IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තෙවන වරටත් ඉන්දියාව මෝදිට

(විමුක්ති එස් රුද්‍රිගු)

ලැබූ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත් ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇති බවත් එම සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

තෙවැනි වතාවටත් ඉන්දීය මහ මැතිවරණය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයග්‍රහණය කිරීමේ සතුට සමරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනතාව ඇමතූ අතර එහිදී ඔහු කියා සිටියේ මෙම ජයග්‍රහණය ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ විශාලතම ජයග්‍රහණයක් බවත්ය.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණය ජයග්‍රහණය කළත් පක්ෂයක් ලෙස 18 වැනි ලොක් සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකියාවක් ලැබී නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

2019 වසරේදී පැවැති මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය සියයට 37.36ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ආසන 303 ක් දිනා ගැනීමට සමත් වූවේය.එම ඡන්ද ප්‍රතිශතය 1989 වසරෙන් පසුව මහ මැතිවරණයකදී පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයද විය.

ලොක් සභාව තුළ ආසන 400 දිනා ගැනීමේ අරමුණින් ඡන්ද සටන ඇරඹුවත් ප්‍රකාශිත සහ අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල මත භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ආසන 300 ආසන්නයට පැමිණ සෑහීමකට පත්වීමට සිදුවිය.රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ "ඉන්දියා" සන්ධානය මෙවර මැතිවරණයේදී කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණියේය.

ඉන්දීය මහ මැතිවරණයේ ආසන 440 ක නිල ඡන්ද ප්‍රතිඵල ඊයේ(04) රාත්‍රිය වනවිට ප්‍රකාශයට පත්වී තිබූ අතර ඉන් භාරතීය ජනතා පක්ෂයට ආසන 209 ක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේය.ඉන්දීය කොංග්‍රස් පක්ෂය ආසන 80 ක් ජයග්‍රහණය කළ අතර සමාජවාදී පක්ෂය ආසන 33 ක් ජයග්‍රහණය කළේය. එසේම ත්‍රිනමුල් කොංග්‍රසය ආසන 22 ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙවර මහ මැතිවරණය අදියර 7 කින් පැවැති අතර ඒ සඳහා ඡන්දදායකයන් මිලියන 911.9ක් ලියාපදිංචිවී සිටියේය. අදියර 7 අවසානයේ මිලියන 644.08 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.63 ක් විය.

ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පසුගිය 1 වැනිදා අවසන් වූ අතර ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඊයේ(04) උදෑසන 8 ට ආරම්භ වූවේය.ආසන 543 කින් යුත් ලොක් සභාවේ බහුතර බලය හිමිකර ගැනීම සඳහා ආසන 272 ක් දිනාගත යුතුව තිබූ නමුත් තනි දේශපාලන පක්ෂයකට එම කඩඉම පසු කිරීමට මෙවර නොහැකි විය.

ඒ අනුව ප්‍රකාශිත සහ අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ලොක් සභාව තුළ ආසන 292 ක් ලබා ගනු ඇති බවත් රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ "ඉන්දියා" සන්ධානය ආසන 234 ක් ලබා ගනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පුරෝකථනය කළහ.එසේම භාරතීය ජනතා පක්ෂය තනිව ලොක් සභාව තුළ ආසන 240 ක් හිමිකර ගනු ඇතැයිද දේශපාලන විචාරකයෝ පුරෝකථනය කළහ.

ඊයේ(04) රාත්‍රී 10.30 වන විට තවත් ආසන 103 නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට ඉතිරිව තිබිණි.

----------------------------------------------

මෝදිට බහුතරය තියෙනවා

---------------------

ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ බහුතර බලය යළිත් වරක් හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ මේ වනවිට සමත් වී සිටී.

ඉන්දීය මහ මැතිවරණය පැවැත් වූයේ ලොක් සභාවේ ආසන 543 සඤහා නියෝජිතයන් තෝරා ගැනීමටය.

බහුතරය සඳහා ආසන 272 ක් දිනාගත යුතුව තිබුණු අතර, මෝදි සහ ඔහුගේ පක්ෂය අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ආසන 297 ක් දිනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොග්‍රස් පක්ෂය’ අයත් ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය දිනා ගෙන ඇත්තේ ආසන 213 කි.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මෝදිගේ මෙවර ඉලක්කය වූයේ පාර්ලිමේන්තුවේ ආසන 400 සීමාව පසු කිරීමටය. එම ඉලක්කය කරා යෑම මෝදි සහ ඔහුගේ පක්ෂයට ගැටලුවක් වී තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (11)

තෙවන වරටත් ඉන්දියාව මෝදිට

BITTER TRUTH Tuesday, 04 June 2024 10:52 AM

පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලෑන . ජනතාව අවදානයෙන් .

:       192       55

BITTER TRUTH Tuesday, 04 June 2024 10:53 AM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න .තවද පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .

:       153       41

kamal koyrala Tuesday, 04 June 2024 03:50 PM

නියමයි ජය වේවා .උතුරේ ජනාධිපතිවරණය වර්ජනය කරනවලු එකත් රටත් එකක්ම මොදිට තමා

:       97       33

Rohana Tuesday, 04 June 2024 03:50 PM

ආසන 400 කෙසේවෙතත් මෝදි නූලෙන් බේරිලා තියෙනවා.බලය අධිතක්සේරුකිරීම නොකළ යුතුයි.

:       3       104

Chandra muna Tuesday, 04 June 2024 04:33 PM

නමුත් Modi ගෙ BJP පක්ෂයට තනිව බහුතර ය නොමැත

:       0       10

DM Tuesday, 04 June 2024 04:39 PM

මොදිගේ මේ ධුර කාලයේදී ලංකාව තවත් ඉන්දියාවේ පාලනයට යටත් වෙනවා. රැකියා නැති ඉන්දියානුවන් තොග පිටින් ලංකාවට පටවනවා. අපි ඉවරෙටම ඉවරයි. අපේ මෝඩ ජනතාවට මේක තේරෙන්නේ නැහැ.

:       4       11

Marikkar Tuesday, 04 June 2024 06:00 PM

මෝදි ගෙදර යනවා නොඅනුමානයි. භාරතීය ජනතා පක්ෂයෙන් නව අගමැතිවරයෙක් බිහිවනු ඇත. කෙසේ වෙතත් එල්ලෙන බලය බෙදීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයාගේ ධූර කාලය ස්ථාවර නොවනු ඇත.

:       3       6

Kasun Wednesday, 05 June 2024 05:40 AM

එහෙ 3% කට්ටිය නැතිව ඇති .මතකනේ 2015 කියපුවා .අවුරුදු 5 කින් රට දියුණු කරන්නේ නැතිව තව 5 කින් කොහොම කරන්නද කියලා අපිට කිව්වේ .අපිත් අහු උනා බොරු වලට

:       6       7

nimal Wednesday, 05 June 2024 09:51 AM

මොදිගේ සාර්ථකත්වයේ සහ ජයග්‍රහණයේ රහස නම් හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවූ මන් මොහාන් සිං අගමැතිවරයා දැමු පදනම් වෙනසක් නොකර ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයාමට කටයුතු කිරීම වේ

:       1       11

Nimal Wednesday, 05 June 2024 11:30 AM

මෙතැන පණ්ඩිත කතා කිව්වට වැඩක් නෑ. ඉන්දියාව කියන්නේ මොන අතින් ගත්තත් අපිට වඩා ඉතා විශාල ගුණයකින් ලොකු රටක්. ඉන්දියාවත් එක්ක ගහගන්න අපිට කොහොමවත් බෑ. කරන්න තියෙන්නේ අවුස්සගන්නේ නැතිව, අපිට පාඩුවක් නොවෙන්න, අපේ වැඩ කරගන්න එක...

:       2       5

sene Wednesday, 05 June 2024 04:34 PM

නූලෙන් බේරුණා. තමන්ගේ අදි ධනපති යහළුවන් වෙනුවෙන් බිම් මට්ටමේ ජනතාව අමතක කළ මොහුට වුණු දේ අපේ අයටත් වෙනවා නියතයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිවයින පුරාම සවස් කාලයේ තද වැසි
2024 සැප්තැම්බර් මස 28 38 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 1332 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 429 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 5088 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1693 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 805 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37816 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24922 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 740 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site