IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


තෙවැනි මාත්‍රාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

සිරුරේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට සහ 'සයිනෝෆාම්' සහ 'සිනෝවැක්' යන චීන එන්නත් ලබා ගත් අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට පමණක් මේ මොහොතේ තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එන්නතක්) ලබා දීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය මෙසේ ප්‍රකාශ කළේ එම සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාර්ගික උපදේශක කමිටුවේ නිර්දේශ අනුවය. මේ වනවිට, ඇමෙරිකාව, ඊශ්‍රායලය ආදී රටවල් බොහොමයක් එම රටවල සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුව, පළමු සහ දෙවැනි 'ෆයිසර්' එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයන්ට තෙවැනි 'ෆයිසර්' එන්නත් මාත්‍රාවක් එසේත් නැතිනම් බූස්ටර් එන්නතක් ලබා දීම සිදු කරයි.

කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, මේ මොහොතේ කළ යුත්තේ බූස්ටර් එන්නත් දීම නොව, නියමිත පරිදි පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලොව සෑම කෙනකුටම ලබා දීම බවය. තවමත් ඇතැම් රටවල වැසියන්ට ලැබී ඇත්තේ එක් මාත්‍රාවක් පමණක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
'සයිනෝෆාම්' සහ 'සිනෝවැක්' ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි චීනයේ නිෂ්පාදිත 'කොවිඩ් 19' වයිරසයට එරෙහි සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකකි.

එසේ වුවත්, 60 වැඩි වැඩිහිටියන්ට මෙම එන්නත් ලබා දීමෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබෙන බවත්, 'ඩෙල්ටා' වැනි විකෘති කොවිඩ් 19 වයිරස ඔවුන්ට ආසාදනය වුවහොත් එය ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීමට හේතු වන බවත් එම චීන එන්නත් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව, 'සයිනෝෆාම්' සහ 'සිනෝවැක්' එන්නත් ලබා ගත් 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ලෙස 'ෆයිසර්' සුදුසු බව ලෝක සෞඛය සංවිධානය පවසයි. ඊට අමතරව, අවුරුදු 15 ට වැඩි ප්‍රතිශක්තිය දුර්වල ඕනෑම කෙනකුට පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගෙන ඇති නම්, තෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' එන්නත ලබා දීම සුදුසු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

(රොයිටර්)



අදහස් (1)

තෙවැනි මාත්‍රාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 12 October 2021 07:32 PM

චීන එන්නත් හොඳ නම්, බූස්ටර් එන්නතට ෆයිසර් එන්නත ලබා දෙන්නට යැයි කියන්නේ ඇයි? එයින්ම පේන්නේ චීන එන්නත් වල සැබෑ තත්ත්වය නොවේද? මේ රටේ දේශපාලකයන් ෆයිසර් එන්නත ගෙනත් රටේ ජනතාවට විදිනවා වෙනුවට, කොමිස් මුදල් වලට කෑදර වී, චීන එන්නත් ගෙන ඒම නිසා රටේ ජනතාවගේ ජීවිත වලට අත්වූයේ අවදානමකි.

:       9       27

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 921 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 743 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 763 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5849 32

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2134 10

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 816 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 326 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 611 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site