(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාගම පොල්පිතිමූකලානේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට ඉකුත් පස්වැනි වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන වෙඩික්කරුවකු අත්අඩංගුවට ගැනීමට අද අලුයම් කාලයේ පොලිසිය ගිය අවස්ථාවේ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සැකකාර රාමායියා ජෙයරාජ් නැමැත්තා සපුගස්කන්ද ගෝනවිල ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින බවට පොලිසිය ලද තොරතුරකට අනුව පොලිසිය එම නිවස වටලා ඇත. ඒ අවස්ථාවේ සැකකරු පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පසු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි කා මියගිය සැකකාර පුද්ගලයාගේ සිරුර කිරිබත්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තවත් වෙඩික්කරුවකු වෙඩි කා නසී
බක්මීගොල්ල Monday, 16 October 2023 08:12 AM
අවි ගත්තෝ අවියෙන් නසී " කීවේ නිකං නොවේ.
Bamunuarachchi Monday, 16 October 2023 08:13 AM
මේක තමයි ක්‍රමය වෙන්න ඕනේ. ත්‍රස්තයාට ඌට තේරෙන බාෂාවෙන් කථා කරනවා වගේ පාතාල යින්ට උන්ගේ ක්‍රමයෙන්ම උත්තර දෙන්න ඕනේ. මාධ්‍ය කාරයින්ට සිද්ද උනේ මොකක්ද කියා දැනගන්න ඉඩ තියන්න එපා. ඔඋන් මිනිස් අයිතිවාසිකම් ගැන කථා කරන්න පටන්ගන්නවා
ධනුෂ්ක Monday, 16 October 2023 12:51 PM
ඕකුන්ට සමාජයේ ස්වාදීන පැවැත්මක්. ඕකුන නඩත්තු කරන අයට දෙන දඬුවම මොකද්ද
Bunny Preena Monday, 16 October 2023 11:14 AM
පාතාලයින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන එකාලා..., පාතාලයින් නිසා පීඩා විඳින අහිංසක මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැහැ.
Rata PerataMonday, 16 October 2023 12:10 PM
ඒ වගේම පාතාලය පෝෂණය කරන උන් ගැන කතා කරන්න එකෙක් ට කොන්දක් නෑ .අමැති කුඩු ගෙනාවා .ඒවා බෙදන්න කොල්ලෝ ගන්නවා .උන්ගේ ආරක්ෂාවට අවි දෙනවා.ඌ පාතාලය කියා මරලා දානවා .ජනතාව හුරේ දානවා
Hemantha Monday, 16 October 2023 11:35 AM
නියමයි ,විය යුතු සිදුවෙමින් පැවතේ
CK.Lankaputhra Monday, 16 October 2023 04:49 PM
රටක් පොලිසියක් මේ විදිහේ පාතාලය මර්දනය කිරීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා නම් හෝ රටක නීතිය එම ක්‍රියා මාර්ග අනුමත කරනවා නම් හෝ ජනතාවගෙන් කොටසක් හෝ ඒවා අනුමත කරනවා කියන්නේ අවනීතියට ඉඩහැරීමත් රටේ ක්‍රමයයි කියන එකයි. තවත් වචනයකින් කියනවා නම් පොලිසියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා නඩු ඇසීම දඩුවම් නියම කිරීම හා දඩුවම ක්‍රියත්මක කිරීමේ බලය පොලිසිය සතු බව හා අවස්ථානුකූලව එය ක්‍රියාත්මක කිරීමේ අයිතිය පොලිසිය සතු බවයි. එය ගමේ අප්පුහාමිලාට හා කමලාවතීලාට මේක නොතේරුණාට රටේ බුද්මධිතුන්ට මේක නීතිය ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි විකුර්තියක් බව මනාසේ වැටහේ. මෙවැනි ක්‍රියාමාර්ග තුලින් අපරාධ මර්දනය කළහැකි යයි යමෙකු සිතනවා නම් එය ඒ තැනැත්තාගේ මන්දබුද්ධික භාවයකි.