(හර්ෂණ තුෂාර සිල්වා)
වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි බසින් රචිත ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතියේ සිංහල අනුවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (6) එළිදැක්විණි.
ශ්‍රී ලංකාවේ වාෂ්ප දුම්රිය ඉතිහාසය අලළා ඉංග්‍රීසි බසින් රචිත ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතිය සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා විසිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් යන මහත්වරු මෙහිදි අදහස් දැක්වූ අතර රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් සහ සාහිත්‍යවේදී බුද්ධාස ගලප්පත්ති යන මහත්වරු ආරාධිත දෙසුම් පැවැත්වූහ.
ජාතික දුම්රිය කෞතුකාගාරයේ ප්‍රකාශනයක් ලෙස එළිදක්වන ලද මෙම කෘතියේ කතෘ අයිතිය සහ ප්‍රකාශන අයිතිය ඇතුළු සියලු අයිතීන් ජාතික දුම්රිය කෞතුකාගාරයට ලබාදෙන බවත් ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ සිංහල අනුවාදය අලෙවියෙන් ලැබෙන මුදල් ජාතික දුම්රිය කෞතුකාගාරයේ සුබසිද්ධිය උදෙසා වෙන් කරන බව ද එම කෘතියේ කතුවරයා උත්සව සභාව අමතමින් සඳහන් කළේය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පාර්ලිමේන්තු නිමල් සිරිපාල ද සිල්වා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු චතුරිකා සිරිසේන මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප චතුර එස්. කොඩිකාර
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල
විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘ද වයිස්රෝයි ස්පෙෂල්’ සිංහල අනුවාදය එළිදකී
Nandasiri Tennakoon Wednesday, 06 March 2019 10:29 PM
සුබපැතුම් භාරත පුතේ. අපිට ලොකු ආඩම්බරයක්!