( සුමිත් පොතුපිටිය , උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ගයාන් සුරියආරච්චි)
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
රත්නපුර, කලවාන ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් වාහන එකලස් කර කූඨ ලේඛන සුඛෝපභෝගී වාහන අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම් දෙකක් වැටලීම කර වාහන කලවාන පොලිසියට ඉදිරිපත් කර තිබේ .
එම වාහන වල චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා වෙනස් කර ඇති බවත්, කූඨ ලේඛන සකසා ලියකියවිලි වෙනස් කට ඇති බවත් පොලිසිය කීය.
ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීමට ප්‍රශ්න කිරීමේදී ක්ලාන්ත ගතියෙන් බිම ඇදවැටී රත්නපුර රෝහලට ඇතුලත් ඇති බවද පොලිසිය සදහන් කරයි.
මෙසේ වාහන නීති විරෝධී අන්දමින් එකලස් කිරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බැවින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් සිදුකරන බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සදහන් කරයි.
ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවණ්‍ය ක්ෂේත්රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකර නියාමනය කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අම
’මන්නා පිහි’, ’කිනිසි’ අතැතිව රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයන් හතර දෙනකු එහි කළමනාකාරවරයා ගේ බෙල්ලට මන්නා පිහියක් තබ
කල්පිටිය කුරුඥම් පිටිය ආසන්නයේ පිහිටි සුළං කණුවක එක් තටුවක් කැඩී අසළ පිහිටි ගබඩාවක වහළය මතට කඩා වැටීමෙන් එම වහලයේ සෙවිලි තහඩු කිහිපයකට අලාභ හානී සිද
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
හිනිදුම පනංගල නවාතැන් පොලක ඉකුත්දා සිදුවු ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවලම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකු අද (03) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්
වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ තම ගෙවත්තේ නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු, සහ ඔහුගේ සොයුරෙකු, කැනීම් කිරීමට යොදාගත් උපකර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
de silva Monday, 03 February 2025 11:47 AM
මිනිස්සු ඔය කියන කුට ජාවාරම් වලට යොමු වෙන්නේ වාහන වලට අසාමාන්‍ය විදිහට බදු ගහන නිසාය ,අද ලංකාවේ වහනයක් ගන්න එක්කෝ හොරකම් කරන්න ඕනේ එහෙම නැතිනම් පිනට ලැබෙන්න ඕනේ , සාමාන්‍ය රක්ෂාවක් කරලා වාහන ගන්න එක බොරු
ගුණරත්න Monday, 03 February 2025 12:15 PM
ඔවු සාමාන්‍ය කාර් එකක් කෝටියක් විතර වෙනකොට රුපියල් 50,000 බේසික් එකක් ගන්න මනුස්සයෙක්ට වාහනයක් ගන්න එක හීනයක්, අඩුම ගානේ ඉන්දියන් මෝටර් සයිකල් එකක්වත් ගන්න අමාරුයි.
udaya Monday, 03 February 2025 01:10 PM
මේවා තව ඉස්සහරට දෙගුණ තෙගුණ වෙයි බජට්ම වාහනයකුත් කෝටියක් විතර වෙනකොට සාමාන්‍ය මිනිහෙක්ට ජොබ් එකක් කරලා ජීවිත කාලේදී වාහනයක් ගන්න බැහැ. ඉදිරියේදී ඉන්දියාවෙන් වාහන කොටස් බෝට්ටු වලින් ගෙනත් ලංකාවේ එකලස් කරලා දුවන්න ගන්න ඉඩ තියෙනවා. වාහන වල අධික මිලෙත් සීමාවක් තියෙන්න ඕනෑ...
Wahana hora Monday, 03 February 2025 01:25 PM
අන්තිම පින්තූරේ තියෙන සුපිරි වාහනේ තමයි වැඩිම වටින්නෙ.
යෝගා Monday, 03 February 2025 01:38 PM
පොලීසිය වාහන පස්සේ විතරක් එලවන්නේ පාතාලයයි කුඩු මුදලාලිලයි ඇමතිලගෙ සාක්කුවල නිසාද? මිනී මැරුම්, මත්ද්‍රව්‍ය වැහිවැහැලා. ෆේල් ආණ්ඩුව ඇස් කණ් පියාගෙන ඉන්නවා.