රමාණන ටොන් 20000 ක් ඉක්මවන බවත් අමරවීර මහතා පැවසීය.
මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පුද්ගලයන් හා ආයතන27 කට බලපත්‍ර ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
වෙනත් රටවල දී නම් සිදුවන්නේ අදාල නැව හිමි සමාගම විසින් දැවි තෙල් වරායට භාර දෙන අවස්ථාවේ ඒ වෙනුවෙන් වරායට මුදල් ගෙවීම වුවත් මෙරට දී නැව්වලට මුදල් ගෙවා ඒවා මිල දී ගැනීමෙන් රටට හිමි විය යුතු විනිමය අහිමිවීමක් ද වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දැවි තෙල් මිල දී ගන්නා ව්‍යාපාරිකයන් 27 දෙනාගෙන් පිරිපහදු සඳහා හැකියාව පවතින්නේ සිව් දෙනකුට පමණක් බවත් ඔවුන්ට ද පිරිපපහදු කළ හැක්කේ මෙට්‍රික් ටොන් 4800 ක් පමණක් බවත් කී අමාත්‍යවරයා අනෙක් පිරිස් බවුසර්වලම දැවි තෙල් තබා දින කිහිපයකින් බවුසරයේ පතුලේ තැන්පත් වන ජලය කිසිදු පිරිපහදුවකින් තොරව පරිසරයට මුදා හැර මතුපිට ඇති තෙල් විවිධ කර්මාන්තකරුවන්ට අලෙවි කරන බව ද හෙළි දරවු වී ඇතැයි ද කීය.
දැවිතෙල් නැමැති කුණු ගොඩ මුදල් ගෙවා රට තුළට බාර ගන්නා එකම රට ශ්‍රී ලංකාව යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තවත් පරිසර විනාශයක් ඇමැති අමරවීර පෙන්නයි
sds Friday, 24 September 2021 03:31 PM
බොහෝම ස්තුතියි දැනුවත් කලාට... අපි මොනවා හරි කරන්නම්. ඔයා පරෙස්සමෙන් ඉන්න.
පැරකුම් Friday, 24 September 2021 03:40 PM
අදාල ඇමතිවරයා නිසි පියවර නොගෙන නිකම් කටමැත දෙඩවීමෙන් ඇති පලය කුමක්ද? එසේ පියවර ගත නොහැකි නමිි වහාම ඇමති කමෙන් අස්විය යුතුය.
SUMANASIRI Friday, 24 September 2021 04:08 PM
මෙයත් තව විදුර වගේම කෙනෙක් තමයි. කයිවාරු විතරයි. වැඩ නැහැ.
Ranga Friday, 24 September 2021 11:47 PM
94 පස්සේ ආව අයගෙන් වැඩක් කරපු කෙනෙක් නැ.. කට විතරයි... වැඩ කරානම් කලේ සරත් ෆොන්සේකා විතරයි...