(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ලංකාදීපයට පැවසීය.
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයක් මත තමන් මෙම සාකච්ඡා සඳහා එක් වුවත් පක්ෂයට සම්බන්ධ පිරිස් එම සාකච්ඡාවලට විරෝධය පළකරමින් සිදුකරන ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් අත්තනායක මහතා සඳහන් කළේය.
ඉදිරි මැතිවරණ සඳහා ඒක්ව තරඟ කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන මෙම සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පැවැත්විණ.
එහිදි සමගි ජනබලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුලු පිරිසක් සාකච්ඡා සඳහා එක්ව සිටියහ.
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තිස්ස පැත්තකට වෙයි
ගමේ එකාලා. Sunday, 16 February 2025 05:46 PM
යූඇන්පීයේ ඉඳලා පැනලා ගිහින් මහින්දගේ සාටකේ එල්ලුණා. අන්තිමට ස.ජ.බ.ට එකතු වෙලා මාළිමාවට විරුද්ධව පට්ටපල් බොරු, බේගල් සමාජගත කෙරුවා. දැන් කරකියා ගන්න දෙයක් නැතුව පස්ස බිම ඇනගෙන ඉන්නේ...
Kamal Koyrala Sunday, 16 February 2025 06:29 PM
එක ලේකම් කෙනෙක් ඇති UNP හිටපු ලේකම් අනවශ්‍යයි. කෙසේ වෙතත් මේ කතාවලින් වෙන්නේ අමතන්න තියෙන ටෙල්ෆෝන් එක නැතිවන එක තමයි.
Not Sunday, 16 February 2025 08:19 PM
මේ කාටකාටත් වෙන්නේ කොහොමත් පැත්තට වේලා ඉන්න තමයි ඉස්සරහට. මොකද අනුර දිසානායක ජනාධිපති කරගෙන යන වැඩ පිළිවෙල අනුව සොරි තමයි...
පිටරටවැසියා Sunday, 16 February 2025 08:28 PM
රටේ ජනතාව බිත්තියටම හෙත්තුකරලා ඇණ ගහපු කට්ටියට තව පැත්තකට වෙන්න කියලා ඉඩක් නෑ.
Saththaya Sunday, 16 February 2025 09:42 PM
කොහොමත් උගතුන් දන්නවා , දුෂිතය, මස් රාත්තලම ඉල්ලන බව . මොලේ කළදක් නැතිවුනාට , ඕන කරන්නේ රටේ මහදැනමුත්තා වෙන්න , හැමදාම කෙබර දොඩවමින් මාන බලන්නේ ඒකට.
GAG Abewardhana Monday, 17 February 2025 03:23 AM
හැමදාම ගියපු පැත්ත පරාජයට පත්කරන මේ මිනිහත් හිරුකුමාරිත් මරික්කාර් කයිවාරුකාරයත් අහංකාරයෙන් අනුන්ට ගරු නොකරන නමින් පමණක් අමතා කතාකරන මාන්නයෙන් හිස උදුම්මාගත් රවියත් සිටින පැතිවලට කිසිදාක ජයක් ලැබෙන්නේ නැහැ ඒක මාලිමාවට අවුරුදු 76 ක් පාලන ජයකට හේතුවක්ම වෙනවා
Perera Monday, 17 February 2025 08:05 AM
තලතාගේ කපුකම් ලත් තැනම ලොප් වෙනවා . රනිල් සහ සජිත් අතර කිසිදාක සහයෝගිතා, සබඳතා වෙන්නේ නැහැ.
Rasi Monday, 17 February 2025 08:18 AM
මන් හැමදාම කියනවා වගේ, මෙයා ඉන්න පැත්ත දිනන් නැහැ, ඇයිද කියල අහන්න එපා, දිනන් නැහැ. එච්චරයි. තව එකක් සජිත් ඉන්න පැත්ත දිනන්නෙත් නැහැ.
fairoos Monday, 17 February 2025 06:05 PM
ඔය පක්ෂ දෙක විතරක් නෙවෙයි... පොහොට්ටුවේ අයවත් එකතු කළොත් වැඩක් වෙන්නේ නැහැ. තව අවුරුදු 10ක් රට අනුරට...