IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


තෙවරක් විදුලි බිල නැංවුවාට කරුණු විමසන්න යයි

(රංජන් කස්තුරි)

මේ වසර තුළ පමණක් විදුලි ගාස්තු තෙවතාවක් ඉහළ නැංවීම නිසා මෙරට ආර්ථික අර්බුදය තීව්‍ර වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පැමිණ කරුණු ඉදිරිපත් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් සහ එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හෙට (7) උදේ 10ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයිද එම කාරක සභාවේ ලේකම් වරයා දැනුම් දී ඇත.

මේ වසරේ අවසන්වරට විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ නැංවූ අතර ඉකුත් ඔක්තෝබර් මස 20 වැනි දින සිට නව ගාස්තු ක්‍රියාත්මක කෙරිණි.

මීට මාස කිහිපයකට ඉහත දී ද විදුලි ගාස්තු 35% කින් සහ 68% කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත් අතර ඊට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරය හිමිව තිබිණ.



අදහස් (7)

තෙවරක් විදුලි බිල නැංවුවාට කරුණු විමසන්න යයි

රංබොඩ Wednesday, 06 December 2023 11:26 AM

වැඩිය ඔවා හොයන්න එපා. ලොක්කා කට්ටියම ගෙදර යවයි.

:       1       43

අරවින්ද මොනරවිල Wednesday, 06 December 2023 12:29 PM

තවත් එක ටෙලි ඩ්‍රාමා එකක් ඇරඹෙන්න යන වගයි.

:       0       44

fairoos Wednesday, 06 December 2023 12:36 PM

මෙවරත් පොහොට්ටුවන්ටම ඡන්දය දෙමු...

:       1       25

Rata Perata Wednesday, 06 December 2023 12:56 PM

අපේ සල්ලි කන තව සංදර්ශනයක්. හිටපු සභාපති වැඩි කරන්න අවසර දුන්නේ නෑ කියලා ගෙදර යැව්වා. දැන් ඉන්න මිනිස්සු වැඩිකරන්න අවසර දුන්නා කියලා ප්‍රශ්න අහනවා. පේනවා නේද මේක කිසිම පාලනයක් නැති ඔහේ පාවෙන ආණ්ඩුවක් කියලා. රනිල් කියන්නේ අදක්ෂ දුර්වල මනුස්සයෙක් කියන එක ගැන අලුතෙන් හිතන්න දෙයක් නෑ...!

:       5       39

Rohana Wednesday, 06 December 2023 02:32 PM

විදුලිබිල වැඩිකළා මදිවට වැඩිකිරීමට වගකිව යුතු කට්ටියම වැඩිකළේ ඇයි කියලා එයාලගේම කොමිටියට කැඳවලා ප්‍රශ්න කිරීමේ නොහොත් ජනතාව ගොනාට ඇන්දවීමේ වැඩපිළිවෙලයි මේක...

:       0       21

PATTA hora Wednesday, 06 December 2023 03:01 PM

වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ.. යකෝ මේ අය දැන්නේ ඇහැරිලා තියෙන්නේ...

:       0       18

පිටරැටියා Wednesday, 06 December 2023 03:39 PM

ජනතාව අපහසුතාවට පත්කරන දූෂිත දේශපාලුවෝ ඉන්න රටක්... අපි ඔය දැක්කාමයි...!

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 139 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2412 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 710 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 235 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 576 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 984 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site