IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දකුණු ආසියාවේ විශාලම වකුගඩු රෝහල හෙට ජනතා අයිතියට

(රංජන් කස්තුරි සහ ඩබ්ලිව්.ඒ.පියතිලක)

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු  රෝහල හෙවත් ‘‘ජාතික වෘක්ෂවේද විශේෂිත රෝහල‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) ජනතා අයිතියට පත් කරන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා කියයි

2015 වසරේදී චීන සංචාරය කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිටිසේන මහතා  කළ ඉල්ලීමකට අනුව චීන රජය එම පරිත්‍යාගය කර තිබිණි.

(රංජන් කස්තුරි සහ ඩබ්.ඒ. පියතිලක)

රුපියල් කෝටි 1200 ක වියදමින් ඉදිකර ඇති මෙම රෝහලෙහි ඇඳන් 200කින් හා රුධිර කාන්දුකරන ඇඳන් 100ක් අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.

නවීන තාක්ෂණයෙන් යුත් බාහිර හා නේවාසික ප්‍රතිකාර ඒකක සහිතව ඉදිකෙරෙන මෙම රෝහලේ කාර්ය මණ්ඩලයට අංග සම්පූර්ණ නේවාසික පහසුකම්වලින් යුක්තය.



අදහස් (25)

දකුණු ආසියාවේ විශාලම වකුගඩු රෝහල හෙට ජනතා අයිතියට

Namal perera Thursday, 10 June 2021 07:58 PM

හිටන්ගේ තවත් හොඳ වැඩක්..!!!

:       0       0

damith Thursday, 10 June 2021 08:01 PM

ඒ කියන්නේ දකුණු ආසියාවේ වැඩිම වකුගඩු රෝගීන් ඉන්නේ ලංකාවේද?

:       0       46

chandima Thursday, 10 June 2021 08:12 PM

එහෙනම් ඉතින් හෙට ඉඳන් ජනතාවගේ නියෝජිතයෝ කියන කට්ටිය ඒකේ පාලනය අතට ගනියි රෝහල ජනතාවට අයිති නිසා...

:       0       1

siri Thursday, 10 June 2021 08:12 PM

ගිය ආණ්ඩුවේ වැඩක්. අඩුගණනේ නමවත් කියයිද දන්නේ නෑ. මේ ගොල්ලෝ නෙලුම් කුළුණු හදනකොට ඒ ගොල්ලෝ රෝහල් හැදුවා.

:       0       51

Pol Thursday, 10 June 2021 08:13 PM

ආණ්ඩුව කොහොම හරි ජනතාවට ඕනේ දේවල් හැදුවා මේ අයගේ ආණ්ඩුව හදන්නේ ඒ අයට ඕනෑ දේවල් මින් හැදුවා වගේ ඕපන් කරයි...

:       0       1

sugath Thursday, 10 June 2021 10:58 PM

චීන රජය මෙවැනි පරිත්‍යාග කරනකොට චීනය හොඳයි. අනිත් වෙලාවට චීනය නරකයි.

:       4       15

sarath Thursday, 10 June 2021 11:26 PM

කවුරු මොනවා කිව්වත් මේකත් මෛත්‍රිපාලගේ වැඩක්...!!!

:       0       112

සි.එම්.රත්නායක - අනුරාධපුරය. Friday, 11 June 2021 01:31 AM

අපේ රජරට ගොවි පුත්‍රයා " මෛත්‍රීපාල සිරිසේන " ජනාධිපතිතුමාට කෝටි ප්‍රකෝටි වාරයක් පින් සිදුවෙන්න ඕනෑ මේ කළ සත් ක්‍රියාවට. බුදුන් දැක නිවන් දකින්නම ඇති ඔබතුමා කළ මේ මහා පිංකම...

:       0       41

abaran Friday, 11 June 2021 04:42 AM

වැඩේ හොඳයි... ඒත් මම හිතන්නේ ගරාජ් හදන්න සල්ලි වියදම් කරනවාට වඩා වාහන ලෙඩ නැතිව දුවන්න ක්‍රමයක් තිබුණා නම් නේද වටින්නේ..?

:       0       69

Jayaweera Friday, 11 June 2021 05:52 AM

ලංකාවේ හඳුනා නොගත් වකුගඩු රෝගය ගැන සහ එහි බරපතලකම ගැන ලංකාවේ මිනිස්සු ගොඩක් දෙනා දන්නේ නෑ. අවුරුද්දකට රෝගීන් 40,000ක් පමණ අලුතින් හඳුනාගන්න මේ රෝගයෙන් වසරකට 4000-6000ත් අතර ප්‍රමාණයක් මිය යනවා. මේකට ප්‍රධානම හේතුව රසායනික පොහොර, වල්නාශක සහ කෘමි නාශක වල අධි සාන්ද්‍රණ වලින් තිබුණු ආසනික් සහ කැඩ්මියම් වැනි බැර ලෝහ බව කැලණිය, ජයවර්ධනපුර සහ කොළඹ විශ්වවිද්‍යාල වල රසායන විද්‍යා පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා. ඒක නිසා රසායනික පොහොර වගේම, වල් නාශක, කෘමි නාශක පාලනයත් සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම කාබනික පොහොර ගෙන්නනවා නම් සෑම ආනයනයකම බැරලෝහ පරීක්ෂාවක් කරන්න ඕනේ. බැර ලෝහ පසට එකතු වුණොත් ඒ තත්ත්වය සමනය වෙන්න වසර ලක්ෂ ගාණක් යනවා.

:       21       8

Asanga Friday, 11 June 2021 06:57 AM

කෝටි ගණන් අපරාදේ... මීට වඩා හොඳයි පාලකයින්, නාලධාරින් එකතු වෙලා මිනිස්සු ලෙඩ්ඩු කරන්නේ නැතිව හිටියා නම්... මේ සාපයෙන් නම් ගොඩ එන්න බැහැ.

:       5       10

janahitha Friday, 11 June 2021 09:45 AM

කිසිම පාලනයකින් තොරව පොහොර පොල්තෙල් සහ ආහාර ද්‍රව්‍ය ගෙන්වීමෙන් කොමිස් ගන්න අයත් ඉන්නවා

:       2       48

janahitha Friday, 11 June 2021 09:45 AM

දැන් විස පොල් තෙල් ගෙන්වන්න පුලුවන්

:       3       27

thilak Friday, 11 June 2021 10:57 AM

ඒ කියන්නේ දකුණු ආසියාවේ වැඩිම වකුගඩු රෝගීන් ඉන්නේ මේ රටේ... රටක රෝහල් අඩුකරන වදිහටයි, රටවල් වැඩකළ යුත්තේ. මිනිස්සු නිරෝගිමත් කරලා සෞභාග්‍යමත් රටක් හදන්නයි අවශ්‍ය වන්නේ...

:       0       41

Anji.Friday, 11 June 2021 11:58 AM

කෝටි ගණන් අරන් ගොඩනැගිලි හදනවට වඩා පිරිසිදු ජලය ලබා දීමට කටයුතු කළ යුතුයි. රෝගීන් බිහි නොවීමට සුදුසු දේ කළ යුතුයි.

:       0       5

විශ්ව Friday, 11 June 2021 12:58 PM

ඒක ඇත්ත. ඒත් ඉල්ලන්නේම රසායනික පොහොරනේ...

:       2       4

kamal Friday, 11 June 2021 11:13 AM

අන්න හරි මොනදේ කළත් අඩුම ගාන දකුණු ආසියාවේවත් ලොකුම එක වෙන්න ඕනේ. දහ අතේ ණයවෙලා හරි, අටෙන් භාගයක්ම ලියලා දුන්නත් කමක් නැහැ. අපිට ඕනේ වාර්තා බිඳීම තමයි...

:       7       39

Bempi Friday, 11 June 2021 11:48 AM

අඩුගානේ හිටපු ජනපතිට මේකට ආරාධනා කළොත් පුදුමයි. ආණ්ඩුවත් අන්තිමටම වැටිලා...

:       0       11

nihal Friday, 11 June 2021 12:02 PM

මේක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව නෙවෙයි මහජනයාගේ ජීවිතයට තියෙන අවදානම. වස චුට්ට චුට්ට කවකවා උසම ඒවා, දිගම ඒවා, ලොකුම ඒවා හද හද ඉන්න තමයි තියෙන්නේ... රටේ මිනිස්සුන්ට එන්නත් ගේන්න සතයක් වියදම් කරන්න ලෝබයි. හැබැයි සැප වාහන ගන්න ඒවාට උඩින්ම....

:       0       30

Mewan Friday, 11 June 2021 12:22 PM

වෘක්ක වේද නේද?

:       0       6

nalin Friday, 11 June 2021 03:05 PM

ගරු හිටපු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මැතිතුමනි. ඔබ රටට අවශ්‍ය දේවල් රටට ලබාදුන්නා. නිකරුනේ බොරු වැඩ කරලා මුදල් අපතේ ඇරියේ නෑ. එව්වට හොඳ උදාහරණ තමයි ඔය පේන්න තියෙන්නේ. ඔබගේ පාලන කාලයේ කරපු ගොඩක් දේවල්වල ප්‍රතිඵල අපි අද අත් විඳිනවා. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ඔබ කටයුතු කළානම් ලංකාවේ හිටිය හොඳම ජනාධිපති ඔබ වන්නට තිබුණා. එතරම් වැඩ ප්‍රමාණයක් ඔබ කළා.

:       1       79

Dunuwila Saturday, 12 June 2021 01:59 PM

පින්තූර දැක්කාම "විලිලැජ්ජා නැතිකම ඇමතිකමටත් වැඩිය ලොකුයි" කියලා කියන්න හිතුණා. මොකද මන්දා...?

:       0       0

ganegoda Saturday, 12 June 2021 02:33 PM

තවත් චීන උතුම් ක්‍රියාවක්.. ඒත් දැන් මේ වගකීම් පැවරිලා තියෙන්නේ අපේ අයටයි... වකුගඩු ජාවාරම් කරුවන්ගේ පැමිණීම වළක්වා ගන්න හැකි වුණොත් ලොකුදෙයක්...

:       0       26

fairoos Sunday, 13 June 2021 01:55 PM

අන්න අපේ සර්ගේ වැඩ...!!!

:       0       2

එච්.ඒ.සී.එම්. නිශ්ශංක Saturday, 24 July 2021 02:50 PM

එ කියන්නේ ලංකාවේ තමයි විශාලම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් ඉන්නේ කියන එක නේද...? රෝහල් හැදෙන්නේ ඒකට වෙනම එ් රෝගය බරපතල ආකාරයෙන් පැතිරී ඇති බව කියන්න නේද...? රෝහල හදපු එක හොඳයි රෝගීන්ට සහනයක් ගන්න පුලුවන්... නමුත් රෝගී තත්වයට වැටෙන්නැති වෙන්න එය පාලනය කර ගන්න විසඳුමක් රජයෙන් අරන් නැහැ කියලා එයාලගේ දුර්වලතාව තමයි පෙන්නුම් කරන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 314 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 23 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1382 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 83 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1641 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35265 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24060 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site