(යොහාන් භාසුර)
අපනයනය තහනම් කර ඇති හක්බෙල්ලන් 21000 කට අධික තොගයක් ඉන්දියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.
පුත්තලම ප්‍රදේශයේ සමාගමක් මෙම හක් බෙල්ලන් තොගය බහාලුමක් තුළ සුක්ෂම ලෙස සඟවා අපනයනය කිරීමට සූදානම් කර තිබූ බවත් බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
ඒ අනුව දින දෙකක් තුළ කර පරීක්ෂාවේදී අපනයනය තහනම් කර ඇති හක් බෙල්ලන් 21,480 ක තොගයක් සොයා ගැනීමට හැකි වූ බවත් හක්බෙල්ලන් 33680 ක් තුළ මෙම තහනම් කළ හක්බෙල්ලන් තොගය සඟවා තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ටර්බිනේල්ලා පයිරම් (Turbinella Pyrum) විශේෂයට අයත් වන හක් බෙල්ලන් 20,000 ක් ඉන්දියාවට අපනයනය කරන බවට මෙම අපනයනකරු රේගු ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබුණු බවත් ඒ සඳහා අපනයනකරු ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වලංගු අපනයන බලපත්‍රයක් ද රේගුවට ඉදිරිපත් කර තිබූ බවත් රේගුව පවසයි.
හක් බෙල්ලන් 33,680 තුළ අපනයනය තහනම් කර තිබෙන විෂ්කම්භය මිලිමීටර 70 ට වඩා අඩු හක් බෙල්ලන් 21,480 ක් සඟවා තිබූ බවත් රේගුව කියයි.
වර්ෂ 2003 අංක 1298/1 දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව පනවා ඇති හක් බෙල්ලන් පිළිබඳ ධීවර කළමනාකරණ සහ අපනයන නියෝග වලට අනුව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද අපනයන බලපත්‍රයක අධිකාරිය යටතේ හැර කිසියම් තැනැත්තෙකුට ශ්‍රී ලංකාවෙන් හක් බෙල්ලන් අපනයනය කළ නොහැක.
එම නියෝගය අනුව විෂ්කම්භය මිලි මීටර 70 ට වඩා අඩු හක් බෙල්ලන් කිසිම තැනැත්තෙකු සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම තහනම් කර තිබේ.
ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය මෙම හක් බෙල්ලන් තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
තහනම් හක්බෙල්ලන් රේගුවේ හිරවේ