IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යාව නවතයි

(විනීතා එම් ගමගේ)

චීන සමාගමක්  සිදු කළ තිස්ස වැවේ පස් හා මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී ඉදිකර ඇතැයි සැළකෙන තිස්ස වැවේ කවර ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකළත් ඒ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අවසරයක් තොරව බර යන්ත්‍ර යොදාගෙන චීන සමාගමක්  වැව හෑරීමේ කටයුතු සිදුකර ගෙන ගොස් ඇති බවත් මනතුංග මහතා කියයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගන්නා තුරු එම ව්‍යාපෘතිය නතර කරන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් මහත්මිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව ඉකුත් 25 දා එම කටයුතු නවත්වා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනතුරුත් එකී කටයුතු සඳහා අවසර ඉල්ලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලිපියක් එවා නැතැයි ද ඔහු සඳහන් කළේය.

පැරණී මාගම නගරය මෙම වැව ඉස්මත්තේ පිහිටා ඇති අතර එහි පැවැති බොහෝ පුරා වස්තූන් සේදී ගොස් වැව් පතුලේ ඇතැයි විශ්වාස විශවාස කරන බව පුරාවිද්‍යාව පිළීබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියයි.

එහි මීට පෙර කරනලද කැණීම්වල දී ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමුවූ බවත් වැවෙහි මඩ ඉවත් කිරීම අනිවාර්යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරික්ෂණවලින් පසු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

 



අදහස් (9)

තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යාව නවතයි

de silva Sunday, 27 June 2021 07:18 AM

දැන් නිධානය හාරගෙන ඉවර ඇති.. එම නිසා නාටකයේ අවසන් ජවනිකාවේ වීරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරළියට පැමිණේ... අපි මෝඩයින් නොවේ. රාජපක්ෂලා අතගහපු වැඩක් පුරාවිද්‍යා එක එකපාරටම නතර කරන කොට විශාල සැකයක් ඇතිවෙනවා.

:       0       22

මුණසිංහ Sunday, 27 June 2021 07:57 AM

වැව හෑරීම කළ යුතුයි. නමුත් එය දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නිසි ආකාරයට පුරා විද්‍යා නිලධාරින්ගේ අධීක්ෂණයට ද යටත්ව සිදුවීමට ඉඩහැරිය යුතුවේ...

:       1       14

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 27 June 2021 08:03 AM

වසන්තා අලහකෝන් මහත්මිය ඇතුළු මේ සත්ක්‍රියාව සඳහා දායක වූ සැමට රට ජාතියේ ප්‍රණාමය...!!! කෝ මේ රට කරවන ඇත්තන් කෑ මොර දෙන තරමට වැඩ කිඩ නැහැනේ... කිසිදු පුරාවිද්‍යා අවසරයක් නොමැතිව මෙරට සිදුවෙන දේ දිහා බලන්න නිසි වගකීමක් දරන්නන් නැති රටක තමයි අප මේ ජීවත් වෙන්නේ. ජනතාව සියලු අන්ධ දේශපාලන ගැතිකම්වලින් මිදී යථාර්තය දැකීමයි රටේ සිදුවිය යුතුව තිබෙන්නේ. අපේ පැරණි මුතුන් මිත්තන් වැව්, දාගැබ් ආදිය ඉදිකිරීමේදී ඒවායේ රන්, රිදී, මුතු, මැණික් අඩංගු මංජුසා ආදිය තැන්පත් කළ බව ජනවහරේ සඳහන් වෙනවා. ඒ නිසා තමයි, මෙවැනි වැඩ සඳහා පුරාවිද්‍යා අවසරයක් ගත යුත්තේ. අවසරයක් නොගෙන මෙසේ මේ දේ කරන්නට ඇත්තේ නිධන් වස්තු තිබුණොත්, ඒවාටත් වැඩේ දෙන්නට හිතන් වෙන්නට ඇති.

:       1       41

C.K.Lankaputhra Sunday, 27 June 2021 10:08 AM

නීතිය නොදන්නා, දැන ගැනීමට වුවමනාවක් නැති, දැනගෙනත් ඊට ගරු නොකරන, තමන් නීතියට ඉහළින් සිටී යයි සිතන මැති ඇමැතිවරුන් සිටින රටක් හරියටම කරන්නේ කොහොමද?

:       26       155

ජයන්ත මිලානො Sunday, 27 June 2021 10:41 AM

හා හා හොරේ දැනුණා... දැනුණා... මඩ අයින් කරේ මොකෝ කියලා...

:       13       144

කමල් Sunday, 27 June 2021 10:59 AM

මෙවැනි දෙයක් කරන්න චීන සමාගමකට දෙන්න ඇත්තේ ඇයි?

:       7       75

sachith Sunday, 27 June 2021 11:47 AM

ඊගාව සතියේ ඉවත් කිරීමට නියමිත අවංක නිලධාරිතුමෙක්...

:       16       110

neil Sunday, 27 June 2021 11:56 AM

දැන් නිධන් ටික ගොඩ දාලා ඉවර ඇති...

:       5       45

Sri Lanka Sunday, 27 June 2021 12:15 PM

හොඳ වැඩක් කරන්න ගියත් මොකක් හරි බාල්දියක් පෙරළෙනවා...

:       241       32

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 628 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 302 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 266 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1074 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1426 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1611 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site