IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දකුණු ඉන්දීය සහ මෙරට වැදි ජනතාව අතර නෑදෑකම් තහවුරු වේ

(ගයාන් සූරියආරච්චි)

ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්‍රි 5 ක් අතර ජානමය සමානකම් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.

ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සන්තාල්, ජුවාං යන ගෝත්‍රිකයන් සහ කර්නාටක, කේරළ සහ තමිල්නාඩුවේ දක්නට ලැබෙන ඉරුල, පනියා සහ පල්ලර් යන ද්‍රවිඩ ගෝත්‍රික ජනතාව අතර දැඩි ජානමය සමානකම් පවතින බව විද්‍යාඥයෝ පවසති.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛවරසායන, අණුක ජෛවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයෙහි ආචාර්ය රුවන්දි රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පර්යේෂණයට සම්මානිත මහාචාර්ය කමනී තෙන්නකෝන්, මහාචාර්ය ගාමිණී අධිකාරි, අංජලා වැලිකල සහ අමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මෙම පර්යේෂණ සිදුකළහ.

ශ්‍රී ලංකාවේ ජීවත්වන වැදි ජනතාවගෙන් තෝරාගත් නිරෝගී පුද්ගලයන් 37 දෙනකුගෙන් ලබා ගත් රුධිර සාම්පල්වලින් නිස්සාරණය කරගත් ප්‍රවේණි කොටස් ඉන්දියාවේ ගෝත්‍රික ජනතාවගේ ප්‍රවේණි කොටස් සමග සංසදනය කිරීමෙන් අනතුරුව වැදි ජනතාව සහ දකුණු ඉන්දියානු ගෝත්‍රිකයන් අතර ජානමය සමානකම් පවතින බව පර්යේෂණ කණ්ඩායමට තහවුරුවී තිබේ.

පර්යේෂණ කණ්ඩායම අධ්‍යයන කළ මෙම පර්යේෂණය මයිටොකොන්ඩියන් විද්‍යාත්මක සඟරාවේ පළකර ඇති අතර ශ්‍රී ලංකාවේ සිංහල හෝ දෙමළ ජනගහනයට වඩා වැදි ජනතාව සියවස් ගණනාවක් පුරා මෙම ගෝත්‍ර පහ සමග ජානමය සමානකම් පැවැත තිබූ බව පර්යේෂණයෙන් අනාවරණයවී තිබේ.

මීට වසර 2 කට පමණ පෙර සිට මෙම පර්යේෂණය විද්‍යාඥයන් සිදුකරමින් පැවැති අතර මීට පෙර සිදුකළ අධ්‍යයනකදී ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල යන ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර සමජීතීය බැඳීමක් පවතින බවද පර්යේෂණ කණ්ඩායම තහවුරු කළේය.



අදහස් (9)

දකුණු ඉන්දීය සහ මෙරට වැදි ජනතාව අතර නෑදෑකම් තහවුරු වේ

ABS Module Monday, 22 April 2024 04:17 PM

කොහොමත් ලංකාවේ අය ඉන්දියාවේ ගිහින් ජනවාස පිහිටෙව්වා. ඉතිං ලංකාවේ ලේ ඇති ඔවුන්ගේ...!

:       9       45

sumanasiriTuesday, 23 April 2024 08:58 AM

ලංකාව සහ ඉන්දියාව අතීතයේදී භූමිය වශයෙන් වශයෙන් වෙනස් වී තිබී නැහැ ධනුෂ්කොඩි හා තලෙයි මන්නාරම එකට හා වී තිබිල තිබෙන්නේ ලෝකයේ සිදුවන භූ විෂම තාවන්ට අනුව ලංකාව අදටත් ඉන්දියානු සමීපයෙන් මුහුද දෙසට තල්ලු වෙමින් පවතින බව පවසනවා,තොන්ඩමන් ඇතුළු වතුකරයේ සිටින ද්‍රවිඩ ජනතාව බ්‍රිතාන්‍යන් විසින් ලකට රැගෙනවිත් තිබෙන්නේ දනකටත් වඩා අඩු ගැඹුර කින් යුතු මුහුදින් දනුශ්කොඩි සිට තලෙයි මන්නාරම දක්වා, දැනටත් සාමාන්‍ය නාවික යාත්‍රාවක් ඔය හරහා ගමන් නොකළ හැකි තරමට ගැඹුර අඩුයි

:       0       0

චන්දන Monday, 22 April 2024 04:59 PM

ඉතාමත් හොඳ විද්‍යාත්මක පර්‍යේෂණයක්. ඉන්දියාව සහ ලංකාව අතර පවතින සම සම්බන්ධතාව තවදුරටත් මින් තහවුරු වෙනවා.

:       35       13

ආදිවාසියාTuesday, 23 April 2024 08:57 AM

මේක මේ රටේ සිංහලුන්ට ඉස්සෙල්ලා දෙමල්ලු හිටියා කියලා ඔප්පු කරන්න හදන උප්පරවැට්ටියක්. මේවට අහුවෙන මෝඩයොත් ඉන්න බව ඉහත කොමෙන්ටු වලින් පේනවා. සිංහල්ලුන්ගෙ ජාන පරීක්ෂා කෙරුවත් පේනවා දකුණු ඉන්දියානු සම්භන්දයක්. තව ටික කාලෙකින් මේ වාර්තා පෙන්නලා කියයි මේක සිංහළුන්ට අයිති රටක් නෙමෙයි කියලා. මේවා පිළිබඳ පර්යේෂණ කරන අය යැපෙන්නේ දෙමළ ඩයස්පෝරාව වැනි සංවිධාන වලින්.

:       3       2

SamanThursday, 25 April 2024 07:21 PM

ඒක ඇත්ත... ඒත් ගොඩක් අය දන්නේ නෑ ද්‍රවිඩයින් කියන්නේ දකුණු ඉන්දියාවේ මුල් පදිංචි කාරයෝ නෙවෙයි කියලා...

:       2       0

Amila Lankahewa Monday, 22 April 2024 07:06 PM

ප්‍රභාකරන් කියපු දේ හරි...!

:       0       4

සෙනෙවිරත්න Tuesday, 23 April 2024 12:36 PM

අප්‍රිකාවෙන් බිහිවුන මානවකයා ආසියාවටත්, යුරෝපයටත්, යුරෝපයෙන් පෙරදිගටත් සංක්‍රමණය විය. පසුව විවිධ ජනවර්ගවලට ශිෂ්ඨාචාරය සමග බෙදුණද මොවුන් පැවැත එන්නේ එකම තැනකිනි. මෙම පරීක්ෂණයෙන් නිගමනය වන්නේ ආසන්නතම කාලයට සම්බන්ධතාවයන්ය.

:       0       1

saman Tuesday, 23 April 2024 03:40 PM

මේක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවේ.ඉන්දියානු උප මහද්වීපයේ ජනතාව ප්‍රධාන ජන වර්ග තුනක සංකලනයක්. පළමු කාන්ඩය වැද්දන් වැනි දඩයම් කාණ්ඩය.දෙවන කොටස ඉරානීය ගොවීන් (ද්‍රවිඩයන්).තුන්වන කොටස මධ්‍යම ආසියානු ගොපල්ලන් (ආර්යයන්).අප සියලු දෙනා අඩු වැඩි වශයෙන් මේ තුනේ සංකලනයක්.

:       0       1

පිටරටවැසියා Wednesday, 24 April 2024 11:17 PM

මේ ඔක්කොම ජාන "ආදම් සහ ඒව" ට සමානකමක් නැද්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1510 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1618 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1241 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1902 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 574 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site