( ප්‍රසාද් රුක්මල් )
බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක 6 වසරේ ඉගෙනුම ලබන 10 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක වෑන් රථයක දමාගෙන පැහැරගෙන යාමට ගත් උත්සහයක් ව්‍යර්ථ වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ කටයුතු ආරම්භ කළ බව බණ්ඩාරවෙල පොලිසිය අද (21) පැවසීය .
බණ්ඩාරවෙල දුහුල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක 6වසරේ ඉගෙනුම ලබන බාලවයස්කාර පාසල් දැරියක මෙසේ වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන යාමට සූදානම් වී ඇතැයි පොලිසිය පපවසයි .
සිසුවිය පාසල නිමවී 19 වන දින තනිව පාසල් බස්රථයට යාමට සීවලි මාර්ගය ඔස්සේ පාගමනින් යමින් සිටියදී පාසලේ සිට මීටර් 500ක පමණ දුර ග්‍රේන්ජ් ස්ටෙප් පඩිපෙළ ආසන්නයේ දී සුදු පාට කේඩීඑච් වර්ගයේ වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබි ඇත.
කලුපාට ලේන්සුවකින් මුහුණ ආවරණය කරගෙන සිටි තරුණයකු වෑන් රථයෙන් බැස සිසුවිය අසලට පැමිණ අම්මා අසනීප වී රෝහලේ නතර කලා. ඔයාට මේ චොක්ලට් එක දීලා ඔයාව වෑන් එකේ එක්ක එන්න කීවා කියා ඔහු සිසුවියට පවසා ඇති බවත් පොලිසිය සදහන් කලේය .
අම්මා මල්ලි ඉගෙනුම ලබන පාසලට යන බව පෙරදින සිසුවියට මව පැවසු බව සිහිපත් වී ඇති බවත් , ඒ සමගම බියට පත්වූ සිසුවිය පඩිපෙළ ඔස්සේ දිවවිත් බණ්ඩාරවෙල නගරයේ හදුනන රන්භාණ්ඩ අලෙවි කරන සාප්පුවකට ගොස් බේරි ඇතැයි ද පොලිසිය කීය .
පසුව සිසුවිය මව සමඟ පැමිණ පොලිසියට පැමිණිලි කළ බවත් , එම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විශේෂ පොලිස් කංඩායම් යොදා පරීක්ෂණ කටයුතු සිදු කරන බවද උසස් පොලිස් නිළධාරියකු සදහන් කර සිටියේය.
විශේෂයෙන් පාසල් අසලදී මෙන්ම නගරයේ , මාර්ගවලදි පැමිණ විවිධ දේ පවසමින් කතා කරන නාදුනන පුද්ගලයන් සමඟ කතාවට නොයන ලෙසත් ඔවුන් කෑමට දෙන චොක්ලට් ,ටොපි බිස්කට් ,වැනි විවිධ ආහාර වර්ග නොකන ලෙසත් බීමට දෙන බීම වර්ග පානය නොකරන ලෙසත් පොලිසිය පාසල් සිසු සිසුවියන්ගෙන් ඉල්ලයි .
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තවත් සිසුවියක් පැහැරගෙන යන්න හදලා
දාස Sunday, 21 May 2023 01:03 PM
මේකත් අර පාසැල් ලමුන්ගෙ බෑග්වල අයිස් හෙවුවා මතකද , හැම ඉස්කෝලයක් ලගම. පත්තරවල , ටී වී වල දිගට හරහට. එක පාරටම අයිස් අනතරස්දාන වුනා . මෙකත් මුන් ගෙ ඇන්දීමක් , කලබල නැතිව බලා ඉදිමු
Aruna Manipura Sunday, 21 May 2023 01:14 PM
මොකක්ද මේ රට? ඊනියා නීතිය හා සාමය කොහෙද? වැඩකට නැති දූෂිත දේශපාලකයින් ආරක්ෂා කිරීම හැර පොලිසිය කරන්නේ කුමක්ද? මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි.
anton Sunday, 21 May 2023 01:57 PM
කලින් කිව්වේ එහෙම දෙවල් නෑ කියලා බොරු ම කියන රටක්
Thusit Monday, 22 May 2023 06:18 AM
මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භ...