(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නෙළුම් කුළුණට ගත් ණය ගෙවන්නට නම් දිනකට එම කුළුනෙන් ඩොලර් 41000 ක් හෙවත් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ඉපැයිය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
"තව්තිසාවේ" ඇත්ත තත්ත්වය මෙය බව කී චම්පික රණවක මහතා නෙළුම් කුළුණෙන් දිනකට රුපියල් මිලියන තුනක් සෙව්වා යැයි සතුටු විය නොහැකි බව ද සඳහන් කළේය.
නෙළුම් කුලුන ඉදිකිරීමට ඩොලර් මිලියන 104ක් වැය වී තිබෙන බව කී මන්ත්‍රීවරයා ඉඩමේ සිටි දුගී පැල්පත්වාසීන්ට ගෙවල් දෙන්න එක පවුලට මිලියන 4.5 ගානේ වැය වූ බව සඳහන් කළේය. කුළුණේ පොළිය,රක්ෂණ ගාස්තු සහ අනෙක් වියදම් එකතු කළ විට තවත් ඩොලර් මිලියන 56ක් ඊළඟ අවුරුදු පහේ දී ගෙවිය යුතු බවද චම්පික රණවක මහතා පැවසීය.
ආදායම් තියෙන රටක් නම් මෙවැනි දේ සඳහා වියදම් කළාට ප්‍රශ්නයක් නැති බව කී චම්පික රණවක මහතා බංකොලොත් රටකට මේවා ගැලපෙන වැඩ නොවේ යැයි ද කීය.
පිටතින් ලස්සනට පෙනෙන මෙවැනි ව්‍යාපෘති වල පසුපස මහා කරුම කතාවක් සැඟවී තිබෙන බවත් ශ්‍රී ලංකාවට උරුම වී ඇති බංකොලොත්භාවය ද එම කරුම කතාවේ සැඟවී ඇති බවත් සඳහන් කළේය.
අවසානයේ මේ හැම කරුමයකම බර දරන්නට සිදුවන්නේ රටේ දුප්පත් අහිංසක ජනතාවට බව ද පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් චම්පික රණවක මහතා සඳහන් කළේය.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’තව්තිසාවේ’’ ඇත්ත තතු පාඨලී හෙලි කරයි
අගුපිලගේ Sunday, 25 September 2022 10:44 AM
මිනිස්සුන්ට මහින්ද මහත්තයා ගත්තු ණයේ තරම තේරුම් ගන්න මහින්ද ණය මුදල් බේරීමේ අරමුදල කියලා ගිණුමක් ඇතිකර රටේ සියලු දෙනාගෙන්ම බදු මුදලක් අයකරන්න ඕන විශේෂයෙන් මහින්ද මහත්තයාට පිං දිදී තව්තිසාවට ගිය අයගෙන් අයකරන්නම ඕනෑ... රට මෙතරම් ප්‍රපාතයකට වැටීමට හේතු වුණු ණය ගැන හොඳ ටෙලි නාට්‍යයක් හදලා ජනතාව දැනුවත් කරන්න ඕනෑ.
abSunday, 25 September 2022 08:05 PM
නෙළුම් කුළුණ වසා තැබීමෙන් ඵලක් නොමැත. එම කුළුණ සෑදීමට පෙර වියදම පිළිබඳව කතාකළ යුතු වුවත් සියල්ල අවසන් වීමෙන් පසු ඒ පිළිබඳව කතා කිරීමෙන් ඵලක් නොමැත. නෙලුම් කුළුණ මෙන් තවත් දේශපාලකයින් මැදිහත්වීම් විසින් මුදල් ඉපැයීම වෙනුවෙන් ඉදිකරන ලද බොහෝ අනවශ්‍ය ව්‍යාපෘති රට තුළ තිබේ. නෙළුම් කුළුණ වසා තැබීමෙන් ඵලක් නොමැත. මුදල් උපයන ආයෝජනයක් බවට පත්කළ යුතුවේ.
podi mole Sunday, 25 September 2022 10:51 AM
එම මුදලින් ලංකාවේ මිනිස්සුන්ගේ රුපියල් වලින් උපයලා වැඩක් නැහැ. උපයන්න ඕනෑ ඩොලර් වලින්. මොකද මේකට ණය වුණේ ඩොලර් වලින්. නැතිනම් රට පිටරටට සදාකාලික ණයයි.
ganegoda Sunday, 25 September 2022 11:14 AM
ඔය කුළුණ හදන්න ගත්තු ණය මුදල්වලින් භාගයක් රාජපක්ෂලාගේ ගිණුම්වලට ගියා. ඉතුරු සුළු මුදලකින් තමයි ඔය නෙළුම් කුළුණ මවා පෑවේ. දැන් ඉතින් ටිකක් ඈතට වෙලා ඕක කඩාවැටෙන හැටි නරඹමු..
යෝගා Sunday, 25 September 2022 11:42 AM
ඔය ගාන හැදුවේ ගල්අඟුරු, කොමිස් පැනමා පේපර් ක්‍රමයට නෙමෙයි නේද?
fairoosSunday, 25 September 2022 01:57 PM
දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න.
podi mole Sunday, 25 September 2022 02:54 PM
ඔයාගේ වලිගෙ කැපුවේ පොඩිකාලෙමද?
Rata Perata Sunday, 25 September 2022 12:28 PM
මේ වගේ විනාශකාරී දේවල් ගැන කරුණු දක්වන කොටත් ඒකට විරුද්ධව කියන්න මෝඩ වහල්ලු ටිකක් තවම රටේ ඉන්නවා..
ඩේමියන් Sunday, 25 September 2022 07:03 PM
මේ අය දන්නේ නෑ.. නෙළුම් කුළුණට ගිය මුදල මේ රටේ දින 12ක ඉන්ධන ආනයන වියදමට සමාන බව... නිකන් මිනිසුන්ව රවට්ටලා රට ගිනි තියනවා...!
මසිරිපාලSunday, 25 September 2022 07:27 PM
දින දොළහක් නොවෙයි, ඇත්තටම අවුරුදු දොළහක ඉන්ධන වියදම කිව්වොත් ටිකක්වත් හරි කියන්න පුළුවන්...!
SUNIL MILANO Sunday, 25 September 2022 08:27 PM
ගල් අඟුරු මගඩිය..., මුහුදු වැලි මගඩිය කොහොමද? මේ මගඩියේ නම් දෙයක් පේන්න හරි තියෙනවා. කාට කියන්නද?
චතුරි Monday, 26 September 2022 12:59 AM
ඔය මුදල් හොයා ගන්න... පහසුම දේ රාජපක්ෂ පවුලේ සැමට නිර්වස්ත්‍රව නෙළුම් කුළුණේ හිටගෙන ඉන්න කියන්න. නොසිතූ ලෙස මුදල් දෝරේ ගලායයි..
W .V.A. Jayaweera Monday, 26 September 2022 10:46 AM
නිකම්ම ඉඳන් නිකම්ම ඉල්ලන් කන්න පුරුදු කරවපු අපේ මිනිස්සුන්ගේ දුප්පත්කම කවදාවත් නැති කරන්න බැහැ. ඔය දේශපාලුවන් ඒකට ඉඩ දෙන්නෙත් නැහැ...
jagath Monday, 26 September 2022 03:00 PM
මේවා තේරුම් කරගන්න අමාරු මානසික ලෙඩ්ඩු ඉන්නවා. ඔවුන්ට අනුව පාඨලී ගල් අඟුරු සොරකම් කර තිබේ. සාමාන්‍ය තර්ක බුද්ධිය තිබේනම් මේවා කෝප් එකේ හෝ ගල් අඟුරු හොරකම් සාකච්ඡා වී තිබිය යුතුයි...
Nathalie Monday, 26 September 2022 03:25 PM
අනුන්ගේ පොල් කෙන්ද බලන පාටලී, තමුන්ගේ පොල් පරාලේ නොපෙනේ... ගල් අඟුරු වලින් ගහපුවා අමතක වෙලා...