(විමුක්ති එස් රුද්‍රිගු)
සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව ලෝක උරුමයක් වන පොළොන්නරුවේ ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ඊයේ (17) ආරම්භ කළේය.
සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදලේ ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 109,000 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 310 ක් පමණ) ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් මෙම ප්‍රදානය අනාගත පරම්පරාව සඳහා ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සුරැකීමට එක්සත් ජනපදයේ කැපවීම පිළිබිඹු කරන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය අරඹයි
සමන් පෙරමුන Saturday, 18 January 2025 04:36 PM
හිනිදුම සුනිල් සෙනෙවි සම්මාන මහාචාර්යද දැන් තාම "මහාචාර්ය" කෑල්ල තියාගෙන ඉන්නේ? නීතිය නම් හැමෝටම නීතිය එකක් වෙන්න එපායැ. ආචාර්ය උපාධියක් තියෙනවා නම්, සම්මාන මහාචාර්යත් නෙවෙයි නම්, සරසවියෙනුත් අස්වෙලා ඉන්නවා නම් "ආචාර්ය" මිසක් එයා "මහාචාර්ය" නොවෙයි...
Senewirathna Saturday, 18 January 2025 06:02 PM
කියනකොට එහෙමට වුණත් සමන් මට ඔබ වෙනු සමා කරනකොට මෙහෙමමයි. එය වළකන්න බැහැ... මැරුවත් මෙමා...!
SanathSaturday, 18 January 2025 06:59 PM
GL පීරිස් තවම මහාචාර්ය කියලා පාවිච්චි කරනවා. සුනිල් සෙනෙවිගේ මහාචාර් ය පට්ටමට තමා ඉරිසියාව...
Chathura Saturday, 18 January 2025 08:11 PM
G.L පීරිස් කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සියලු සියලු සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු කොළඹ විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ අනුමැතිය ලත් සේවා සම්මත මහාචාර්ය වරයෙක්... සුනිල් සෙනෙවි එහෙම සුදුසුකම් සම්පූර්ණ කරලත් නෑ... විශ්වවිද්‍යාල පාලක සභාවෙන් අනුමැතිය අරගෙනත් නෑ.. එයා මහාචාර්ය වෙන්න බෑ...
bbv Saturday, 18 January 2025 06:11 PM
ආචාර්ය මහාචාර්යය මනුස්සයාට ආචාර්ය පට්ටමක්වත් තියෙනවනේ. එයා අර බොරු ආචාර වෙච්චි පස්සේ අකුලා ගත්තු හිටපු කතානායකවරයා වගේ නෙවෙයිනේ, දැන් එයා දැනුවත්ව වංචාවක් කෙරුවේ මොනවද ඒකට කෙරුවේ...? ජනතාවගෙන් සමාව අයැදුවද, එයා ආචාර්ය උගතා කියලා හිතලා මනාප ගහලා මනාප තරගෙන් පරදවපු පළවෙනියාගෙන් එයා සමාව ගත්තාද? මොකක්ද සදාචාරය, අච්චර ලොකු ඒවා තියෙද්දී මෙයාට මොකට බනිනවාද?
අතුල කීර්ති Sunday, 19 January 2025 12:33 AM
ජේ වී පී LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව ලන්කාවම අනාගමික කියමින් බුද්ධාගම විතරක් නැති කරලා ඇමරිකන් තානාපතිත් සතුටු කරලා ලන්කාවේ බෞද්ධ පන්සල් ඇතුලු ඔක්කෝම බෞද්ධ දේවල් මේ වගේ නටබුන් ලෙසට නම් කරාවි.. මේ කරන්නේ කාඩිනල් පත්කරපු කතෝලික බුද්ධ ශාසන ඇමති බෝන් අගේන් ජූලී චූන්ට වාර්තා කරන එක... සුද්දන්ට නැමෙන අනාගමිකයෝ.
ප්‍රියල් සමරසින්හ Sunday, 19 January 2025 12:39 AM
අපේ බදු සල්ලි පාවිච්චි කරලා මොකද? මේ මෙච්චර නිලධාරින් තොගයක් සහ ඇමැති මේ බෝන් අගේන් පල්ලියේ ලන්කාවෙන් බුද්ධාගම නැති කරන්න කටයුතු කරන තානාපති කෙනෙකුට මෙච්චර වාර්තා කරන්නේ. අපි ඇමරිකාවේ කොලනියක්ද?
Prasanna Silva Sunday, 19 January 2025 12:48 AM
රුපියල් ලක්ශ තුන්සිය ගානක්. සොච්චමක් දීලා ලැජ්ජා නැතිව මේ මාධ්‍ය සංදර්ශන දැමීමට අපේ මුළු රොත්තක්ම එකතු වෙලා...
janabala silindar Sunday, 19 January 2025 08:56 AM
ජාතික සමගිය නැතිවෙන්න පුළුවන්... ඕවා කරන්න එපා...