(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 639 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ඊයේ (19) දිනය තුල පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිත රෝගින් 54ක් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොරානා ආසාදිත රෝගින් 52ක් මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් රෝගින් එක බැගින් වාර්තා වී ඇති බවද ඒ මහතා පවසයි. ඊයේ (19) දින ගාල්ල මහනගරසභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 08 දෙනෙකු, ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 40 දෙනෙකු, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින්02නෙකු බලපිටිය හා අක්මිමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රොගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද චාමර මහගමගේ මහතා පවසයි.
වැලිගම හා තංගල්ල යන සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ටාශවලින් රෝගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 392දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 199ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 48 දෙනෙකු වාර්තා වී ඇත.
රෝගින් 258 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බව පවසන චාමර මහගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගින් 167 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් 68 දෙනෙකු හා හමබන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 23 සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බවද හෙතෙම පවසයි.මේ වන විට දකුණු පළාතේ පවුල් 1541කට අයත් පුද්ගලයින් 2816 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණේ ආසාදිතයන් ගණන 600 පනී