(ඩයනා උදයංගනී)
හම්බන්තොට, තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතික පිරිසක් යොදවා තිබීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පූර්ණ පරීක්ෂණයක් සිදුකළ බවත්, එය එම චීන ජාතිකයින් නියෝජනය කරන ආයතනයේ නිල ඇඳුමක් බව එහිදී හෙළි වූ බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ආරක්ෂක සේවා සපයන ආයතනවලත් ලියාපදිංචි නිල ඇඳුම් ඇතැයි කී ඇමතිවරයා මෙය එවැනි ආකාරයේ ආයතනකට අයත් සාමාන්‍ය ඇඳුමක් බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි සඳහන් කළේය.
එබැවින් එවැනි ඇඳුමක් ඇඳීමේ වරදක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදා බුද්ධි අංශය දන්වා තිබෙන බව ඇමතිවරයා පැවසීය.
ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මෙම කාර්යයේදී පුරාවිද්‍යා පනත් උල්ලංඝනය වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව ද රඹුක්වැල්ල මහතා පැවසීය.
වැව ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වන්නේ චීන ආරක්ෂක අංශ නිලධාරීන්දැයි මෙහිදී මාධ්‍යවේදියකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා පැවසුවේ තමා දන්නා තරමින් ඔවුන් චීන ආරක්ෂක අංශවලට සම්බන්ධ අය නොවන බවත්, ගරාජ්වලත් එවැනි නිල ඇඳුම් ඇති බවත්ය.
මින්නේරිය හබරණ කැලයේ අලි පැටවුන් සොරකමක් සිදුවන බවට ඇති තොරතුර සම්බන්ධයෙන් ද විධිමත් පරීක්ෂණයක් සිදුවන බව කී ඇමතිවරයා එහි සත්‍ය අසත්‍යතාව ඉදිරියේදී දැනගත හැකිවනු ඇතැයි ද සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘තිස්ස වැව ප්‍රතිසංස්කරණය කරන චීන ජාතිකයින්ගේ ඇඳුම්වල අවුලක් නෑ‘‘
Nuwan Tuesday, 29 June 2021 04:14 PM
මේ මිනිස්සු දකිද්දි අප්‍රසන්න වගේම කතාකරනකොටත් අප්‍රසන්නයි..!!!
නන්නාදුනන හාදයා Tuesday, 29 June 2021 04:15 PM
කෙසේවෙතත් හෙට අනිද්දා වෙනකොට චීන විරෝධී රැල්ලක් රට තුළින් මතුවෙලා මේ රටේ සිටින චීන්නුන්ට ගසා පන්නන තත්වයක් උදාවෙනවා. ඒක වළක්වන්න කිසිම ජගතෙකුට බැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ශ්‍රී ලාංකිකයින් එකතුවෙලා චීන්නුන්ට පහර දෙනවා.
supunWednesday, 30 June 2021 04:04 AM
අපිත් එනවා චීන්නුන්ට ගහලා පන්නන්න. අවුරුදු 3 කට විතර උඩදී දකුණේ හයිවේ එකක් හදපු චීන්නු අපේ මාමලාගේ ගෙදර උන්න ටාසන් කියන බල්ලාව අල්ලාගෙන යද්දී ගමේ කොල්ලෝ දැකලා චීන්නුන්ට ගහලා ටාසන්ව බේරා ගත්තා. කොල්ලෝ පරක්කු වුණා නම් එදා ටාසන් චීන්නුන්ගේ ඇතිලියේ. මොවුන්ව වහාම අපේ රටෙන් පැන්නිය යුතුයි. චීන අකුරු වලින් ලියා ඇති බෝඩ් ගල් ගසා කුඩුකළ යුතුයි.
krishantha gamage Tuesday, 29 June 2021 04:21 PM
චීන්නුන්ගේ ඇඳුම විතරක් නෙමෙයි, ඔවුන්ගේ මොනම වරදක්වත් නැහැ තමයි. සිංහලයන්ගෙයි වරද තියෙන්නේ. උන්ට මේ දූපත සින්නක්කරව ලියලා දීපු නිසා. ඇත්ත තමයි කතාව.. මසුරන් වටිනවා.
siri Tuesday, 29 June 2021 04:29 PM
අපට හොඳට තේරෙනවා. ඒ ගොල්ලෝ ඇඳුම් මොකුත් නැතුව හැරුවා නම් තමයි වැරැද්ද... අපේ උරුමයක් වන මහා වැවක් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හාරන එකේ කිසි ගැටළුවක් නෑ නේද මහත්තයෝ..?
upulTuesday, 29 June 2021 05:26 PM
හාමුගේ මඩ බලකාය හෝ ගාලා ඩිස්ලයික් දානවා.. පව්..!!!
karuTuesday, 29 June 2021 08:14 PM
හාමුගේ මඩ බලකාය නොවෙයි " මොංගල් බයියන්ගේ බලකාය " කියලා නිවැරදි කරන්න.
pradeepa Tuesday, 29 June 2021 04:45 PM
එහෙනම් ඒක හැමදාම අඳින්න කියන්න. මොකද ඒ ඇඳුම එකපාරටම ගැලෙව්වේ? කෙහෙළිය ඔබගේ මෝඩ තර්ක දෙන්න ඔබලාට ඡන්දෙ දීපු 69 ලක්ෂයට විතරක්...
chathura Tuesday, 29 June 2021 04:46 PM
කවුරු වුණත් නිධන් හාරනවා කියලා තමයි අපිට පේන්නේ.. කටුගෙදර කන්ගැට්ටත් මතක් වුණා.
Ruhunu Tuesday, 29 June 2021 04:48 PM
ඒ කියන්නේ ඔබතුමා ඒ රෙදි ටිකත් හේදුවද?
akalanka Tuesday, 29 June 2021 04:52 PM
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...!!! මාර වැඩේ ලංකාවට වුණේ..
BamunuarachchiTuesday, 29 June 2021 07:52 PM
ඇයි අසිරිමත් ජාතියට මොකද වුනේ? ඔයගොල්ලෝ බලාගෙන ඉන්නේ ටයි කෝට් දාපු මිනිස්සු වැව් හාරන හැටි බලන්නද? එහෙම කට්ටිය කාර්යාලවල ඉඳන් වැඩේ අවුරුදු ගණනක් කරන්න හින්ද නිසා තමයි චීන්නු ලවා වැඩේ ඉක්මණට කෙටිකාලයකින් කරගන්නේ. ඔය වැඩේ අපේ මිනිසුන් ලවා කර ගන්න ගියොත් කොච්චර කාලයක් යාවිද? පාරක් හදන්න කොච්චර කල් යනවාද? පාරේ වැඩ නවත්තලා කොච්චර කල් තිබෙනවාද? ඔය උපකරණ අපිට තිබෙනවද? මෝඩ කතා කියන්න එපා හලෝ.
Sri Lanka Tuesday, 29 June 2021 04:59 PM
හොඳ දෙයක් කරන්න ගියත් මොකක් හරි බාල්දියක් පෙරළනවා. ඔය කඩාකප්පල් කාරයින්ව ගෙනැල්ලා දඬුවම් කරන්න.
NuwanTuesday, 29 June 2021 05:41 PM
මොකක්ද හලෝ හොඳ දේ?
BamunuarachchiTuesday, 29 June 2021 07:42 PM
හොඳ දේ තමයි වැව සුද්ද කිරිල්ල... මොකක්ද ඇඳුමේ තිබෙන නරක..? අපේ ගොයියන්ගේ අමුඩේ අප්‍රසන්න නැද්ද? ඇඳුමේ ප්‍රශ්නයක් නැහැ.. වැඩේ කෙරෙනවා නම්. අපේ මිනිසුන්ට වැඩේ කරන්නත් බැහැ.. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. අමුඩේ ගහගෙන වැඩ කරන එක හොඳයි. හමුදාවට සමාන ඇඳුමක් දාගෙන වැඩ කරන්න බැහැ. පිස්සු කරන්නේ නැතුව ඉන්න හලෝ..
BamunuarachchiTuesday, 29 June 2021 07:34 PM
කවුරුත් නොවෙයි ජෙප්පෝ...
Dhammika Tuesday, 29 June 2021 05:02 PM
ඔය ගොල්ලන්ට නම් චීන්නුන්ගේ ඕන රෙද්දක් අවුලක් නෑනේ නේද?
BamunuarachchiTuesday, 29 June 2021 07:47 PM
අපිට කාගේවත් රෙදි අවුල් නැහැ මොකද ඒවා අස්සේ රිංගන්න යන්නේ නැති නිසා. ඔයගොල්ලෝ රිංගන්නේ නැතුව ඉන්නකෝ.... ඔයගොල්ලෝ ඉන්නේ ටයි කෝට් දාපු මිනිස්සු වැව් හාරන හැටි බලන්නද? එහෙම කට්ටිය කාර්යාලවල ඉඳන් වැඩේ අවුරුදු ගණනක් කරන හින්ද නිසා තමයි චීන්නු ලවා වැඩේ ඉක්මණට කෙටිකාලයකින් කරගන්නේ.
DM Tuesday, 29 June 2021 05:07 PM
මේ වැව ප්‍රතිසංස්කරණය කරන්න ලංකාවේ අපිට බැරිද? වැව හැදුවේ අපේ මුතුන් මිත්තන්, ඒ හදපු වැව ප්‍රතිසංස්කරණය කරගන්නවත් අපිට බැහැ. මොන ලජ්ජා නැති වැඩක්ද?
kapTuesday, 29 June 2021 06:22 PM
පායන කාලේ වැව හාරගන්න බැරි, වල් වැදිලා තියෙන වැව් පිරිසිදු කරලා වතුර පිරෙන ප්‍රමානේ වැඩිකර ගන්න බැරි, වතුර බැස යන අගල්, දොලවල් හදා ගන්න බැරි, වාන් දොරටු හදා ගන්න බැරි, නිලධාරි පිරිසක් සහ ඒ දේටම කම්මැලි වෙලා ඉන්න ගොවි කොට්ඨාශයක් ඉන්න රටක්.. මතකද රතු සහෝදරයින් වැව් හාරලා වැව් 1000 ක් හදනවා කියලා උදම් අනපු විදිහ.. කාණුවක්වත් හැදුවේ නෑ...
Dilshan Tuesday, 29 June 2021 05:22 PM
ඇඳුම්වල අවුලක් නැහැ. හොඳට මහලා තියෙනවා.
Rata Perata Tuesday, 29 June 2021 11:02 PM
රාජපක්ෂලාගේ වැඩක් නම් මේ වගේ කාලකණ්නින්ට ඇඳුම් නැති වුණත් ප්‍රශ්නයක් නෑ.
මෝ Tuesday, 29 June 2021 11:10 PM
ගහ කොළ මහපොළව, ගංගා සේරම උලාකාපු රාජපක්ෂලා සහ ඇම්බැට්ටයින් දැන් වැව් ටිකත් පුරාවස්තු ටිකත් හූරගෙන කන්න යනවා. අපේ මුතුන් මිත්තන් නිර්මාණය කරපු මේ මහා වාරිකර්මාන්ත සහ වැව් පිරිසිදු කරන්න චීන්නු ගෙන්නන්න තරම් නිහීන ජාතියක් කළ හැටි. මේ නම් පුරාවස්තු හෝ වටිනා ඛනිජ සොයන උප්පරවැට්ටියක්. ඒ ඇඳුම හමුදා ඇඳුමක් නෙවෙයි කියමින් ජනතාව රවටන මජර දේශපාලුවන්ට ඉන්දියාව සත්‍ය සොයාගෙන ළඟදීම හෙලිකරාවි. ඊ ළඟට ඉන්දියානු හමුදා ඇඳුමුත් දකින්න ලැබේවි...
kawindu Wednesday, 30 June 2021 03:27 AM
ඒ කාලේ තමයි ඇඳුම්වල අවුල් හෙව්වේ.. දැන් අවුලක් නෑ.. කවුරු කොහොම ඇන්දත් දැන් කමක් නෑ..
rangi Wednesday, 30 June 2021 04:05 AM
මේ ඇඳුම දැන් රටේ මිනිස්සු අඳින්නයි තියෙන්නේ.. මේ මිනිස්සු එජාපයේ ඉන්නකොටත් ඔය වගේ දැන් මේ පැත්තට ඇවිත් ජනතාවට විහිළු සපයනවා.
Kamal perera Wednesday, 30 June 2021 08:51 AM
මොනවා කලත් අවුලක් නැති බව අපි දන්නවා.